මට මරණ දඬුවම දෙනු.. මා එල්ලා මරනු..- සිරගත කල ඥාණසාර හිමි ඉල්ලයි..

September 16, 2018 at 10:40 am | lanka C news
මට මරණ දඬුවම දෙනු.. මා එල්ලා මරනු..- සිරගත කල ඥාණසාර හිමි ඉල්ලයි..

“ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් අප වෙත එවන ලිපියකි මේ. උන්වහන්සේ මෙම ලිපිය අප වෙත එවනුයේ සිරගත වීමට පෙරද, බන්ධනාගාරයේ සිට ද යන්න අපි නොදනිමු. මීට පෙර ද උන්වහන්සේ අප පුවත්පතට ලිපි එවා ඇති බැවින් උන්වහන්සේගේ අකුරු ලිවීමේ හැඩතලය, භාෂා රටාව දෙස බලන විට එම ලිපිය උන්වහන්සේගේම බව අපට තහවුරුය. අධිකරණයේ ශ්‍රේෂ්ඨත්වයට, උත්තරීතරත්වයට කිසිදු අගතියක් නොවේවා යන අධිෂ්ඨානයෙන් උන්වහන්සේගේ අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති මූලික මානව හිමිකමට ඉඩ දෙනු පිණිස පමණක් මෙම ලිපිය පළ කරමු.”

නිදහසින් පසු ගෙවුණු වසර හැත්තෑව තුළ පක්ෂ දේශපාලනය විසින් සිංහලත්වය මරා දමා, සිය පාක්ෂික අතකොළුවක් ලෙස සිංහලයන් ගොනු කිරීමට පටන් ගත්තේය. ඒ ආකාරයට දේශපාලන නායකයන්ගේ වහලූන් බවට කාලාන්තරයක් තිස්සේ පත් කර ගැනීම නිසා සිංහල ජාතියට මේ සිදු වන ආක‍්‍රමණ පිළිබඳ වැටහීමක් නොමැති ගානය.

* ජාතිය වන්ද්‍යාකරණයට ගොදුරු කිරීම
* කි‍්‍රස්තියානි මූලධර්මවාදය පිළිබඳව

මට එරෙහිව ලබාදුන් අසාධාරණ, අයුක්ති සහගත, අමනෝඥ, අදූරදර්ශී, මුග්ධ, තකතීරු, ලජ්ජා සහගත, පළිගැනීම් චේතනාවෙන් යුක්ත නඩු තීන්දුව පිළිබඳව ම දිවි පරදුවට තබා අභියෝග කරමි.

අධිකරණයෙන් සාධාරණය ඉටු නොවූ නිසා සමාජය නමැති අධිකරණයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ තීන්දුව ම බලාපොරොත්තු වෙමි.

පුරා විසි වසරකටත් වැඩි කාලයක් මුළු ජීවිතයම ශාසනාභිවෘද්ධිය පිණිසත්, සිංහලයාට ජීවත්වීමට ඇති එකම රට අනේකවිධ සංස්කෘතික ඝාතක කල්ලි හා බෙදුම්වාදී පෙරමුණුවලට අනියම් ලෙස ශක්තිය සපයන ඇතැම් NGO පාදඩයින්ගේ නොපනත්කම්වලට එරෙහිව මම සටන් කළෙමි.

සදාචාර විරෝධී හා නීති විරෝධී අනාගමික අන්‍ය ආගමික බලවේග 450 ට වැඩි මිථ්‍යා දෘෂ්ටික බලවේගවලට එරෙහිව බෞද්ධ ස්වරූපයෙන්ම බෞද්ධානු රූපීකරණය හරහා ශාසන විරෝධීව සිදුකරන මහා විනාශයට එරෙහිවත් මම සටන් කළෙමි.

