මට මරණ තර්ජන.. මා මරනවා කියනවා.. මගේ දරුවන් මරා මස් කවනවා කියනවා..- එක්නැලිගොඩ බිරිද

June 27, 2018 at 3:00 pm | lanka C news
මට මරණ තර්ජන.. මා මරනවා කියනවා.. මගේ දරුවන් මරා මස් කවනවා කියනවා..- එක්නැලිගොඩ බිරිද

තමනට හා තම දරුවනට සමාජ ජාලා ඔස්සේ මරණ තර්ජන එල්ල කරමින් ඇති බවත් එනිසා තම ආරක්‍ෂාව තහවුරු කර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අතුරුදහන් ප‍්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය පවසයි.

තමනට කුරුහරුපයෙන් බනින බවත් තමදරුවන් මරා තමනට කන්නට දෙන බවත් තර්ජනය කරන්නන් කියන බවද ඇය සදහන් කරයි.

මෙම තත්වය සම්බන්දයෙන් වහා සොයා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් ඇය කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඇය මෙම අදහස් පල කලේය.

374 views
Main News