මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා.. මං ගත්තෙ නෑ…- චන්ද‍්‍රිකා හෙලිදරවුවක

October 9, 2021 at 12:00 pm | lanka C news
මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා.. මං ගත්තෙ නෑ…- චන්ද‍්‍රිකා හෙලිදරවුවක

තමන් ජනාධිපති ලෙස ජපානයේ කළ නිල සංචාරයක දී එහි වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් තමන්ට රුපියල් කෝටි තුනක මුදලක් ලබාදුන් බවත් තමන් එය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළ බවත් හිටපු චන්ද්‍රිකා ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

අදට යෙදී ඇති විජය කුමාරතුංග මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා සිටියි.

එම සම්පූර්ණ සටහන මෙසේය.

ජනාධිපති ලෙස මා ජපානයේ කළ නිල සංචාරයකදී මා හමුවීමට පැමිණි මහායානික භික්ෂුන් වහන්සේ නමක්, හමුව අවසානයේ මට ලංකා මුදලින් කෝටි තුනක මුදලක් ලබා දෙන බව පවසමින් පාර්සලයක් පිරිනැමීය. මම එම ත්‍යාගය ඉතා ගෞරවයෙන් ප්‍රතික්ෂේප කළෙමි.

එවිට උන්වහන්සේ නොසතුටට පත්විය. තත්ත්වය තේරුම් ගත් එතැන සිටි ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ මුදලින් විජයගේ ගමේ ඔහු නමින් රෝහලක් ඉදිකිරීමට යෝජනා කළේය.

සීදුව විජය කුමාරතුංග රෝහලේ අතීත කතාව එයයි. අද ද මාගේ සැලකිය යුතු කාලයක් ඒ රෝහලේ ප්‍රවර්ධනය වෙනුවෙන් කැප කරමි. ඔහු වෙනුවෙන් සිදු කරන ඵලදායී පින්කමක් ලෙස සලකා ඉදිරියට ද එහි උන්නතිය වෙනුවෙන් කැපවෙමි.

විජය ඔබට සුබ උපන් දිනයක් !

73,115 views

28 Comments to “මට භික්‍ෂූන් වහන්සේ නමක් කෝටි තුනක් දුන්නා.. මං ගත්තෙ නෑ…- චන්ද‍්‍රිකා හෙලිදරවුවක”

  1. asiri fernando says:

    Vijaya would have been still alive had he married a beach girl like Janet in Babaru Avith.

  2. Fernando says:

    ලංකවේ හාමුදුරුවරු අහිංසක මිනිස්සුන්ගෙන් පුලුවන් තරම් ගන්න බලනව.දෙශපාලකයන්ට කෝටි ගණන් දෙනවා..
    දේශපාලකයො අහිංසක මිනිස්සුන්ගෙන් අරගෙන දෙශපාලකයොන්ට කෝටි ගණන් දෙනවා..පුදුම රටක් මේක….

  3. GulSiri Lal Nanda says:

    If Chandrika Bandaranaike Kumaratunga had been refuse that given to her by Mayaya Buddhist Monk in lived Japan,why should she has taken such BIG amount of money and build Vijaya K…hospital in Seeduwa…? Is that Hospital was built by that money comes from sources of Bribe. How can say she is be honest Women….?
    She has done nothing to our country ,nation and People during her 11 years of MISRULE since 1994 to 2005.

  4. GulSiri Lal Nanda says:

    If Chandrika Bandaranaike Kumaratunga had been refuse that given to her by Mayaya Buddhist Monk in lived Japan,why should she has taken such BIG amount of money and build Vijaya K…hospital in Seeduwa…? Is that Hospital was built by that money comes from sources of Bribe. How can say she is be honest Women….?
    She has done nothing to our country ,nation and People during her 11 years of MISRULE and un- governments Island since 1994 to 2005.
    The SLFP of CBK is/was advocated politics Federalists in politically wanted divided Island for Tamil Eelam on basis on ethnic roots . By mens politically that SLFP of Party seek directly or indirectly she support for Separatist political line extremism.
    We Sri lankan denied that ,its undermined narioal Soveregnity of People asparstion of Islanders.