මට මහින්ද සැලකුවෙත් නෑ.. මෛත‍්‍රී සලකන්නෙත් නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- නිමල් සිරිපාල

September 3, 2018 at 10:40 am | lanka C news
මට මහින්ද සැලකුවෙත් නෑ.. මෛත‍්‍රී සලකන්නෙත් නෑ.. මං දේශපාලනයෙන් සමුගන්නවා..- නිමල් සිරිපාල

තමන් තවදුරටත් දේශපාලනයේ නිරතවීමට අදහසක් නොමැති බව ඉදිරියේදී දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සඳහන් කර ඇත.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ප‍්‍රසිද්ධ ස්වාමීන් වහන්සේලා කිහිප නමක් සහ සිය හිතවතුන් සමග පැවතු සුහද සාකච්චාවකදීය.

තමනට මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී සැලකුවේ නැති බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සලකන්නේ නැති බවත් ඇමතිවරයා සදහන් කර ඇත.

මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු තමන් තව දුරටත් දේශපාලනයේ රැඳී නොසිටින බවද ඔහු සඳහන් කර ඇත.

162 views