මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..

November 6, 2020 at 3:50 pm | lanka C news
මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..

ඇමති ධුරයක් නොමැතිව සිටීම ඉතාම වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

තමන් 1994 වසරේ සිටම කැබිනට් අමාත්‍ය ධුර දැරූ බවත් ඒ සෑම ඇමති ධුරයකින්ම සුවිශේෂී වාර්තාවන් රැසක් ද තමා විසින් බිහිකර ඇති බවත් ඔහු පවසයි.

තමන් සාමාන්‍ය ඇමතිවරයකු නොවන බවද පැවසූ ඔහු තමන් දරන ලද සෑම අමාත්‍යාංශයකම නිර්මාණශීලී සහ ඵලදායී කාර්යයන් රාශියක් සිදු කර ඇති බවද ඔහු සඳහන් කරයි.

ඉදිරියේදී සිදුවන බව කියන කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන වුවද තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

දිසානායක මහතා මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කරයි.

97,829 views

44 Comments to “මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..”

  1. Rabok says:

    Yes we know your achievements during your past years as a Minister — that is the very reason why GR had thought to keep you out and remote — already there are many vada bari kata hakara apathyas in this Government also – I am sure GR is worrying day and nights to find a peaceful way of working with these halaparuwas to carryout his program
    Hope he will soon form a think tank consisting of young intellectuals who could think out of the box and completely ignore Apathayas around him – Hiwal rala around him

  2. බූරු පුතානෝ සජීයා says:

    හැරෙන හැරෙන පැත්තට ආවඩන තමන්ගෙ වාසියට විතරක් තීරණ ගන්න සූකර බංඩට වැසිකිළි ඇමතිකම තමයි දෙන්න තියෙන්නෙ.

  3. bandi says:

    Time for retirement SB. But you have an opportunity to become a comedian, and there is a vacancy with the departure of great Tenison Cooray

  4. මෙතුමා 22 දෙදෙනාගෙ කල්ලියෙ මුලටම පොහොට්ටුව වෙත ආ දෙදෙනාගෙන් කෙනෙකු නිසා සලක බැලීම වටී.

Main News