මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..

November 6, 2020 at 3:50 pm | lanka C news
මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..

ඇමති ධුරයක් නොමැතිව සිටීම ඉතාම වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.

තමන් 1994 වසරේ සිටම කැබිනට් අමාත්‍ය ධුර දැරූ බවත් ඒ සෑම ඇමති ධුරයකින්ම සුවිශේෂී වාර්තාවන් රැසක් ද තමා විසින් බිහිකර ඇති බවත් ඔහු පවසයි.

තමන් සාමාන්‍ය ඇමතිවරයකු නොවන බවද පැවසූ ඔහු තමන් දරන ලද සෑම අමාත්‍යාංශයකම නිර්මාණශීලී සහ ඵලදායී කාර්යයන් රාශියක් සිදු කර ඇති බවද ඔහු සඳහන් කරයි.

ඉදිරියේදී සිදුවන බව කියන කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන වුවද තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි ද ඔහු කියා සිටියේය.

දිසානායක මහතා මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කරයි.

97,838 views

44 Comments to “මට ඇමතිකමක් නැතිව ඉන්න අමාරුයි.. එය ඉතාම වේදනාකාරීයි.. අසීරුයි.. 94 සිටම මා සුවිශේෂී ඇමතිවරයෙක්..”

  1. s. vitharana says:

    අමාරුයි? කොතනද දන්නේ නැහැ අමාරුව?

    • Pakanil says:

      Yes, he was a minister since 1994. Or should I say he was one of the most corrupted, crooked political thugs since 1994. One of the good things the current govt has done was to keep him out of the cabinet. Not sure how long that good thing would last.

    • AssB says:

      ඈස් බී ට ඇමතිකමක් නෑ කියලා හඟුරන්කෙත පිස්සෙක් වගේ පිස්සෙක් වගේ උකේ අමාරුව හැදිලා දුවනවා ලු?

      • පොට්ටු වේ පඩි තකා ලියමි says:

        ඒකත් එහෙමද ? බටර් කාලක් අරන් රන්ජා මිට් වෙන්න ගියානම් සූරුස් ගාලා ලෙඩේ සනීප කරලා දෙයි ආයේ දවල් තරු පෙන්න.

      • Devaka says:

        ඉන්න අමාරුම නම් කොරෝනා හදාගෙන මැරියන්…….

    • චන්දිමානි says:

      අමාරුව ගැන එදා සුසන්තිකා කිව්වා වගේ යන්තම් මතකයි.

  2. Sam says:

    Mole amaruwa wadiwenawa wage.

  3. Bandara says:

    Dan horakanna amaruyi ekai vadima duka ,vedanava

  4. සංජීව says:

    94 ඉදන් කරපු ඇමතිකම්වල තරම තේරෙනවා රටට වෙලා තියෙන දේ දැක්කම. මෙයා ඇමති කමකට නුසුදුසු බව ආණ්ඩුව තේරුම් අරන් තියෙන එක ලොකු දෙයක්

  5. Rohan says:

    Samurdhiyata keliye pramuka bankuwe dala. Kabaraya

  6. Samurdiya says:

    Suviseshi amathiya wela karagaththe “Thama hisata, thama athamaya sewanella” saha “Kala dutu kala wala iha ganeema” saha “Goni nathiwa lokkanta kade yaamai”!!!

  7. sunimal says:

    උගත් නවකයන්ට ඇමෙතිකම් දීම වටිනවා

  8. GAMINI SENANAYAKE says:

    You have to wash cloth.it is nothing to be happened for the Person who work and talk different different side on his own benefit.your politics is out dated today.

  9. sumudu says:

    ඇමතිකම නැතිව කොහොමද නුවර එළියේ ඉඩම් ටික බිලිගන්නේ . අර හිටපු නගරේ ලොක්කා දොඩම් ( Alphine ) හුටං එක්ක නුවර එළියේ බාගයක් ඇල්ලුවා. අරලිය five star 3ක් හැදුවා . මු එතකොට හුටන්ගේ පැත්තේ හිටන් හිටපු නගරේ දොඩම් ගේ මළයා (collinwood ) එක්ක ගේම ගැහුවා .අක්කර ගණන් .

  10. Jagath Hettiarachchi says:

    ඔව් ඉතා සුවිශේෂී ඇමතිවරයෙක්. කොච්චර සුවිශේෂී ද කියනවා නම් මේ උට්ටා මහින්ද ගෙ ආන්ඩුවට ආවෙ චන්දෙන් පැරදිලා ජාතික ලයිස්තුවෙං.

Main News