මට කිසි ගැටළුවක් නෑ.. මෝදි එන උත්සවවලට මාත් යනවා..- මහින්ද
May 11, 2017 at 8:40 am | lanka C news
එක්සත් ජාතීන්ගේ වෙසක් සැමරුම් උලෙල වෙනුවෙන් මෙරටට පැමිණෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සංචාරය අතරතුර සහභාගී වන උත්සවයන් සදහා අවස්ථාවක් ලදොත් තමන්ද සහභාගී වන්නේ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ රුවන්වැල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක ආගමික වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.