මට ඡන්දෙ දුන් ජනතා පැතුම් ඉටු කරන්න බලයක් නැ.. මං ඉන්නේ පීඩනයෙන්.. ජනාධිපති හමු වී ඒ ගැන කියනවා..- ගීතා
September 5, 2020 at 12:00 pm | lanka C news
තමන්ව පාර්ලිමේන්තුවේ එවූ ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්නට තමන්ට මෙතෙන් නොහැකි වී ඇතැයි පොදුජන පෙරමුණේ ගාලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කරයි.
ඒ හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකින් සිටින බවත් මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා මුණගැසී ඉදිරි දින කීපයේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පවසයි.
තමන් දේශපාලනයට පැමිණ අවුරුදු දහයක් පමණ නිසා තමාට චන්දය දුන් ජනතාවට සාධාරණයක් ඉටු කිරීමට අවශ්‍ය බවත් ඇය සඳහන් කළාය.
අද මෙරට දේශපාලනය තුළ ඇත්තේ ගේම් එකක් බවද ඇය කියා සිටියාය.
තමන් දේශපාලනයට පැමිණියේ අවංකවම ජනතාවට සේවය සඳහා වුවත් මෙතෙක් ඒ සදහා අවස්ථාව සැලසී නැතැයිද ඇය තව දුරටත් පැවසුවාය.
මෙි කෙලීට හරියන්නෙ ධීවර ඇමතිකම බොලවි. ඒකටම හරියන මීගමුවෙ මාළුකාර ගෑණුන්ට වගේ කටක් තියෙන්නෙ.