මට ජාතික ලයිස්තුව එපා.. ලයිස්තුවට දැම්මොත් මං 2015 කල දේ පොහොට්ටුවෙන් මෙවර මට කරනවා..- හිටපු ජනපති කියයි..

March 6, 2020 at 10:32 pm | lanka C news
මට ජාතික ලයිස්තුව එපා.. ලයිස්තුවට දැම්මොත් මං 2015 කල දේ පොහොට්ටුවෙන් මෙවර මට කරනවා..- හිටපු ජනපති කියයි..

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදු කරන ලද උකුසු ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඔහු සමග සාකච්ඡා කර ඇත.

එම ප‍්‍රකාශයෙන් තම පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ට දැඩිව හානි සිදුවී ඇතැයි ද එම පිරිස පිළිබඳ පෙන්වා දී තිබේ.

නමුත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් එම ප්‍රකාශය කළේ පොළොන්නරුවේ හිටපු මන්ත්‍රී රොෂන් රණසිංහට මිස ආන්ඩුව ඉලක්ක කර නොවන බවයි.

අද වන විට පොළොන්නරුවේ බලය රොෂාන් රණසිංහ විසින් අතට ගෙන ඇති බවත් තමන් කෙසේ හෝ බලය ලබා ගන්නා බව නොකීවහොත් ජනතාව තමන් සමඟ එක් නොවන බවද සිරිසේන මහතා සඳහන් කර ඇත.

එම පැහැදිලි කිරීම අවසානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිස ඔහුට යෝජනා කර ඇත්තේ මහමැතිවරණයට තරග නොකර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පිවිසෙන ලෙසයි.

ඊට ප්‍රතිචාර දක්වමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් පොහොට්ටුවේ ජාතික ලයිස්තුවෙන් පත් කරාවි යැයි කිසිසේත්ම විශ්වාස කළ නොහැකි බවයි.

2015 දී තමන් ජාතික ලැයිස්තුවට කළ දේ මෙවර පොහොට්ටුව විසින් තමන්ට එවිට කරනු ඇතැයි ඔහු සඳහන් කර තිබේ.

එනිසා අනිවාර්යෙන්ම මැතිවරණයට තරඟ කර පාර්ලිමේන්තුවට එන බව ඔහු සඳහන් කර ඇත.

391 views

19 Comments to “මට ජාතික ලයිස්තුව එපා.. ලයිස්තුවට දැම්මොත් මං 2015 කල දේ පොහොට්ටුවෙන් මෙවර මට කරනවා..- හිටපු ජනපති කියයි..”

  1. NAK says:

    Hari wede kakuluwa(ukussa) denagena haliye wathura rathwena bawa!!!

  2. Parakum says:

    You have an INFERIORITY complex, after being the PIN JAPATHTHY and the opportunity you had to meet all classes of people, you found out you are a INFERIOR person. Also YOU ARE ALSO UNGRATEFUL MAN.

Main News