මට එක දිගටම හූ තිවුවා.. ගිනිසීරියා අත්තකුත් පෙන්නමින් ජනපති තවත් රහසක් හෙලි කරයි…
October 25, 2016 at 12:01 am | lanka C news
1994 වසරේදී දිඹුලාගල නාහිමියන්ගේ ආදාහනෝත්සවයට පැමිණි තමන් සභාව අමතන්නට සැරසෙනවාත් සමගම එක දිගටම හූ තැබූ බව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා පවසයි.
එදා සංවිධානාත්මකය හූ තැබූ අය පසුව නිසි කාරණා තේරුම් ගත් පසු පසු තැවෙන්න ඇතැයිද ජනාධිපතිවරයා කියා සිටියේ ඊයේ දිනයේ පැවති දිඹුලාගල සිරි සීලාලංකාරගම ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.
2019 වසරේදී මෙරටට විදුලි අර්බුදයක් බලපාන නිසා වැටහිරියා, ගිනිසිරියා ගස් සෑම ගොඩ ඉඩමකම වගා කරන ලෙසද ඉල්ලා සිටි ජනාධිපතිවරයා එම ශාක මගින් නව තාක්ෂණය ඔස්සේ විදුලිය උත්පාදනය කල හැකි යයිද සදහන් කලේය.