මටත් වතුකරයේ ජනතාවටත් ජනාධිපති ගෝටාභය විශ්වාසයි..- රාධක‍්‍රිෂ්නන්

February 4, 2020 at 4:40 pm | lanka C news
මටත් වතුකරයේ ජනතාවටත් ජනාධිපති ගෝටාභය විශ්වාසයි..- රාධක‍්‍රිෂ්නන්

නුවරඑලිය ප්‍රදේශයේ මහ කන්නයේ එලවළු වගා කරන එලවළු ගොවින්ට රසායනික පොහොර ලබා ගැනිමට නොහැකි නිසා තම වගාවන් සිදු කර ගැනිමට නොහැකිව සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් පවසයි.

රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා ඒ බැව් පැවසුවේ (03) දින හැටන් නගරයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමිණි.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රි වරයා කියා සිටියේ තමන් දේශපාලනයට පිවිසියේ ගොවියෙකු වශයෙන් කටයුතු කරමින් සිටින විට බවත් ,තවදුරටත් ගොවියෙකු වශයෙන්ද කටයුතු කරන නිසා නුවරඑලිය ප්‍රදේශයේ ජනතාව මහ කන්නයේ අර්තාපල් වගාව ඇතුළු තවත් වගාවන් ගණනාවක් සිදු කරන බවත්, එම වගාවන් සිදු කිරිමට රාසායනික පොහොර නොමිලේ හෝ මිල දි ගැනිමට නොහැකි වි ඇති බවයි රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටින්නේ.

නුවරඑලිය නගරයේ හෝ දිවයිනේ කිසිදු ප්‍රදේශයක වගා පොහොර මිල දි ගැනිමට නොහැකි වි ඇති නිසා රජය වහාම ක්‍රියාත්මක වි මුදලට හෝ රසායනික් පොහොර ලබා දිමට කටයුතු කරන ලෙසත් එසේ නොකරන්නේ නම් ඵලදායිතාවය අඩු වි දේශිය වෙලදපොලේ ඉල්ලුමට සරිලන එලවළු සැපයුමක් ලබා දිමට ගොවින්ට නොහැකි විමෙන් දේශිය වෙලදපොලේ එලවළු මිල තවදුරටත් ඉහල යා හැකි බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි වතුකරයේ ජනතාවට තමන් සේවය කර ඇති නිසා මහ මැතිවරණයට මුහුණ දිමට තමන් සුදානම් බවත්, වතුකරයේ ජනතාව මුලා කර කිසිදු අයෙකුට වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගැනිමට නොහැකි බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා මාධ්‍යය හමුවේදි කියා සිටියේ.

දමිල ප්‍රගිතිශිලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණ එක්ව තරග කිරිමට නම් සජිත් ප්‍රේමදාස මහතාත් , රනිල් වික්‍රමසිංහ මහතාත් එක්ව කටයුතු කල යුතු බවත් එසේ එක් වි කටයුතු නොකරන්නේ නම්  ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂයට අවාසිසහගත වන බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

ඉදිරියේදි පැවැත්විමට නියමිත මහ මැතිවරණයේදි වතුකරයේ ජනතාවගේ ජන්දය ලබා ගෙන පා.ම පිවිසිමට කිසියම් පිරිසක් මේ දින වල උත්සහ දරන බවත්, එවැනි අයට වතුකරයේ ජනතාවගේ ජන්දය නොලැබෙන බවයි රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටින්නේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්විමක් මත වතුකම්කරුවෙකුට  දිනකට රු දහසක වැටුපක් ලබා දිමට  වතු සමාගම් සමග පවත්වන සාකච්ඡා කඩිනම් කර එම වැටුප මුලික වැටුපක් ලෙස ලබා දිමට ජනාධිපතිවරයා කටයුතු කල යුතු බවත්, එම වැටුප වතුකරයේ ජනතාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබාදෙන බවට තමන් තුල සහ වතුකරයේ ජනතාව තුල විශ්වාසයක් ඇති බවයි නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා කියා සිටියේ .

– හැටන් රංජිත් රාජපක්ෂ

111 views

5 Comments to “මටත් වතුකරයේ ජනතාවටත් ජනාධිපති ගෝටාභය විශ්වාසයි..- රාධක‍්‍රිෂ්නන්”

  1. Gamaya says:

    People in tea estate will vort for pohottuwa.no one can stop that.not evan you.

  2. kawinda says:

    meyaata witharak newei. mulu ratatama Gotabhaya Janapathi wishwaasai. namuth ratatama meyaawa nan vishwaasa nehe. kapanna beri atha simbinnai me hadanne.

  3. Estate Tamil says:

    Shameless idiot, another Thondaman in the making. For money and positions they will sell their own daughters. If he cannot stand for the Tamils why should he be voted into the Parliament at the next election. IDIOT of the highest order.

  4. Bitter Truth says:

    හප්පේ මෙයා කපන්න බැරි අත බදාගෙන ඉඹින්නේ 😆

  5. vidura says:

    ජනතාව වෙනුවෙන් පෙනී සිටින නියෝජිතයකු ලෙස හැකිනම් රසායනික පොහොර සහ කෘෂිරසායන අවම කර කාබනික සහ දේශීය ක්‍රම යොදාගෙන වගා කිරීමට පොලබවන්න.
    එය දෙමල වතුකරයේ ජනතාවගේ වස විස ගොවිතැන නිසා ඇතිවන රෝගාබාධ අවම කරගන්නට සේම නීරෝගී ජනතාවක් උදෙසා උදව් වේවි. කෘෂිරසායනික සදහා යන අධික වියදමත් අඩු කරගන්න පුළුවන් වේවි.
    එහෙත් මෙය කිරීම ලේසි නැත. ප්‍රථම කන්නයේ ප්‍රතිපල අඩුවීම, නව දැනුම ලබාදියයුතු වීම වගේ දේවල් වලට මුලින් මුහුණ දෙන්න වේවි. ඊටත් වඩා කෘෂිරසායනික ආනයනය කරන සමාගම් සහ බහුජාතික නිෂ්පාදන සමාගම් මේවා නවත්වා දමන්නට ගොවීන් රවටාගෙන කරන්න පුළුවන් හැම දේම කරාවි.

Main News