‘මට බැන්නා.. මට බෑ..’ රුවන්පුර මහ සෙනෙවි පීචං වී කැබිනෙට්ටුවේ හඩා වැටේ… ජනපති-ඇමති මලික් සොරි කියා හිත හදයි..
May 3, 2017 at 11:20 am | lanka C news
තමන් රාජපක්ෂලාගේ සෙරෙප්පු ලෙවකන්නේ යයි ඇමති රාජිත ප්රසිද්ධියේ බැණ වැදී ඇති බව ඇමති ජෝන් සෙනෙවිරතක්න මහතා කැබිනට් මණ්ඩලයේදී පවසා තිබේ.
තමන් පමණක් නොව වත්මන් ජනාධිපතිපතිද, රාජිතද ඇතුළු සියළු දෙනෙ එම කැබිනෙට්ටුවේ සිටි බවත් රාජිතට අනුව සියළු දෙනා සෙරෙප්පු ලෙව කෑ බවත් ඇමතිවරයා සදහන් කර ඇත.
මේ සම්බන්ධයෙන් තම කණගාටුව පල කරන බව පවසා ඇති ජනාධිපතිවරයා කැබිනෙට්ටුවේ එකිනෙකා විවේචනය කර ගැනීම සිදු නොවිය යුතු බවත් සදහන් කර තිබේ.
එහිදී ඇමති මලික් සමරවික්රම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් කණගාටුව පල කරන බවද සදහන් කර ඇත.