මට ඇමැතිකමක් නොදුන්නොත් හොඳ සෙල්ලමක් බලන්න සැරසෙන්න.. ඇමැතිකම් දුන් පුස්වෙඩිලිකාරයන් 06ක පැටිකිරිය හෙළි කරනවා..

January 1, 2019 at 12:02 am | lanka C news
මට ඇමැතිකමක් නොදුන්නොත් හොඳ සෙල්ලමක් බලන්න සැරසෙන්න.. ඇමැතිකම් දුන් පුස්වෙඩිලිකාරයන් 06ක පැටිකිරිය හෙළි කරනවා..

පාර්ලිමේන්තුවට, තෙවැනිවරට තේරී පත් වූ ජේ‍යෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 5 දෙනකුට පමණ කිසිදු අමාත්‍ය ධුරයක් ලබා නොදී එක්සත් ජාතික පක්ෂයේ පුස්වෙඩිලිකාරයන් 6 දෙනකුට රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර ලබාදීම බරපතළ අසාධාරණයක් බවත් තමන් මේ පුස්වෙඩිලි කාරයන් 6 දෙනා ගැන ළඟදීම රටට හෙළි කරන බවත්, එක්සත් ජාතික පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කෙළේය.

මාධ්‍ය සන්දර්ශන පවත්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට යම් යම් බලපෑම් කරමින් සන්දර්ශන පවත්වන පුස්වෙඩිලිකාරයන් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීන් යැයි කියාගනිමින් ගෙන යන මෙම නාඩගම එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ප්‍රතික්ෂේප කරන බවද විජේමාන්න මහතා පෙන්වා දෙයි.

මෙම තත්ත්වය ගැන තමා දැඩි අවධානයකින් පසුවන බවත් දිගටම තමාට එක්සත් ජාතික පක්ෂය තුළ ආසාරණකම් සිදුවෙනවා නම් ඊට එරෙහිව තමන් ළඟදීම දැඩි අරගලයක් ආරම්භ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් විජේමාන්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කෙළේය.

‘පක්ෂය වෙනුවෙන් කෙළින් ඉන්න මිනිස්සුන්ට නායකයෝ කැමැති නැද්ද කියලත් හිතෙනවා. මේ දැන් කෙටි කාලීන ආණ්ඩුවෙත් තනතුරු දීල තියෙන අය අතර ඇලෝසියස්ලගෙ ප්‍රශ්න තියෙන, චෙක් ප්‍රශ්න තියෙන, චෝදනා තියෙන අයත් ඉන්නවා. මේවා රටේ ජනතාව අනුමත කළ දේවල් නෙවෙයි. පසුගිය වසර තුනක ආකාරයට මේ කෙටි කාලීන ආණ්ඩුවත් කටයුතු කළොත් ආයෙ අපි කාටවත් උත්තර නැති වෙනවා. නමුත් අපට තවත් කල් තියෙනවා. තවත් අමාත්‍ය ධුර තිබෙනවා. ඒවා රටේ ජනතාවට පාක්ෂිකයා අනුමත කරන අයට ලැබෙයි කියල හිතනවා. ඉදිරි සති කීපය මමත් ඒ පිළිබඳ බලාපොරොත්තු සහගතව ඉන්නවා. ඒක එහෙම නොවුණොත් හොඳ සෙල්ලමක් බලාගන්න පුළුවන් වේවි’

– mawbima

28 views

8 Comments to “මට ඇමැතිකමක් නොදුන්නොත් හොඳ සෙල්ලමක් බලන්න සැරසෙන්න.. ඇමැතිකම් දුන් පුස්වෙඩිලිකාරයන් 06ක පැටිකිරිය හෙළි කරනවා..”

  1. Gamarala says:

    Bambu gahayi,

  2. Sri Lankan says:

    Muta amathikamak deela kata wahai dan.

  3. siri says:

    oba thumath kaluwa wage footnote saha sandarshana dammanam amathi kamak labevi?

  4. අංකූරා says:

    හැබැයි පුතෝ ඇමැති කට්ට දුන්න ගමන් කටයි පුකයි වහගෙන ඉන්න එක නොවෙයි ක්‍රමය , ඔයාට ඇමැති කමක් ලැබුන කියල නරක වැඩේ හොඳ වෙන්නේ නෑනේ, ඒක හින්දා ඔය හොරු ටික එලවලා රටට ගැලපෙන එජාපයක් හදන්න කටයුතු කරන එකයි හරි .

  5. Sinha says:

    Thol rathu karan samanalayek wage hitapan lokka issaraha ethakota hamba weyi.

  6. Mangala says:

    සුප්පු කරන්න කටුවක් දුන්නම ඔය ඔක්කොම ඉවරයි. මුදල් අඩු පාඩු වෙනකොට පසුපෙළ දන්නවා ඒවා වැඩිකරගන්න

  7. Ranjith Perera says:

    Luxman is mad person he is unable to handle Kalutara UC He Unpopular person in kalutara
    No one like him next election he will go home

    • On lookers says:

      Yes . It is very unfair and the ordianry citizens say that all the U.N.P. Members of Parliament and those S.L.F.Pers who desperately in need of the Minister portfolios to serve the people , must be given Cabinet minister portfolios. The common people in our country are prepared to undergo any type of austerity to fulfill their ambitions, even the number exceeds 100. They are ready to pay anytype of taxes and ,even as result of taxes., it increase the price of our day to day commodities.Just ignore what is happening in India , where whose population is more than 1342 million ,the number of Ministers are 27 . See how stingy, they are. No problem , whatsoever from the ordinary people , if you all appoint any number of Ministers to satisfy the aspirations of your politicians ,for our population of little more than 20 million.

Main News