මට කවුරුත් ලොකු නෑ.. මගේ ගමන මං යනවා.. කිරිපිටි එපා නම් තහනම් කරන්න..- ජනපතිගේ කතාවට ඇමති රාජිත දිගට හරහට නෙලයි..

February 18, 2019 at 3:27 am | lanka C news
මට කවුරුත් ලොකු නෑ.. මගේ ගමන මං යනවා.. කිරිපිටි එපා නම් තහනම් කරන්න..- ජනපතිගේ කතාවට ඇමති රාජිත දිගට හරහට නෙලයි..

කිරිපිටි සම්බන්ධයෙන් බොරු දේශපාලන සටන් පාඨ නොකර විද්‍යාත්මකව සිදු කර ඇති පරීක්ෂණ පිළිගත යුතු බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

රාජිත සේනාරත්න පදනම සංවිධානය කළ කළුතර තරුණ බල මණ්ඩල රැස්වීම අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ රාජිත සේනාරත්න පදනමේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විනි. ඒ කළුතර නගර ශාලාවේ දීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “කිරිපිටි ශ්‍රී ලංකාවට ආනයනය කරනවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සැසිවාරයක දී මව්කිරි ප්‍රචලිත කිරීමේ යෝජනාව මම ජයගත්තේ ඇමරිකාව සමග සටන් කරමින්. මම දරුවන් වෙනුවෙන් එම සටන දියත් කළේ. මගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබදව සාකච්ඡා කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ සෞඛ්‍ය අමාත්‍යවරයා එරටට පැමිණෙන ලෙස ආරාධනා කර තිබෙනවා. නමුත් එම සාකච්ඡාවට යාමට මට අවස්ථාවක් නැහැ.

කිරිපිටි අනවශ්‍ය නම් තහනම් කරන්න පුළුවන්. නමුත් දේශිය වශයෙන් දියර කිරි නිෂ්පාදනය කරන්නේ සියයට 10 යි. සියයට 90 ක්ම කිරිපිටි භාවිත කරනවා. දියර කිරි අවශ්‍යතාවය සපුරා නොගෙන දරුවන්ට කිරිපිටි ලබාදීම පිළීබද ගැටලුවක් මතු වෙනවා.

කිරිපිටි සම්බන්ධයෙන් කරන දේශපාලන සටන් පාඨ නිසා රට විනාශ වෙනවා. ඒ බොරු දේශපාලනයයි. මම විද්‍යාව හදාරපු ෙකෙනක්. යමක් පිළිගන්නේ විද්‍යාත්මකව ඔප්පු කළොත් විතරයි. අවිද්‍යාත්මක දේවල් පිළිගන්නේ නැහැ. කිරිපිටිවල ඌරු තෙල්, එළවලු තෙල් තියෙනවා කියලා විද්‍යාත්මකව ඔප්පුකර නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ පරීක්ෂණ වලින් ඔප්පු වී ඇත්තේ කිරි, මේදය හැර වෙනත් කිසිවක් අඩංගු නැහැ කියලයි. නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි භාවිත කරමින් එම පරික්ෂණය සිදු කොට තිබෙනවා.

විවිධ බොරු ප්‍රකාශ සිදු කළ විට මුස්ලිම් ජනතාවට කිරි පිටි බොන්න බැහැ. මොකද ඌරු තෙල් තිබෙන බව ප්‍රකාශ කළ විට. එහෙනම් මුස්ලිම් ජනතාවගේ නිවාස වලට අවශ්‍ය කිරිපිටි වෙනුවට එළහරක් ලබාදිය යුතුයි. සංකීර්ණ ක්‍රියාවලියක් සරළව කථා කරලා වැඩක් නැහැ.

මම අග්‍රාමාත්‍යවරයාට යෝජනා කළා ඉන්දියාවේ අමුල් සමාගමේ ක්‍රමවේදයට අනුව ගම් මට්ටමින් දියර කිරි භාවිතය හුරු කළ යුතු බව. රජයේ ඉදගෙන නියෝග දීලා වැඩක් නැහැ. බලය දුන්නේ කියවන්න නොවෙයි. වැඩ කරන්නයි. මාව ගන්න බහුජාතික සමාගම් වලට බැහැ.

