‘මට ලැබුණු පළවෙනි සම්මානය ඔයා’ හොදම නිලිය සම්මානය දිනා උමාලි කියයි.. නිවේදක සාරංගට මල පනී..
June 25, 2017 at 12:00 pm | lanka C news
ඊයේ රාත්රියේ පැවති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී 2016 වසරේ විශිෂ්ඨතම නිලිය ලෙස සම්මාන දිනාගනු ලැබුවේ උමාලි තිලකරත්නයි.
එහි විශේෂත්වය වූයේ ඇගේ සැමියා වූ සාරංග දිසාසේකර සම්මාන උළෙලේ නිවේදකයා ලෙස කටයුතු කිරීමයි.
සම්මානය ලබා ගත් පසු ඇය අදහස් පල කරමින් ‘රංගනය නිසා මට ලැබුණු පළවෙනි සම්මානය ඔයා’ යයි කියා සිටියද සාරංගගෙන් ඊට කිසිදු ප්රතිචාරයක් නොලැබින.
මෙම දෙදෙනාගේ විවාහය දෙදරා ගොස් ඇතැයි පසුගිය කාලයේ දැඩි කතාබහක් ඇතිව තිබුනත් මෙතෙක් ඔවුන් එය සෘජුව ප්රතික්ෂෙප කිරීමක් හෝ පිලිගැනීමක් සිදු කර නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සාරංග සිය ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් යොදා ඇත.