මට අද හරිම සතුටු දවසක්..

July 7, 2022 at 4:40 pm | lanka C news
මට අද හරිම සතුටු දවසක්..

මෙවර යල කන්නයේ වගා කරන ලද කුඹුරු ඉඩම් ප්‍රමාණය මේ වනවිට හෙක්ටයාර් පන් ලක්ෂ පන්දහස ඉක්මවා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීහු අද (07) දින අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දෙනු ලැබීය.

අද (07) දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී පොහොර බෙදා හැරීම සම්බන්ධව සාකච්ඡා කරනු ලැබීය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා යල කන්නයේදී මෙන්ම මීළඟ මහ කන්නයේදීත් ගොවීන් වෙත යූරියා පොහොර ලබා දීම සඳහා රජය විසින් ගෙන ඇති වැඩපිළිවෙල පැහැදිලි කළේය. ශ්‍රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමට නම් කෘෂිකර්මාන්තයේ සාර්ථකත්වය අතිශයින්ම වැදගත් වන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙවර යල කන්නයේ ජූනි මස පළමු සතියේදී වගා කර තිබූ කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් දෙලක්ෂ තිස් අටදහසක් විය. නමුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉලක්ක ගත කර තිබුණේ හෙක්ටයාර් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් පමණ ප්‍රමාණයකි. නමුත් රටේ ජනතාවට ආහාර හිඟයක් ඇති වේ යැයි යන අභියෝගය පිළිගනිමින් ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව කුඹුරුවල වී වගාව සඳහා යොමු විය.

“මට අද හරි සතුටු දවසක්. අපි ඉලක්ක කළ කුඹුරු ප්‍රමාණයට වඩා දෙගුණයක් කුඹුරු වගා කිරීමට ගොවි ජනතාව කැපවී සිටිනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන් අද උදේ මට වාර්තාවක් ලබා දුන්නා. ඒ අනුව අද දිනය වනවිට ශ්‍රී ලංකාව පුරා කුඹුරු හෙක්ටයාර් පන්ලක්ෂ පන්දහසක් යල කන්නයේ ගොවි ජනතාව වගා කර තිබෙනවා. ඒක ඉතාම සතුටුදායක ආරංචියක්.” යැයි අමාත්‍යවරයා පැවසීය.

– මාධ්‍ය ඒකකය

67,236 views

17 Comments to “මට අද හරිම සතුටු දවසක්..”

  1. දෙයියා says:

    අපිට නම් සතුටු වෙන දවස උබේ පුකට පයින් ගහලා ඵලවපු දවසට. මුස්පේන්තුවා..

  2. ගහමූද මචං අඩියක් පස්සේ බඩූවක්..... says:

    ගහමූද මචං අඩියක් පස්සේ බඩූවක්…..ෂන්තෝෂෙට. .. මගේ ගානේ. ගොන් මී හරකෙක්.වස්සෙක්..නාම්බෙක්…පූස්සෙක්.

  3. George says:

    Urea alone does not help increase the yield. P and K components are also required to be applied in correct proportion at the correct time.

  4. Gamarala says:

    නව රජයෙන් උබලා ගෙදර.

  5. ඇයි වළාමේ දෙවන ගෑණිත් ඩ්‍රයිවර්ට අරන් ගිහිල්ල වගේ සතූටක් දැනිලා වගේ. says:

    ඇයි වළාමේ දෙවන ගෑණිත් ඩ්‍රයිවර්ට අරන් ගිහිල්ල වගේ සතූටක් දැනිලා වගේ.

  6. සිරිපාලය ඇන ගත්ත නිසා ඉහල පේන්න පටන් අරන්. says:

    සිරිපාලය ඇන ගත්ත නිසා ඉහල පේන්න පටන් අරන්. අම්මට හූඩු ෂතූට.

  7. APerera says:

    අැමතියංව සතුටු කරන්න සමහර නිලධාරීන් කියන බොරු විශ්වාස කරන්න කරං මෝඩ අැමතියො ඉස්සරත් හිටියා. දැනුත් ඉන්නවා.

    එ්කනිසා මෝඩ අැමතියෝ, මෝඩ චූන් නැතිව බලහං කතාව අැත්තද කියලා.

Main News