මට උදවු කරන්න.. මාව දාලා තියෙන්නේ ප‍්‍රවාහනයටයි..- රයන් වෑන් රෝයන් බන්ධනාගාර බසයේ සිට කෑ ගසා කියයි..[Video]

April 12, 2019 at 12:03 am | lanka C news
මට උදවු කරන්න.. මාව දාලා තියෙන්නේ ප‍්‍රවාහනයටයි..- රයන් වෑන් රෝයන් බන්ධනාගාර බසයේ සිට කෑ ගසා කියයි..[Video]

තමනට අසාධාරණයක් සිදුව ඇති බවත් ඒ ගැන මාධ්‍ය බලන්නැයි රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින රංගන ශිල්පී රයන් වෑන් රෝයන් ඉල්ලා සිටියේය.

ඊයේ දිනයේ මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැුගෙන ආ අවස්ථාවේදී ඔහු මේ බව කියා සිටියේය.

මේ මස 25 වන දින දක්වා යල්ත් ඔහු රක්‍ෂත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී.

ඒ අනුව ඔහු බන්ධනාගාරය වෙත ගෙන යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් කියා සිටියේ තමන් කිසි දේකට සම්බන්ධ නැති බවත් ප‍්‍රවාහනය කලේ යයි චෝදනා ගොනු කර ඇත්තේ බොරුවට බවත්ය.

මාකදුරේ මධුෂ්ගේ සාදයකට සහභාගී වී සිටියදී ඩුබායිහිදි අත්අඩංගුවට ගෙන පසුව ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවට පත් විය.

93 views
Main News