දේශපේ‍්‍රමී, බොරු සළු පිළි පොරවාගෙන එකිනෙකාට චෝදනා ගොනු කරන පච මලූ බඳු අවස්ථාවාදී දේශපාලඥයන්ටත් එරෙහිව ගෝලීය තර්ජනයක්ව පවතින ඉස්ලාමික මූලධර්මවාදී බලවේගවලට එරෙහිව මම සටන් කළෙමි.

රටේ බුද්ධි අංශ කඩාවැටීම දරාගත නොහැකිව මේ සිංහල බෞද්ධ බහුතරයක් සිටින රටේ රට ත‍්‍රස්තවාදයෙන් මුදා ගැනීමට සියයට අසූවක් දිවිදුන් සිංහල බලමුළුවලට ගෞරවයක් පිණිස උන් වෙනුවෙන් පෙනී සිටීමේ වරදට මට දුන් දඬුවම මා ප‍්‍රතික්ෂේප කරමි.

වහාම මට සාධාරණය ඉටු විය යුතුයි.

අද මේ රට නිදහස් රටකි. ඇතැම් නඩුකාරයන්/ ඇතැම් නීතිඥයින්/ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු පුද්ගලයන් තවමත් සිතන්නේ මේ සුද්දාගේ කොළණියක් බවය. සුද්දා හදා දුන් අධිකරණයේ ඒ ඇඳුම් ආයිත්තම් පැළඳ මුරකරුවන් සමඟ සිංහල කතා කිරීමට පුළුවන්කම තිබෙද්දී තෝල්කයන්ද යොදාගෙන මේ තවමත් අපිව භීතියට පත් කරන්නේ සුද්දන්ටත් වැඩිය ඉදිරියට යන කළු සුද්දන් විසිනි.

නීති අංශවල බහුතරයක් දෙනා කි‍්‍රස්තියානි මූලධර්මවාදී බලවේගවලට ගොදුරු වී ඇත. ඇතැමුන් ආතතීන් බහුල වූවෝ වෙති.

මා මේ දක්වා කිසිදු සමාජ විරෝධී යමක් හෝ නීති විරෝධී යමක් හෝ මහජන මුදල් අවභාවිත කිරීමක් හෝ මහජන දේපළක් අවභාවිත කොට හෝ කිසිදු රණවිරුවකු හෝ ආරක්ෂක අංශවලට අදාළ කිසිම අයෙකුගෙන් තණකොළ ගහක් ගැලවීමටත් යොදා ගෙන හෝ විහාරස්ථානය ගොඩනැඟීමට නගර සභා, පළාත් සභා, පාර්ලිමේන්තු, කැබිනට් ඇමැතිවරු, බුද්ධ ශාසන, මහා භාරකාර බෞද්ධ කටයුතු හෝ විදේශික රටකින් හෝ රාජ්‍ය නොවන සංවිධානයකින් හෝ එකදු සතයක් ලබාගෙන නැත.

කුමන හෝ ආණ්ඩුවකින් කුමන හෝ අංශු මාත‍්‍රයකවත්, වරදානයක්, වරප‍්‍රසාදයක් හෝ අවම තරමින් චීවරයක්, ඉඳිකටුවකදු දෙයක් හෝ මා ලබාගෙන නොමැත. කිසිදු දේශපාලන බලවේගයක කොන්ත‍්‍රාත්තුවක් හෝ සිදු නොකොට ගුරු වෘත්තිය, පරිවේණාධිපතිකම, විහාරස්ථාන අභිවෘද්ධිය, දායකයන් ඥාති සංග‍්‍රහ හෝ යුතුකම් හෝ කිසිවක් සම්පූර්ණ නොකොට ස්වාර්ථය පිණිස අවම තරමින් රක්ෂණයක්වත්, ගමන් පහසුවට තමන්ට කියා වාහනයක්වත් නොමැතිව විහාරස්ථානයේදී බොහෝ විට එක වෑංජනයක් සමඟ බත් වේලක් වළඳා හෝ නිරාහාරව සිටිමින් කෙතරම් වෙහෙසකර වුවත් මාගේ හැකියාවෙන් බණක්, පූජාවක් කොට ලැබෙන දෙයකින් පන්සල් ලයිට් බිල්, වතුර බිල් ආදිය ගෙවාගෙන මේ ආ ගමන ගැන මට ඇත්තේ ආඩම්බරයකි. දැනුදු මාගේ පමණක් නොව මවුතුමිය හෝ සහෝදර සහෝදරියන්ගේ හෝ මාගේ හෝ ශිෂ්‍යයන්ගේ හෝ රියැදුරාගේ හෝ වත්කම් විමසා මා මේ අකෘතඥ ජාතියට කළ මෙහෙය වෙසෙසින් දත හැකිය.

