මට මොලේ අමාරුවක් තියෙනවා.. දැන් ඉතින් කොකේන් පාරක් ගහගෙන පැත්තකට වෙලා ඉන්නවා..- රන්ජන්
March 1, 2019 at 3:22 am | lanka C news
තමනට මොලේ අමාරුවක් ඇතැයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් යොදමින් ඔහු සදහන් කර ඇත්තේ දෙපැත්තෙම හොරු එක්ක කොකේන් පාරක් ගහගෙන ඉන්න බැරි මොලේ අමාරුවක් තමනට ඇති බවත්ය.
නියෝජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම මහතා විසින් කරන ලද ප්රතාශයක් ප්‍රතිචාර ලෙස ඔහු මෙසේ සදහන් කර ඇත.
ඔව්,අජිත්,උඹලත් එක්ක බලද්දී මට මොළේ අමාරුවක් තියෙනවා – රන්ජන්ගෙන් අජිත් මානප්පෙරුමට පිළිතුරක්
ඔව් බන් මට මොලේ අමාරුවක් තියෙනවා කියලා මටත් හිතෙනවා. මොකද මට උඹල වගේ දෙනදේ කාල,වෙන දේ, බලාගෙන ඉන්න බැරි නිසා. උඹල ලක්ෂයේ වැඩි පඩි ඉල්ලලා අරගන්න කොට ඒක ගන්නේ නැතුව එපා කියල ඒකට එරෙහිව සටන්කරපු මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා. උඹලා සැප වාහන ගන්න කොට මට එපා කියල අදටත් පරණ අමාත්‍යංශ වාහනේ යන මට මොලේ අමාරුවක් තියෙනවා.
උඹල ඇමති නිවාසවලට යනකොට තාම මන්ත්‍රී නිවාසේ ඉන්න මට පිස්සු තමයි. උඹල පාර්ලිමේන්තුවේ දීමනා වැඩිකරගන්න කොට ඒක එපා කියලා ඒකට එරෙහිව සටන්කරපු මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා.
දුෂණ චෝදනා තියෙන එවුන්ට උපනායකකම් ඇමතිකම් දෙනකොට ඒකට උඹල අප්පුඩි ගහනකොට ඒකට විරුද්ධව කතාකරන්න තරම් මට තිබුනේ ලොකු මොලේ අමාරුවක්. ඇත්ත බන් මට උඹලගේ මේ ඩීල් දේශපාලනයේ තේරෙන්නේ නැති ලොකු මොලේ අමාරුවක් තියෙනවා.
මේ කොකේන් කතාවේ රාජපක්ෂලා විතරයි ඉන්නේ කිව්වනම් උඹලා අප්පුඩි ගහලා රන්ජා අපේ විරයා කියල කියන බව මම දන්නවා ඒක දැනගෙනම මේකේ ඉන්න ඔක්කොම ගැන කියන්නත් මට පිස්සු මචන්.
උඹ හරි ලොක්කා මටත් තියෙන්නේ ඔය දෙපැත්තේම හොරු එක්ක පොඩි කොකේන් පාරක් ගහගෙන ඉන්න, ඒක තේරුම්ගන්නේ නැතුව මේවා කියන මට ලොකු මොලේ අමාරුවක් තියෙනවා බන්.
උඹ හරි අජිත්,උඹ හරි,මම මීට පස්සේ උඹව ෆලෝ කරන්න උත්සාහ කරන්නම්,බොහොම ස්තුතියි
– Ranjan Ramanayake FB
he is really a mad idiot
Hail Hon Ranjan,
You are a kind of a hero. You are telling truth, You are speaking on behalf of us. You showed us that you have an backbone and not a slave.
Jayawewa!!.
මේ යකා විජේ වෙන්න හදන්නේ !, විජේගෙ අවතාරය පෙනිලා ?.
“තමනට මොලේ අමාරුවක් ඇතැයි රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.”
ඇති යාන්තං යු ඇන් පියේ නායකත්වයට දැන් තව සුදුස්සෙක් ඉන්නවා.
දැන් තේරෙනවනේ ඇත්ත….උසාවියේ නඩු තීන්දුවත් ලඟයිනේ….උසාවි තීන්දුවෙන් බේරෙන්න කරපු උප්පරවැට්ටියක් තමයි මේ….සුමන්තිරන්ගේ අදහසකට අනුව කළ රඟපෑමක් වෙන්න බොහෝ දුරට ඉඩ ඇති…
The drama is over… What will be the next..?
Very true. They are all acting to gather to build a case for him saying that he s not in his right mind when he was issuing statements against the judiciary and he is a joker who is often confused and mad
මොනව උනත් අජිත් මාන්නප්පෙරුම ඉගෙන ගත්තු මිනිහෙක්… මේ සාපෙ වත් නැති හාදයෙක් උඹ බං කියල කතා කරන එක පිළිකුල් සහගතයි.
අද කාලේ ඇත්ත කියන, හොරකම් නොකරන, පගා නොගසන, කොමිස් නොගහන, අවංක මිනිසුන්ට කොහේ ගියත් තැනක් නෑ. තැන තියෙන්නේ දූෂණ, වංචා, හොර මගෝඩි වැඩ කරන කාලකන්නීන්ට. ඒක තමයි මේ රට දියුණු වෙන්නේ නැත්තේ. අපේ රටට දෙවියන්ගේ ම පිහිටයි.