‘මට මතක නෑ.. මං දන්නේ නෑ..’ ගම්මන්පිලට අන්නන්න ගෙන ආ බ්‍රයන්ටත් රවීගේ ලෙඩේම හැදේ..
September 20, 2017 at 4:40 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කූට ලේඛණ සෑදූ බවට චෝදනා කිරීමට ඔස්ට්‍රේලියාවෙන් ගෙන් වූ බ්‍රයන් ෂැඩික් පවසන්නේ බොරු බව ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු සාක්ෂි සහිතව පෙන්වා දීමෙන් පසු ඔහුගේ හරස් ප්‍රශ්න වලට දිගින් දිගටම පිලිතුරු සැපයුවේ ‘මං දන්නේ නෑ.. මට මතක නෑ’ යනුවෙනි.
එවිට ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු අධිකරණය අමතමින්,
‘ස්වාමිනි, මම හිතා ගෙන හිටියේ දන්නේ නෑ මතක නෑ කියන ලෙඩේ හැදෙන්නේ ලංකාවේ දේශපාලකයින්ට විතරයි කියලා. දැන් බැලින්නම් ලංකාවට එන විදේශිකයින්ටත් ඒක හැදෙනවා.
මගේ සේවාලාභියා පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන්න සති දෙකක් විතරක් තිබිය දී මෙයාව විරුද්ධ දේශපාලකයෙක් ලංකාවට ගෙන්වා පැමිණිල්ලක් කෙරෙව්වේ ඡන්දයට බලපෑම් කරන්නයි. වාසනාවට ජනතාව මෙයාගේ බොරු විශ්වාස කලේ නෑ. මෙයා මේ බොරු පැමිණිල්ල කලේ දේශපාලකයෙකුගෙන් මුදලක් අරගෙන’ යයි කියා සිටියේය.
– අරවින්ද අතුකෝරල