මට අස්වෙන්න කියු අය දැන් රවීටත් අස්වෙන්න කියනු.. ඔහොම චෝදනා මට ආවා නම් මං අස්‌වෙලා..- රන්ජන්

July 26, 2017 at 10:00 am | lanka C news
මට අස්වෙන්න කියු අය දැන් රවීටත් අස්වෙන්න කියනු.. ඔහොම චෝදනා මට ආවා නම් මං අස්‌වෙලා..- රන්ජන්

ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වූ චෝදනාව තමාට එල්ල වුණා නම් ඇමැති ධුරයෙන් වහාම ඉල්ලා අස්‌වන බව නියෝජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා පැවැසීය.

යහපාලන ආණ්‌ඩුවේ සොරුන් සිටින බව අනාවරණය කළ විට තමන්ට ආණ්‌ඩුවෙන් ඉවත්වන ලෙස ඇතැම් පාර්ශ්ව සඳහන් කළ බවත් දැන් එල්ල වී තිබෙන චෝදනා හමුවේ ඉවත් වන්නේ කවුරුන්ද කියා තමා බලා සිටින බවත් හෙතෙම කීය. මහ බැංකු බැදුම්කර ගනුදෙනුව සම්බන්ධව සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසම් සභාවේ සාක්‌ෂි මඟින් ඇමැති රවී කරුණානායක මහතාට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව කළ විමසුමකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ රන්ජන් රාමනායක මහතා මෙසේ ද කීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය සමයේ මේ වාගේ ජනාධිපති කොමිෂන් තිබ්බේ නැහැ. අද මේ රජය ස්‌වාධීනව ක්‍රියාකරනවා. පසුගිය රජයේ කොච්චර හොරු හිටිය ද? අද ජනාධිපති කොමිසම යටතේ ඕනෑම කෙනෙක්‌ පිළිබඳව පරීක්‌ෂණ පවත්වනවා. මෙම පරීක්‌ෂණවලින් හෙළිවෙන තොරතුරු අනුව කවුද අයින්වෙන්නේ කියලා මං බලාගෙන ඉන්නවා.

– දිවයින

21 views

8 Comments to “මට අස්වෙන්න කියු අය දැන් රවීටත් අස්වෙන්න කියනු.. ඔහොම චෝදනා මට ආවා නම් මං අස්‌වෙලා..- රන්ජන්”

  1. s says:

    YOU TOO SHOULD RESIGNED – DUTY FREE TV SCAM – DUTY FREE CAR PERMIT SCAM – SEX SCANDALS ETC

  2. janaka says:

    දැන් තමුන්නැහේ අර සතොස කුඩු කොන්ටෙනර් එක ගැන එක වචනයක්වත් කියන්නේ නැත්තේ මොකද ?
    ඒ ඇමතියා ඉන්නේ තමුන්ගේ අගමැති යටතේ නොවන නිසාද ?

    • Ratata Adare says:

      එහෙම කිඅයන එක සාධාරණ නෑ මිත්‍රයා..රන්ජන් හැම විටම හොරුන්ට එරෙහිව කොන්ඳක් ඇතුව පෙනී හිටිය. පැත්ත බලන් නැතුව හොරුන්ව විවේචනය කරා. සාධක ඇතුව හෝ නැතුව බය නැතුව කතා කරා. රන්ජන් වගේ අය ඉන්න ඕනෙ. අපි දේශපාලකයොන්ගේ හොරකම් හෙලා දකිනවනන් පාට බේදයකින් තොරව රන්ජන් කරන සටනට සහයෝගය දෙන්න ඕනෙ.

  3. Niru says:

    Gonja speaks. Gonja says there were many thieves in the last government but he had not caught anybody. Now his friend Ravi is caught red handed Gonja goes back to say Yahapalana is better because it is acting independently. But Gonja must remember that Yahapalana thieves only robbed the country and it has nothing to show for it. No development but so many thieves. And the country is in a “Pol mess”

  4. ලංකා ලොජික් says:

    ගොන්ජෝ…… ඇත්ත පිලි ගනින්. උබ රගපාන්නේ පික් පොකට් කාරයාගේ සහායක චරිතය.

    පික් පොකට් කාරයාට ඉන්නවා සහායකයෙක්. ඔහු කරන්නේ අනික් අයට හොරා කියමින් මිනිසුන්ගේ අවධානය පොකට් කාරයාගෙන් ඉවතට හැරවීම.
    උබ කරන්නෙත් ඒ ටිකම තමයි. මහින්දට හොරා කියමින් UNP ආණ්ඩුව සුද්ද කිරීම.

    අතේ පත්තු වුන නිසා ගේම මාට්ටු නිසා බොරුවට රවීට බනිනවා. .

  5. බන්ඩය්යා says:

    “අද මේ රජය ස්‌වාධීනව ක්‍රියාකරනවා” කියල බොරැ කියන්න එපා ගොන්ජො. ඩිව් ගුණසේකරගෙ කෝප් රිපෝට් එක දෙන්න හදන කොටම සිරිසේන පාර්ලිමේන්තුව විසුරැවා හැරල රනිලව බේරා ගත්ත බව උඹට මතක නැද්ද? සිරිසේන ඔය කොමිසම දැම්මෙ බැඳුම්කර හොරකම කොරල අවුරැද්දකට පස්සෙ බැරිම තැනය්. මට නම් පෙනෙන්නෙ රනිල්/සිරා රට කාලා/විකුනලා ඉවර වෙනකම්ම ඔය කොමිසම දිගටම අැදගෙන යය් කියලය්.

  6. Lolla says:

    ගොන්ජා නියම නම ඕය්

  7. Ruvan from Canada says:

    අගමැති රනිල් වික්රමසිංහ සහ විදේශ සහ ලොතරැයි ඇමති රවි කරුණානායක ප්රසිද්ධියේ ප්රකාශ කළ දේ සහ ඔවුන්ගේ පොරොන්දු සමාලෝචනය කළ විට, ඔවුන් පැහැදිලිවම අපගේ සදාචාර වටිනාකම් පිළිබඳ පොදු රාමුව වෙනස් කරන ගමන් මාර්ගයක් ආරම්භ කර ඇති බව පැහැදිලිය. මෙම පුද්ගලයින් දෙදෙනා සමග ශ්රී ලංකාව දේශපාලනිකව අපකීර්තිමත් ජාතියක් බවට පත්ව ඇත
    මෙය රටක් සහ ජාතියක් ලෙස ඉතා භයානක තත්වයක්. නමුත් මේ අවස්ථාවේ දී අනතුරේ මට්ටම අපට දැකිය නොහැකිය. මේ දෙදෙනා වහාම ඉල්ලා අස්විය යුතුය. එසේ නොකළ හොත්, රට එක හඬින් එකට එකතු විය යුතු අතර, ඔවුන්ට වහාම
    දේශපාලනයෙන් ඉල්ලා අස්වීමට බල කළ යුතු ය.

Main News