ෆොන්සේකා-පියසේන ඇමතිකමක් නොදුන්නාට ජනාධිපතිට විරුද්ධව අධිකරණයේ නඩු දමයි..

December 21, 2018 at 9:20 am | lanka C news
ෆොන්සේකා-පියසේන ඇමතිකමක් නොදුන්නාට ජනාධිපතිට විරුද්ධව අධිකරණයේ නඩු දමයි..

කැබිනට් ඇමතිකමක් තමනට ලබා නොදීමට විරුද්ධව අධිකරණය හමුවේ නඩු දමන බව එජාප ආණ්ඩුවට එක්වූ එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රි පියසේන ගමගේ මහතා පවසයි.

ජනාධිපතිවරයාට කල හැකි දේ කර ඇති බවත් දැන් තමනට කල හැකි දේ කරන බවත් මන්ත‍්‍රීවරයා පැවසීය.

ඉදිරියේදී එජාපයට එකතුවීම ගැන මෙතෙක් තීරණය කර නැති බවත් පුළුල් පෙරමුණකින් දේශපාලනය කරන බවද ඔහු තව දුරටත් කීය.

මේ අතර සරත් ෆොන්සේකා මහතාත් ඇමති ධුරයක් ලබා නොදීම සම්බන්දයෙන් ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පවසා තිබේ.

173 views

13 Comments to “ෆොන්සේකා-පියසේන ඇමතිකමක් නොදුන්නාට ජනාධිපතිට විරුද්ධව අධිකරණයේ නඩු දමයි..”

  1. Ariyathilaka says:

    අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය සදහා නිර්දේශ කළ මන්ත්‍රීවරුන්ගේ නම් ජනාධිපතිවරයා විසින් තම අභිමතයෙන් පමණක් ප්‍රතික්ෂේප කළ බව සත්‍යයක් නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා විසින් තම බලය අයුතු ආකාරයෙන් යෙදවිමක් බව කිව යුතුය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (1) (අ) ව්‍යවස්ථාවේ 33 (1) ජනාධිපතිවරයාගේ කාර්යය විය යුත්තේ:- (අ) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද,ආරක්ෂා කරන බවට ද, වග බලා ගැනීම; යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43 ව්‍යවස්ථාවේ (1) හා (2) අනු ව්‍යවස්ථා පහත පරිදිය. 43. (1 ) අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍යයැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හි අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා,ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද අමාත්‍යංශ සංඛ්‍යාවද ඒ අමාත්‍යවරයන්ට පවරන විෂය හා කාර්යයන් ද නිශ්චය කළ යුත්තේ ය. (2) ජනාධිපතිවරයා විසින් එසේ නිශ්චය කළ අමාත්‍යංශ භාරව කටයුතු කිරීම සදහා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරෙන් අමාත්‍යවරයන් පත් කළ යුත්තේ ය.

Main News