මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..

April 12, 2019 at 10:10 pm | lanka C news
මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..

බිම දමාගෙන බෙල්ල පාගා අමුනුෂික ලෙස තමනට පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝව ගැන නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි අදහස් පල කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ ඇය විසින් තබා ඇති දීර්ඝ සටහන මෙසේය.

මේ රටේ මිනිස්සු හරි පුදුමයි.. මුළු රටක් එකට එකතු වෙලා විරුද්ධව නැගී ඉදල නීතියට රපෝර්තු කල යුතු ගැහැනිය කට පහරදීමක් , ගුටි කන ගැහැනිය වචන වලින් ආයි ආයි මරා දමමින් දවස් දෙකක් තිස්සෙ රස වින්දා..

මට මං ගැනම කලකිරීමක් ඇති වුනා..ඒ .. ඇයි මං මේ වීඩියෝව ගුටි කාපු දවසේම කරපු එවුන්ගෙන් ඉල්ලගෙන සමාජ ගත නොකලෙ කියල.. ඒත් මට එදා හේතු තිබුනා.. මං අවුරුදු ගාණක් ආදරෙන් දුක සැප හොයල බලපු,ඔහුගෙ කරදරේදි ,ලෙඩ දුකේදි බලපු , ආදරෙන් සනසපු පිරිමිය ඒ..

මගෙ හදවත ඉඩ දුන්නෑ ඒ ආදරය නීතිය ඉස්සරහට අරගෙන ගිහිං , පහරදීල , හිරකරල අනාගතේ විනාශ කරන්න..මං ඒ වෙනුවට ඔහුගෙන් හිත දැඩි කරං ඔහුගෙන් ඉවත් වුනා.. මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙන ගමන් ඔහු එය වීඩියෝ ගත කලා..ඒ පහුගිය සැප්තැම්බර් මාසයේ දිනෙක.. දිට්ඨ දම්ම වේදනීය කර්ම්‍ය පල දෙන්නෙ හරි අපූරු විදිහට..

වීඩියෝව ඔවුන්ගෙ අතින්ම ලීක් වෙලා.. වීඩියෝව දැකපු පිරිමි කොටසක් මේකිට ගහල මදි කිව්ව..මං හිතන්නෙ උං ගෙදර ගෑනිට ගහන උං කොටසක් පොදු භාන්ඩ වලට අත නොතබනු කිව්ව..මට අනුව උං ගෙදර ගෑනි ඉන්දැද්දි වටේ යන උං කොටසක් මං වෙනුවෙන් දුක් වුනා ඒ තමන්ගෙ අම්මගෙ කිරි සුවද තාමත් අදුරන උං වීඩියෝව දැකපු ගැහැනු කොටසක් ගෑනු නම්බුකාර විදිහට හැසිරෙන්න ඕනෙ කිව්ව..මට දැනෙන විදිහට උං උංගෙ පිරිමිංගෙන් ගුටි කන්න ඉතා ලග උං.

මගේ පසුතැවිල්ල ඔබල වෙනුවෙන්..මට ඕගොල්ලො සටන් කරන්නෙ මොකටද කියල පැහැදිලි වුනේ දැං..මට මේ ව්දිහට රහසේ ගුටි කන කාන්තාවො වෙනුවෙන් ඉදිරිපත් වෙන්න තිබ්බෙ එදා..ඒ ඔවුන් වෙනුවෙන්..ඔබ වෙනුවෙන්..මම වෙනුවෙන්..අපි වෙනුවෙන්… මං වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච ..දුක් වෙච්ච ..අපහාසයට පත් වෙච්ච සියළු ගැහැනු න් ට පිං!

මට බැන්න ගැහැනුන්ට..’ නංගියේ අක්කේ.. ‘පිරිමි විෂමාකාරයි..ගණුදෙනු ව පරිස්සමෙන් ..අද මට ගැහුව ..හෙට ඔබට විය හැකියි.. රංජන් රාමනායක ඇමති තුමා හරශද සිල්වා ඇමතිතුමා ගිහානි වීරසිංහ ස්තුතියි මා වෙනුවෙන් අකුරැ කිරිම.මගේ යහලු යෙහෙලියන් ආදරනිය රසික රාසිකාවියන් සියලු දෙනාටම සුතුති.