සිංහල නායකයන් වෙනුවට භාගයක් සිංහල, කාලක් දමිළ, තව කාලක් තේරුම්ගත නොහැකි තරම් ලෙස සර්වාගමික වී සර්වජාතික මතවලින් ඔද්දල්ව දේශපේ‍්‍රමය බලය සඳහා පමණක් යොදාගෙන රට රවටන නායකයන් හා පක්ෂ අයත් රටක උපනූපන් දරු පැටව් වෙනුවෙන් මාගේ හඬ නැඟීම වරදක් නම් මා එල්ලා දමාපියව්….

ම කතාවෙන් නොව කි‍්‍රයාවෙන් කැප වූවෙමි. කැප කිරීම් කළෙමි. අප‍්‍රමාණ නින්දා වින්දෙමි. අපමණ ඉවසුවෙමි. දේශපාලන කුමන්ත‍්‍රණකරුවෙක්, ඞීල් කාරයෙක් ආදී වශයෙන් මට නිගා කළේය.

අපේ මෝඩ සිංහලයෝ අතීතකාමීහුය. අතීත විරුවන් ගැන උදම් අනන ඒ විරුවන්ගේ චරිත කතා කියා දෙන රටක, ඒ වෙනුවෙන් නිර්මාණය වී ඇති කලා කෘති එළිදැක්වෙන විට ඒවා දෙස අභිමානයෙන් උදම් වන මිනිසුන්ය. ඔවුහු වර්තමානයේ ජාතිය හා ඒ ජාතියේ දරුවන්ගේ ආරක්ෂාව හා අනාගතය වෙනුවෙන් කැපවන වත්මන් කැපකිරීම් කරන අප වැන්නන් දෙස බලන්නේ මහා අපරාධකාර, අසංවර, අශ්ලීල, දුශ්ශීල භික්ෂූන් ලෙසිනි.

අවංකවම තම ජාතිය වෙනුවෙන් සැබෑ ජාති වාත්සල්‍ය වෙනුවෙන් කැපවන්නේ මේ ජාතියෙන් සියයට එකකි.

ඒ කැප කිරීම් කරන අප වැනි සියල්ල අත්හැර ඇති භික්ෂූන්ටත් මෙවැනි දඬුවම් දෙන්නේ නම් කළ යුත්තේ අරගල කොට අභිමානයෙන් යුතුව මිය යෑමය.

* මේ රට පුරා විනාශ කරන පුරාවස්තු ආරක්ෂා කර ගැනීමට වෙහෙසුණෙමි.

* විල්පත්තු වන විනාශය ඇතුළු අද කවුරුත් කතා කරන ජනපි‍්‍රය මාතෘකා බවට පත්ව ඇති මඩකලපුව, මන්නාරම හා අම්පාරේ පමණක් නොව ගල්ගමුව ආදී ප‍්‍රදේශවල සිදුකරන මහා වන විනාශය පෙන්වා දුන්නෙමි.

* කූරගල, මුහුදු මහා විහාරය, දෙවනගල පමණක් නොව මඩකලපුවටද ගොස් පුරාවිද්‍යා ස්මාරක ආරක්ෂා කර ගැනීමට මඟ පෙන්වූවෙමි.

