මට පොලීසිය බාර දුන්නොත් මුලින්ම ජනාධිපති අත්අඩංගුවට ගනී කියා ජනාධිපති කිවුවා..- ෆොන්සේකා

May 12, 2019 at 10:00 am | lanka C news
මට පොලීසිය බාර දුන්නොත් මුලින්ම ජනාධිපති අත්අඩංගුවට ගනී කියා ජනාධිපති කිවුවා..- ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂයේ දැඩි ඉල්ලීම මත තමන්ට කැබිනට් ඇමති ධූරයක් හා ආරක්ෂක කවුන්සිලයේ උපදේශක ධුරයක් ලබා දීමට ජනාධිපතිවරයා එකඟ වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

නමුත් එය තමන් විසින් ප්‍රතික්ෂේප කළ බවද ෆොන්සේකා මහතා සඳහන් කරයි.

කොළඹදී පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

උපදේශක ධුරයක් කරන්නට ගියොත් සිදුවන්නේ තමනට කතා කිරීමට ඇති අයිතිය අහිමි වීම පමණක් බව පවසන ඔහු නීතිය හා සාමය අමාත්‍යාංශය ලබාදුනහොත් පමණක් එය භාරගන්නා බවද සඳහන් කරයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමන්ට නීතිය හා සාමය ඇමති ධුරය ලබාදීමට එකඟ වී නැති බවත් එම ඇමති ධුරය ලබාදුනහොත් මුලින්ම තමන් අත්අඩංගුවට ගනු ඇති බව ජනාධිපතිවරයා එජාප නියෝජිතයන්ට කියා ඇතැයි ද ෆොන්සේකා මහතා පැවසීය.

26,774 Viewers

11 Comments to “මට පොලීසිය බාර දුන්නොත් මුලින්ම ජනාධිපති අත්අඩංගුවට ගනී කියා ජනාධිපති කිවුවා..- ෆොන්සේකා”

  1. Sun says:

    He supposed to provide some guidance but not authority as he can’t see all the aspects of the problem. Lot of people think they know. But nobody knows. This is product of everybody with wisdom respecting the supreme law of the country. They have to be models for others. Otherwise, no body trust you. Imagine the top model of world leaders became successful in the job. Not just opening big mouths but opening heads with wisdom.

  2. Karma says:

    මෙයා ත්‍රස්තවාදීන් අල්ලනවා කෙසේවෙතත් එයාගෙ පෞද්ගලික තරහාකාරයන්ගෙන්නම්‍ පලි ගනියි බලය ලැබුනොත්..සුදුකොඩි කතාවෙන්ම මටනම්‍ මෙයාව එපාමවුනා.කවුරු ආවත් වැඩක් වෙන්නේ නැහැ.

  3. RAYMOND says:

    මේ ආණ්ඩුවේ වැටෙන කාලය දැන් දැන් ලංව ඇත එ නිසා ඕකට කර දුන්න කියල ඔබට කරන්න පුළුවන් දෙයක් නෑ හොද ම දේ අමනාප කම් අතහැර ඊලග රජයට එකතුව රටට වැඩක් කරන්න

  4. gamarala says:

    අපේ රට බේරා ගන්න පුලුවන් එකම නායකයා ගොටාබය මේ කපටි නරියට රැවටෙන්න එපා

    • sathya says:

      Gotabhaya is a coward. He ran away at the time of War.
      Sarath Fonseka stayed until the war ends leading the FORCES.

    • එයා ලේකම කාලෙ තමයි සේරම කලේ.ශරියා විශ්වවිද්‍යාලය, ශරියා පාසල්1100, මේ සේරම කලේ එයාල. ආවම මේන් කියල කොරයි.හිස්බුල්ලාගෙ පුතාගෙ හොඳම යාලුවත් මෙයා.ඉතින් අරාබිය ගෙනත් නැගෙනහිර පිහිටෙව්වත් ගෝඨා බලනනෙ නෑ.දේශපාලන වාසියට ටෝක් දෙනවා.

  5. 77 UNP says:

    නිකන්ම පෙන්ෂන් යන්න හිටි සරත් පොන්සේකා හමුදාපති කරලා යුද හමුදාව මෙහෙයවන්න දුන්න ගෝඨාභය හට ආමන්ත්‍රණය කරන විධිය බැලුවම මොහුට ආරක්ෂක ඇමතිකම දුන්නොත් ඉස්සරවෙලාම හපාකන්නේ දුන්න ජනාධිපතිවයි. ඊළඟට දනුන තිලකරත්න නැවතත් හයිකෝප් හරහා සැපයුම් පටන් ගනී. මේ සැරේ යුදහමුදාවට පමණක් නොවේ පොලිසියට ජීප්, ගුවන් හමුදාවට අහස්යානා, නාවික හමුදාවට නැව්, යුදහමුදාවට යුද ටැංකි ආදී කී නොකී උපකරණ හයිකෝප් හරහා සැපයීම සහතිකයි. ඊට පසු රජයට සුදු කොඩි චෝදනා එල්ල කරාවි.

    • දැන් ෆොනී යුද්දෙ ඉවරකරේ නැද්ද?එහෙනම් හමුදාපති වෙලා පාඩුවෙ ඉඳලා විශ්‍රාම යන්න තිබ්බනෙ. නිකං බයි ගැති කම තිබ්බට ගොං කතා කියන්න එපා. ගෝඨා ආරක්ෂක ලේකම් වෙන්න කලින් හමුදාවෙ ෆොන්සේකාට වඩා පහල නිලයක හිටියෙ. ෆොන්සේකාට සර් කියපු කෙනෙක් ගෝඨා. යුද්දෙට බයේ රට යන්න ඕන උනාම ෆොනී ගාව අඬල මෙඩිකල් කන්ඩෙම් කරගෙන රට ගියෙ. දැන් එනව මෙතන වීරයගෙ වරුනාව කියන්න. සීනිව්ස්ටත් හරිය⁣ට රිදෙයි මේක කියෙව්වම.ඒ නිසා මේක දාන එකක් නෑ.

    • nalaka says:

      My dear UNP,Dont publish anything which you don’t know.Remember Gota is junior to SF in the Army and Gota didn’t appoint SF as the commander,So first you confirm the news and publish.When I see your comment, it seems you dont know anything.First learn, then publish the right thing.Don’t think whatever you publish is right because of free to publish ideas in web sites.Check your brain….

  6. one shot says:

    දැන් මේ මනුස්සය රටේ ඉන්න ලොකුම හිඟන්න බවට පත් වෙලා,තුන් වේලටම ඇමතිකම හිඟා කනව​.

  7. Nidan Hora says:

    You think too high of yourself. Don’t you know that you are just useless and only good at filling numbers. Think of retirement Gonseka. people who love the country will never steal from the country. You are a prime example of thieving from the country and a liar.

Main News