මට යන්න බෑ.. වරාය ඇමතිකම ඕනෑමයි..- අර්ජුන ජනපතිට දුක කියයි.. ජනපති බෑ කියයි..

March 19, 2017 at 1:20 pm | lanka C news
මට යන්න බෑ.. වරාය ඇමතිකම  ඕනෑමයි..- අර්ජුන ජනපතිට දුක කියයි.. ජනපති බෑ කියයි..

සිදු කිරීමට නියමිත බව පැවසෙන කැබිනට් සංශෝධනයේදී වරාය හා නාවික කටයුතු අමාත්‍ය ධුරයෙන් තමන් ඉවත් නොකරන ලෙස ඇමති අර්ජුන රණතුංග මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලා තිබේ.

එහෙත් ජනාධිපතිවරයා දන්වා ඇත්තේ එම ඇමති ධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබා දුන් එකක් බැවින් ඔවුනගේ දැඩි ඉල්ලීම මත එය වෙනස් කිරීමට සිදුවන බවයි.

ඉනු පසු ඇමති අර්ජුන තම දුක් ගැනවිල්ල ගෙනගොස් ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මුණ ගැසීමටයි.

ඇගෙන්ද යහපත් ප‍්‍රතිචාරයක් මේ සම්බන්ධයෙන් ලැබී නැති අතර ඇමති අර්ජුන රණතුංග මේ තත්වය මත දැඩි කණගාටුවෙන් පසුවන්නේ යයිද වාර්තා වෙයි.

27 views
Main News