* බුද්ධ බාර් නමින් සාද පවත්වන විට නීති විද්‍යාලයේ අර්බුදය මතු වූ විට ධර්මාචාර්ය ගුරු අර්බුදය, ඉරිදාට දහම් පාසල් පවත්වාගෙන යෑම සඳහා ටියුෂන් තහනම් කර ගැනීමට, රටේ සිංහල කතුන් වඳ කරන විට ඊට එරෙහිව හඬ නැඟුවෙමි.

* අන්තවාදී ඉස්ලාමික අනාගමික අන්තවාදය හා සංස්කෘතික ආක‍්‍රමණයට එරෙහිව මෙන්ම සමාජ බෙදුම්වාදයට එරෙහි වුණෙමි.

* හදබිම් ආක‍්‍රමණයට එරෙහිව රටේ බුද්ධි අංශය දුර්වල කිරීමේ LTTE මෙහෙයුමට එරෙහිව සටන් කළෙමි.

මේ සියල්ලටම මට දැන් දඬුවම් හිමිව තිබේ.

බුද්ධ චීවරය ද සිරගත කරමින් මේ ජාතිය ද ගර්හාවට ලක් කරමින් මට දඬුවම් ලබා දී තිබේ.

ඒ කිසිවකින් ජාතිය වෙනුවෙන් කරනා මගේ අරගලය නවතාලිය නොහැකිය.

අරගලය…. ඔව් ජාතිය වෙනුවෙන් මා කරනා අරගලය නතර කළ හැක්කේ, මා එල්ලා මැරීමෙන් පමණය…

– divaina

85 views

24 Comments to “මට මරණ දඬුවම දෙනු.. මා එල්ලා මරනු..- සිරගත කල ඥාණසාර හිමි ඉල්ලයි..”

  1. sakalabujan says:

    ‘අම්මට හුඩු හතරක් හිටිය.. දෙකක් වැඩම කරලා.. ආතල්’ පොලිස්පති උත්සව සභාවක රංගනයේ.. භික්‍ෂුන්-ගුරුන්-සිසුන් තුෂ්නිම්භූතයි…

    • නානසාර says:

      පොලිස්පතිය ගන නෙවේ යකෝ මගෙ ලිපිය ගැන අදහස් දක්වපිය. වේලි වේලි ඉන්නෙ මෙතන.

      • ලිහිණි says:

        මේ මුසළු සුළු ජාතික අන්තවාදයේ නිමාව කොතැනද? නානසාර නමින් comment කරමින් උතුම් සංඝයාවහන්සේට අවමන් කරන මේ නරුමයාට සාප වේවා
        ඔහුගේ පහත් ගති ගැන ඔහු ලජ්ජා විය යුතුයි ….

  2. Kalan says:

    Kohomath den Sinhala jaathiyath, Sinhala ratath iwarayi, kaalakanni deshapaaluwan adooradarsheewa weda kireemen saha unge laaba balaagena weda kireema nisaa rata winaasa unaa.

  3. යහපාලනයට කැමති දෙඅක් කොරන්න පුළුවන් හාමුදුරුවනේ. says:

    යහපාලනයට කැමති දෙඅක් කොරන්න පුළුවන් හාමුදුරුවනේ. නඩුයි බඩුයි දෙකම ග්රාමසේවක ගේ නේ?

  4. ආන්ඩුවට කඩෙි යනකොට හිතුනෙ නැද්ද එහෙම….?….(2015)

  5. Saradiel says:

    අනගාරික ධර්මපාල තුමා වසර 93ට ප්‍රථම කල එතුමාගේ ඉතා ප්‍රසිද්ධ වු පහත ප්‍රකාශය දෙස බලමු; මෙය කොතරම් අද දිනටත් අදාල නොවන්නේද?:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා. උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.…..”