මීට පෙර 1947 වසරේ සිට සෞඛ්‍ය අමාත්‍යවරුන් සිටියත් දුම්කොළ සදහා සියයට 90 ක බදු පැනවීමට කාටවත් බැරි වුනා. බහුජාතික සමාගම් නිෂ්පාදනය කරන පැණිබීම වලට බදුපැනවීමට කාටවත් බැරි වුනා. ඖෂධ මිල අඩු කිරීම, ස්ටෙන්ස් සහ අක්ෂි කාච මිල අඩු කිරීම කවුරුවත් කළා ද. දේශපාලනය කිරීමේ දී කියන්න පුළුවන්. නමුත් කරන්න ගියාම අමාරුයි.

ඇතැම් ක්‍රියාමාර්ග බලය, මුදල් යොදා ඇමැතිවරු නතර කළා. මට කවුරුවත් ලොකු නැහැ. පොඩිත් නැහැ. කරන්න පුළුවන් තරම් වැඩ මම කරනවා. මම යටත් වන්නේ ජනතාවට විතරයි. වෙන අයට යටත් වෙන්නේ නැහැ. මම මගේ ගමන ඉදිරියටම යනවා.”

– ප්‍රසන්න අධිකාරි

51,364 Viewers

25 Comments to “මට කවුරුත් ලොකු නෑ.. මගේ ගමන මං යනවා.. කිරිපිටි එපා නම් තහනම් කරන්න..- ජනපතිගේ කතාවට ඇමති රාජිත දිගට හරහට නෙලයි..”

  1. "'වර්ජින්-ඌරු තෙල"" says:

    කිරිපිටි බැරිය හලාල් ලාංචනය කර වන්නට
    ඔලිව් තෙලටද ඌරු තෙල මිශ්‍ර බව දැනගන්ට
    දන්නෝ බොහෝ ඉතාලියෙ මෙය කරන බවට
    ‘වර්ජින්’ ඔලිව් ඔයිල් රසයෙ රහසය ඒකයි දිවට

    • සිංහලේ වීරයා says:

      සුකර තෙල් සුපයෙන් තනාලා රාජිත කිරි පිටි දෙනවෝ ….

  2. "ගෙවනා-පවකි" says:

    මාලු මරවන්නාට මොන ප්‍රමිති කරනද
    පගාවට යටවෙලා පරීක්‍ෂන කරවනවද
    කිරිපිටි දිය කලාම කහ පාටට පේනවද
    එහෙනම් කිරිපිටි සුදුපාට ඌර හැංගුවද

  3. මාතර කොලුව says:

    මුස්ලිම් උන්ට එල හරක් දුන්නම නිකන් ඔහෙලට පාර්ලිමේන්තුව දුන්න වගෙ තමයි …හජ්ජි ආපු ගමන් එල හරකට බඩුම තමයි හරකො…

  4. Wikramabahu says:

    ane datho, kohomahari muslim daruwanta elakirima denta owunge gewalwalata eladenumma denne. rate harakungen aduwak nethi nisa ne rajitha wage aya balaye inne. rate anek darunwanta mona magula dunnath mokada.

  5. Mahi says:

    A dog is barking.
    Most corrupt man in Sl politics.

  6. Dharmasiri says:

    Unfortunately we do not have equipment to detect animal fat in imported milk powder.

    Determination of Milk Fat Adulteration with Vegetable Oils and Animal Fats should be carried out by Gas Chromatographic Analysis.only

    This study assessed the potential application of gas chromatography (GC) in detecting milk fat (MF) adulteration with vegetable oils and animal fats and of characterizing samples by fat source. One hundred percent pure MF was adulterated with different vegetable oils and animal fats at various concentrations (0%, 10%, 30%, 50%, 70%, and 90%). GC was used to obtain the fatty acid (FA) profiles, triacylglycerol (TG) contents, and cholesterol contents. The pure MF and the adulterated MF samples were discriminated based on the total concentrations of saturated FAs and on the 2 major FAs (oleic acid [C18:1n9c] and linoleic acid [C18:2n6c], TGs [C52 and C54], and cholesterol contents using statistical analysis to compared difference. These bio-markers enabled the detection of as low as 10% adulteration of non-MF into 100% pure MF. The study demonstrated the high potential of GC to rapidly detect MF adulteration with vegetable and animal fats, and discriminate among commercial butter and milk products according to the fat source. These data can be potentially useful in detecting foreign fats in these butter products. Furthermore, it is important to consider that several individual samples should be analyzed before coming to a conclusion about MF authenticity.

