‘මට ජීවිතය දුන් ලංකාවට ස්තුතියි..’ කොරෝනා සුව චීන කත හැඩුම්බරව රෝහලේදී කියයි.. චීනය බලා පිටවී යයි..

February 19, 2020 at 11:24 am | lanka C news
‘මට ජීවිතය දුන් ලංකාවට ස්තුතියි..’ කොරෝනා සුව චීන කත හැඩුම්බරව රෝහලේදී කියයි.. චීනය බලා පිටවී යයි..

කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් කොළඹ ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලැබූ චීන ජාතික කාන්තාව අද පෙරවරු එම රෝහලෙන් පිටත්ව ගියාය.

අදාළ කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බවට අවසන් සායනික වාර්තා වලින්ද තහවුරු වූ පසු ඇය රෝහලින් පිටත්කර යැවූ බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කරයි.

පසුගිය ජනවාරි මස 25 වනදා සිට ඇය රෝහල්ගත වූ අතර එතැන් සිට අද දක්වාම අඛණ්ඩව ප‍්‍රතිකාර හා පරීක්ෂණයට ලක් කරනු ලැබීය.

ඇය රෝහලෙන් පිටත්ව කටුනායක ගුවන්තොටුපල බලා ගිය අතර අද දිනයේම සිය රට වන චීනය බලා පිටත්ව යන බව සඳහන් කළාය.

තමනට ජීවිතය දුන් හා ඉතා හොඳින් රැකබලා ගත් ශ්‍රී ලංකා ජනරජයට රෝහල් කාර්ය මණ්ඩලයට ස්තුති කළ ඇය ඉතා හැඟුම්බර ලෙස සියළු දෙනාටම සමු දුන්නාය.

58,665 Viewers

17 Comments to “‘මට ජීවිතය දුන් ලංකාවට ස්තුතියි..’ කොරෝනා සුව චීන කත හැඩුම්බරව රෝහලේදී කියයි.. චීනය බලා පිටවී යයි..”

  1. dam soe says:

    This is really good.
    Make sure the international community knows this.
    Proud of you Sri Lanka!!

  2. Saradiel says:

    සාදු සාදු සාදු

    ලොව පුරා වැඩිම බෞද්ධයින් වාසය කරන රට ලෙස චීනය වාර්තා වන අතර livepopulation වෙබ් අඩවියට අනුව මේ වන විට චීනයේ බෞද්ධයින් 249,984,513 ක් වෙසෙන අතර එය චීන ජනගහනයෙන් 18.2% ක් ලෙස සඳහන්.

  3. Love nature says:

    කෘතගුණ සැලකීමේ සද්පුරුෂ ගුණය තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ආදර්ශයෙන් පෙන්වාදෙන ලද සහ අනුශාසනාවෙන් ප්‍රශංසා කරන ලද උතුම් වූ ගුණාංගයකි.

  4. Power says:

    ආර්ථිකයෙන්, යුධ ශක්තියෙන්, නවීන තාක්ෂණයෙන් අපේ රට ලෝකයේ ගොඩක් රට වලට පරදීවී. එහෙත් මනුස්සකමින්, කෘතගුණ දැක්වීම අතින් ඒ ඒ රටවල් වලට අපේ ශ්‍රී ලංකා මෘතෘ භූමිය සමඟ හැරෙන්නවත් බැහැ. ඔබට සුබ ගමන් !

  5. ගල් මුසලයා says:

    පරිස්සමෙන් ගිහින් එන්න පැටියෝ. මම චීනේ ආපු වෙලාවක අපි ආපහු හම්බවෙමු. මම එන්නේ ඔයාව කසාද බඳින්න බලාගෙන. කොරෝනා නැති ලොවක අපි නැවත හමුවේවා!!!

    • Sandy says:

      උබ නම් ගල් මුසලයෙක්ම තමයි, යකෝ ඒ මනුස්සය බැඳල ලමයි 2කුත් ඉන්නව. ගොන් කතා නොකිය හිටපන්. කොහෙද ඉතින්, සායක් දැක්කොත් ඉවරයි.

  6. pramuka Wije says:

    Nai polongu kanna epa sudu ammiye

  7. Perera says:

    Given that pavitra wanni is a well known lesbian, this innocent Chinese lady must be aware and very very careful.

  8. Saradiel says:

    කෘතගුණ සැලකීමක් වෙනුවෙන් හම්බන්තොට වරාය දීර්ග බද්දෙන් නිදහස් කරමු

  9. yes, yes, u are squat right,කෘතගුණ සැලකීමක් වෙනුවෙන් හම්බන්තොට වරාය දීර්ග බද්දෙන් නිදහස් කරමු

Main News