මට පොලීසිය දෙනවාට ජනාධිපති විරුද්ද වුණා.- ෆොන්සේකාගෙන් ජනපතිට තවත් චෝදනාවක්..

October 5, 2018 at 11:20 am | lanka C news
මට පොලීසිය දෙනවාට ජනාධිපති විරුද්ද වුණා.- ෆොන්සේකාගෙන් ජනපතිට තවත් චෝදනාවක්..

යුද්ධය අවසන් කරන ලද්දේ තමන් තනිවම නොව සේනාංකාධිපතිවරුන් සමග බව හිටපු හමුදාපති වත්මන් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි.

එදා තමන් යටතේ සිටින සේනාධිපතිවරු පිස්සු නැටුවේ නම් තමාට ද හමුදාපති ලෙස සාර්ථක වීම අසීරු බව ද ඔහු සඳහන් කරයි.

එනිසා අද පොලිස්පතිවරයාට පමණක් චෝදනා කිරීම අසාධාරණ බවත් පොලිස් කොමිසම නුසුදුසු නිලධාරීන් පත්කිරීමේ වගකීම බාරගත යුතු බවත් ඔහු සඳහන් කරයි.

එසේ නොවන්නේ නම් පොලිස් කොමිසමේ ඇති ඵලය කුමක්දැයි ඇමැතිවරයා අසයි.

තමන්ට නීතිය හා සාමය අමාත්‍යාංශය භාරදීමට සූදානම් වූ විට ජනාධිපතිවරයා ඊට විරුද්ධ වූ බවත් එය තමනට ලැබුනේ නම් පොලීසියට මෙවැනි චෝදනා එල්ල වීමට ඉඩ නොතබන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

54 views