  7. සිංහල බන්ඩා says:

    පිටි කර කිරි වලින් මේදය අයින් කර එම මේද අනුසාරයෙන් ‘වේ ප්‍රෝටීන්’ හදා ඒවා අධික මිලට විකුනන බව නොකියන්නෙ කිරිපිටි සමාගම් වලින් ජරාව කන දතා මොහමඩ් වගේ පරයෙයේ. මුස්ලිම් චන්ද මතින් පාර්ලිමේන්තු යන දතාට ඌරැ තෙල් මතක් කලොත් ඌරා නගිනවා.

    • Siddartha says:

      Mohamed yana namaya pariharanayedi ona wadath salakilimath vita yuthu gawa mage hagimai..manda eya shasthru ha apa nayakayanange nama wena nisaya.

  8. ගන්ජ බන්ඩා says:

    අනේ මගෙ කට. රාජිතය සවුක්‍ය ඇමති හැටියට ලංකාවෙ සවුක්‍ය සේවය දියුනු කලා නම් ඇය් මූ බේත් ගන්න සිංගප්පූරුව ට යන්නෙ?

  9. n.s fasions kurunegala says:

    mara kutiyak dila dathata anchore

  10. ranjan says:

    මේ මිනිහ නිකං වචන භාවිතාකරනවා .විද්‍යාත්මක යන්නේ තේරුමවත් දන්නේ නෑ .

  11. Ohio says:

    ඇත්තටම වැඩක් කරල තියෙනවා. මේ තරම් ඖෂධ මිල අඩුකලහැකියි කියල හිතුවෙවත් නෑ. අපේ රටේ සල්ලි සමහර වෛද්‍යවරු එක්ක එකතුවෙලා ඖෂධ සමාගම් මොනතරම් හොරාකන්න ඇත්ද?

  12. ටොමියා says:

    බුහ්.. බුහ්…..

  13. පොරමෝලා says:

    ප්‍රසන්න අධිකාරි කියන්නෙ ඒ කාලෙ අනුර කුමාරට ගොට්ට අල්ලපු බුවා නේද ?

    • RAW Agent says:

      හරියට හරි
      මිනිහා තාමත් පුලුවන් විදියට හැමෝටම සේවය කරනවා
      වැඩි අවුලක් නෑ
      දැන් අනුරයි රනිලුයි එකටනේ

  14. Norata Eka says:

    විද්‍යාව හදාරපු කෙනා දන්නෙ නෑ මවු කිරි කියන්නෙ ළදරු ආහාර බව, ඕනෑම මවකට කිරි එරෙන්නෙ, තම පැටියාට බව, වැඩුන සතුන්ට මවු කිරි අවශ්‍ය නැති බව, සහ වෙනත් මවකට, තම පැටියා වෙනුවෙන් එරුණු කිරි බලහත්කාරයෙන් පරිභෝජනය කිරීම සාපරාධී ක්‍රියාවක් බව…

    • ඔය විදියට බැලුවහම මස් මාලු කොහොමත් කන්න බෑනෙ. ගස්වල හැදෙන දේවල් ඒ ගසේ ප්‍රචාරණයට හැදෙන දේ, නැතිව අපිට ආහාරයට හැදෙන දෙයක් නොවේ.ඉතින් ජීවයක් ඇති පැලෑටියකට අයිති දේ උදුරගෙන කන එක හරිද?

  15. Norata Eka says:

    එළකිරි මිනිස්සුන්ට නොවේ , වසු පැටවුන්ටයි …

  16. Eiffel says:

    හොරාගෙ අම්මගෙන් පේන ඇහුවා වගේ ඇති නේද මෙයාල කරපු පරිස්සනේ….😜😜😜

  17. Ratnamalala says:

    කොහොමටත් ලබන පාර ජනතාවට යටත්වෙන්න වෙනවාමයි.

  18. matalan says:

    Rajitha are you the President ?

  19. matalan says:

    Mr. Rajitha you are going along to the cemetery?

  20. නිළමේ says:

    ඔව් ඉතින්ළ හම්බකරපු ප්‍රමානය බැලුවම ඊටවඩා කවුරුත් ලොකු නැතිව ඇති!

Main News