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා. ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි”

    • Samare says:

      Don Juwan Darmapapala yakow …Don Juwan …!!

    • Samuvel says:

      සරදියල් , උඹ හරි මචන්, කලු සුද්දෝ තවමත් ජීවත් වන්නේ සුද්දන්ගේ ලෝකයේය. උන් පරිනතව ඉන්ග්‍රීසි කතා කල හැකි එකා උගත් සේ දකිති. උන්ට තම මවු බාශාව වන සින්හල නොදනීනම් එය නුසුදුසු කමක් නොවේ . ඉන්ග්‍රීශි අපේ බාශාවක් නොවේ.නමුත් අපි ලජ්ජා විය යුත්තේ අපේ මවු බාශාව නිවරිදිව කතා කරන්නට සහ ලියන්නට නොදන්නා නම් පමනි. 2002 දී මගේ බ්රිතාන්ය ජාතික උසස් නිලදාරියා, මා යමක් ඔහුට පැහෙදිලි වනසේ ඉන්ග්රීසියෙන් කීමට නොහැකි වුන තැන, පසු බෑ මට එතුමා කිවුවේද එයයි. අපේ උගත්යි අයි සිතන අදිකරන ලොක්කන් තාමත් බ්රිතාන්ය ලෝගුව දාගෙන නඩු වලට එන අහින්සක ගැමියන් ඈනුමක් සහ සබ්දයක් පිටකලත් උසාවියට අපහාස කලා යයි දඬුවම් කරයි. අපේ ස්වාමීන් වහන්සේට දඬුවම් කල අපේ නීතිය, අපේ හෙල දේශයට ගැලපෙන සේ වෙනස් කිරීමට බලදාරීන්ගේ නුවනෙස වැඩේවා..

  6. Love nature says:

    1815 දී උඩරට රදල නායකයින් රවටා සිංහලේ මුළු රටම අල්ලාගත් පසු ඉංග්‍රීසි ජාතිකයින්, කඩුව හා බයිබලයට අමතරව, බෝතලය (අරක්කු), ජාති, වර්‌ග හා කුල කෙටවීම හා මිනිසුන්ට හීනමානය කැවීම යනාදී ක්‍රියාකාරකම් සියල්ලක්ම රාජ්‍ය පාලනයේදී යොදාගන්නාලදී. ඔවුන් මෙය හැඳින්වූයේ -සාමය හා මනා පාලනය- යනුවෙනි (පීස් ඇන්ඩ් ගුඩ් ගවර්‌නන්ස්). අද යහපාලනය කියා කියන්නේ මේ අදහසටම වියයුතුය.

    • JOY says:

      අපේ වත්මන් ආණ්ඩුවේ පාලකයන්ට ,මැති ඇමතිලාට ජනතාවට බෞද්ධ භික්ෂුන්වහන්සේලාදේශනා කරන දේවල් නොවැටහීම ජාතියේ පිරිහීමට කරුණකි
      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ,මේ රටේ සදාචාර විරෝධී හා නීති විරෝධී අනාගමික අන්‍ය ආගමික බලවේග 450 ට වැඩි මිථ්‍යා දෘෂ්ටික බලවේගවලට එරෙහිව බෞද්ධ ස්වරූපයෙන්ම බෞද්ධානු රූපීකරණය හරහා ශාසන විරෝධීව සිදුකරන මහා විනාශයට එරෙහිව සටන් කල අපේ මුරදේවතා හිමි නමකි …එත් රට ජාතිය ගැන කතාවෙන් නොව කි‍්‍රයාවෙන් කැපවූ ව උතුම් හාමුදුරුවෝ මේ දේශද්‍රෝහී ආණ්ඩුව විසින් සිර ගත කර ඇත
      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරගැනීමට රටේ සියලුම සිංහල බෞද්ධයන් පාරබැස මේ අවනිතියට එරෙහිව උද්ගෝෂණ කල යුතුයි
      සිංහල මිනිසුනේ උබලගේ ඇස් ගෙඩි දෙකට හෙන ගහලද අද අපේ රටේ බෞද්ධ සංඝයාවහන්සේලාට කරන අවමන් අසාධාරණ කම් නොපෙනෙන්නේ ?
      ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවත් එහි බුද්ධ ශාසනය ආරක්‍ෂා විය යුතු බවත් සත්‍ය ගරුකරන කවුරුන් වුවද පිළිගත යුතුය. එම සත්‍යය දැන ඊට ගරු කළා පමණක්‌ නොව එය ප්‍රකාශයට පත් කළ කෙනෙකි, මර්සලිනු ජයකොඩි පියතුමා. එතුමාගේ හදවතින්ම නැගුණු කවි සංකල්පනා මගින් ඒ බව මෙසේ අවධාරණය කළේය.
      වෙහෙරක්‌ නැති තැනක වෙහෙරක්‌ තැනීයන් – බැලු බැලු හැමතැනම වෙහෙරක්‌ පෙනීයන්
      ඉන්දෙන පණිවිඩය සවනට දැනීයන් – දුටු දුටු හැම සිතකම සිල් ගැනීයන්
      උතුරත් දකුණත් අනෙක්‌ දෙපැත්තත් – වෙහෙරින් සුදු වී ඇත නංවා කොත්
      යම්විට යම් කොත් සුන් වී ඇති හොත් – යළි නංවනතුරු කන්න එපා බත්

      • Rupa says:

        ජොයි පුතා, උඹට තවත් මේ වගේ ලියන්නට යෝද බල සක්තිය ලැබේවා.

      • Rupa says:

        පුතේ , උඹ ලියූ දේ බලා මා උඹ ගැන සතුටු කඳුලු සැලුවා. සැමදාම අසාදාරනේට විරුද්දව ඉදිරිපත් වෙයන්. උඹට බුදු සරනයි.

  7. නානසාර says:

    මාව එල්ලා මරන්න කිව්වෙ විහිළුවට ඈ. ග්‍රාමසේවකය මේක සිරා ගනීද?

    • CORBRA says:

      Shut your mouth idiot fanatic නාන.hambaya , never insult Ven. Buddhist Monks

    • LION says:

      Stop insulting our Ven. Buddhist Monks ..
      Lies are a temporary solution to a permanent problem.A lie may take care of the present, but it has no future.
      We don’t want FANATIC Muslims & RACIST EelamTamils to swallow our country.

    • නානසාර says:

      මට ඉන්ග්‍රීසි බෑ බොලව්. අපේ ඩිලන්ත විතානගේ ලොක්ක තමා ඒව දන්නෙ. උන්දැත් දැන් හිරේට එනව අඩුයි මාව බලන්න.

  8. Just Ez says:

    Oba wahanse oya gewanne …Ahinsaka gahaniyekuta thagadaapu eke paw …
    Oya uma liyala thiyena list eka pasuwa salakaa balamu.

  9. සිහනද පතුරන ගරු ස්වාමීනි! මෙත් වඩන්න . අන්ද බාල ,පර සුද්දන් සනසන දෙස පාලුවන්ට ක්ෂමා කරන්න.
    කවුරු නැතත් සොබා දම් නීතිය අඳ බලයින්ට් නිසි දඬුවම දෙවි.
    දේශප්‍රේමී ජන බල මුළු සමග එක මිටට පෙරට යන්න. තනිව නොයන්න.
    ඔබ වහන්සේට ජනපති සමාව ලැබේවා!!!!!

  10. Saradiel says:

    වෙසක් උත්සවය බුද්ධ වර්ෂය වෙනුවට ක්‍රිස්තු වර්ෂයට ගත්ත කාලකන්නි යමපාලනය පරදවමු

Main News