අපේ දස්සගෙ ආදරය හංසි ස්තුතියි ඔයාගෙ එඩිතර කමට.. මං දරුව සමග තනිවුන ගැහැනියක්..ඒ වගේ ගැහැනු තව ගොඩක් ඇති..ඕගොල්ලො රහසේ ආදරයක් හිංද ගුටි කනවනම් ..දුක් විදිනවනං..හැමදාම අඩනවනං..ඒ ආදරය අපිව මරා දමන්න කලිං අත් හරින්න..

ඕගොල්ලන්ගෙ ආදරණීය පියුමි

– Piumi Hansamali FB

89,496 Viewers

13 Comments to “මට තිරිසනෙකුටත් අන්ත විදිහට පහරදෙමින් ඔහු එය වීඩියෝ කලා..- අමානුෂික ගුටි දෙන වීඩියෝව ගැන පියුමි හංසමාලි සියල්ල හෙලි කරයි..”

  1. Duminda says:

    ane palayang geniye yanna

    • AK47 says:

      තමන්ගේ පියුම හැමෝටම පෙන්නන්න ගියාම මිනිහට යකා නගින එක අහන්න දෙයක්ද?

  2. rooso says:

    hasamal, oshin kenek wenna , nannathare yannathiwa.

  3. john says:

    Without knowing the reason which caused such anger to him, without knowing why this lady selected such a person, people cannot intervene to this time of situation. In all her statement no facts about reasoning is mentioned.

    • aniwa says:

      Whatever the reason is no one is allowed to raise a hand to hit someone. we live in 12st century man, time to come out of your cave. This mentality is another reason why we will not raise as a nation.

  4. Nim says:

    ” NANGEE DUKA SAPA
    NITHE PERALA ”
    OBATA SAKTHIYA DAHEERYA LABEEWA.
    THERUWAN SARANI
    DEWE PIHITI.

  5. siran says:

    මේව එලිදරව් උනාට පස්සෙ කාන්තා හින්සනය යටතේ වගකිව යුතු පාර්ශව නඩු දැමිය යුතුයි……

  6. FilT says:

    තමුන්ගේ ගෑනි මුළු ලෝකෙට පේන්න රෙදි ගලෝගෙන කුණු හරුප කියාගෙන ඇවිදින කොට, තමුන්ගේ මිනිහට රෙදි ඇඳගෙන ලෝකෙට මුහුණ දෙන්න පුළුවන් එකම සාධාරණ සහ යුක්ති සහගත ක්‍රමය තමයි ඔය ගෑනිගේ මිනිහ සිදු කරලා පෙන්නුවේ. නැතිනම් ඕකා සමනල් පොන්සියෙක්. ඌ හරිහමන් පිරිමියෙක් කියාලා මුළු ලෝකෙටම පෙන්නුවා………………!!!

    • ලිහිණි says:

      එකම සාධාරණ සහ යුක්ති සහගත ක්‍රමය එය නොවේ , ඔහුට ඇය එපා නම් දික්කසාද කල හැකියි ..කාන්තාවකට පහර දීම නිවට මිනිසකුගේ ක්‍රියාවක් ….එය අනුමත නොකළ යුතුයි

  7. වැඩිය උඩ ගියාම ඉක්මනින් බිම වැටෙනවා මචං????

  8. Ohio says:

    ගෑනියෙක් උනාම නිවට නියාලු වෙන්න උවමනා නෑ. ඒ වගේම උවමනාවට වඩා කටකියවිල්ලයි,පණ්ඩිතකමයි එක්ක මිනිසුන්ට මේ කාන්තාව අප්‍රසන්න ⁣ෙවලා තියෙන්නෙ. කාට වුනත් බිම දාගෙන තඩිබානකොට සතුටුවෙන්න බෑ. ඒ වුනත් මෙයාගෙ චරියාවයි කියවිල්ලයි එක්ක අනුකම්පාවක් ඇතිවෙන්නෙත් නෑ

  9. Nihal says:

    I cannot understand why shcu a woman gave birth to a child? She has a right to live in whatever the way she like. But, a mother’s behaviour should have a self discipline to allow their children to live on earth. I feel very sorry about her kid and his future with such a mother! Wish to see her change to give a better future for her kid!

  10. Kasun says:

    Eth mehema gahana eka waradi…………sahtekutawath meheme gahanawada?

Main News