මට නරක වචනයක් කියු නිසා පිරිමි යාලූවන් හය දෙනාට කේන්ති ගියා.. ඒකයි හෝටලේදි ගැහුවේ..- පියුම හංසමාලි
March 19, 2017 at 2:10 pm | lanka C news
කිරිබත්ගොඩ හෝටලයකදී ඇති වූ ගැටුම සම්බන්දයන් අදහස් පල කරමින් නිරුපන ශිල්පිනී පියුමි හංසමාලී පවසන්නේ තම මිතුරන් හය දෙනකු සමග එම හෝටලයකට ගිය අවස්ථාවේ එක් අයකු තමනට නරක වචනයක් කීම නිසා තම මිතුරන්ට කේන්ති ගොස් ගැටුම ඇති වූ බවයි.
තමන් දිගින් දිගටම උත්සාහ කලේ ගැටුම වලකාලන්නට වුවද එය එතරම් පහසු වූයේ නැතැයිද පවසන ඇය සිදු කෙරෙමින් ඇති පොලිස් පරීක්ෂණ සදහා උපරිම සහාය දෙන බවද කියයි.