මට වටකරගෙන හූ කිවුවා.. – ජනපති
December 4, 2016 at 1:04 am | lanka C news
තමන් 2004 වසරේදී පාර්ලිමේන්තුවට සුනාමි සහන මණ්ඩල පනත ඉදිරිපත් කල අවස්ථාවේදී ඇතැමුන් තමන් වටකරගෙන හූ තැබූ බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
යුද්ධය සම්පුර්ණයෙන්ම අවසන් වන්නේ රට බෙදීම ගැන වූ මතය පරාජය වූ දිනට බවත් උතුරේ ගැටලුව විසදීමට අද වන විට සිටින හොඳම නායකයා ආර්. සම්බන්ධන් මහතා බවත් ජනපතිවරයා පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සබා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.