මට දෙන්නේ මොන බලයද.. කරූ කෙලින්ම රනිල්ගෙන් අහයි..

January 5, 2020 at 6:48 pm | lanka C news
මට දෙන්නේ මොන බලයද.. කරූ කෙලින්ම රනිල්ගෙන් අහයි..

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයකින් හෝ මෙහෙයුම් මණ්ඩලයකින් මහා මැතිවරණය මෙහෙයවන්නේ නම් තමන්ට හිමිවන බලතල පිළිබඳව කථානායක කරු ජයසූරිය පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගෙන් විමසා ඇති බව වාර්තා වෙයි.

කථානායක ධුරයෙන් ඉවත්ව මහ මැතිවරණය මෙහෙයවීම සඳහා එක්වන ලෙසට කරු ජයසූරිය මහතාට එක්සත් ජාතික පක්ෂය යෝජනා කර ඇත.

මහා මැතිවරණය මෙහෙයවීම නායකත්ව මණ්ඩලයකින් සිදුකරන බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර ප්‍රකාශ කරන ලදී. නමුත් පසුගියදා පැවති සාකච්ඡාවලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙහෙයුම් මණ්ඩලයක් ස්ථාපිත කර මැතිවරණය මෙහෙයවන බවයි. මෙම මෙහෙයුම් මණ්ඩලයේ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබාදීමටද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යෝජනා කර ඇත.

කෙසේ වෙතත් කරු ජයසූරිය මහතා පක්ෂ නායකත්වයට පත්කළ යුතු බවටද යෝජනාවක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කර ඇත. මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ, කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඒකාබද්ධව මෙහෙයවිය යුතු බව තවත් පාර්ලිමේන්තු​ මන්ත්‍රීවරුන් පිරිසකගේ අදහස වී ඇත.

– aruna

107 views

7 Comments to “මට දෙන්නේ මොන බලයද.. කරූ කෙලින්ම රනිල්ගෙන් අහයි..”

  1. 🤣🤣🤣🤣 says:

    “” මාර “” යගෙ බලය..! 👺👺👺😈😈
    ඒක තමයි හොඳම එක..!

  2. john the baptice says:

    රනිල්ගේ කවටයා තනතුර දෙමු

  3. අනේ මැතිතුමා ! මේ වෙලාවේ මට මේ උදව්ව කරන්නකෝ. අපිට තව ඕනෑතරම් කල් තියෙනවනේ ####
    ඔය දුන්නටත් එහා බලතල ඔබතුමාට ලැබෙනවා.
    වෙලාව අවහම පෑඩ් සජියව වි. නා. සෙ ඉන්දල අපි බලතල බෙදාගම්මු <<<<

    • Rata Wenuwen says:

      රනිලා අපට – අපි රනියට,
      කිහිළි කරුවට- මග මරුවට
      උගේ අවසානෙට- යන්නේ වලපල්ලට

  4. නායකත්ව මන්ඩලය යූඇන්පී නායකත්වයට එන්න අපේ උගත් මිත්‍ර චම්පක ගහපු ගැටයක්…. ඒක දැං හිට් ඇන්ඩ් රන් නඩුවත් එක්ක බොදවී ගිය සිහිනයක්…
    කරුට ලැබෙන්නෙ කැරට් අලයක්… කරු මයාට ඒ වැඩිත් එක්ක..
    යූඇන්පී නායකත්වය රනිල් මැරෙන තුරු කාටවත් නැහැ… සජී, කරු, නවීන්, චම්පක…..වෙරි සොරි මෙයාලා…

  5. Sun says:

    You people are too old for politics now . You better learn a little bit of ethics and rights in politics rather than making money or personal gains.

  6. Buddhist says:

    For the benefit of Rajapakses, Ranil is trying to remove Karu from the Speaker’s post so that Rajapakses can appoint their own stooge.

Main News