මට වසර ගණනාවක් හිර දඬුවම් ලැබෙනවා.. යලිත් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි..- තමන්ගේ නඩු තීන්දුවත් රන්ජන් කලින්ම කියයි..

January 19, 2020 at 10:33 pm | lanka C news
මට වසර ගණනාවක් හිර දඬුවම් ලැබෙනවා.. යලිත් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි..- තමන්ගේ නඩු තීන්දුවත් රන්ජන් කලින්ම කියයි..

තමන්ට වසර ගණනාවක බරපතළ වැඩ ඇතිව සිර දඬුවම් ලැබෙනු ඇති බව දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සඳහන් කර ඇත.

ඔහුගේ සුදු බැලීමට ගිය සමීප කිහිපදෙනකු සමඟ ඔහු මේ බව සඳහන් කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමනට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වන නඩුවේ තීන්දුව නුදුරෙහි දීම ලැබීමට නියමිතව ඇති බව කියමිනි.

පවතින තත්ත්වය මත තමන්ට මෙම නඩුවෙන් සිර දඬුවම් ලැබෙනු ඇති බවත් ඔහු සඳහන් කර තිබේ.

එමෙන්ම දැනට චෝදනා එල්ල වන අධිකරණයට බලපෑම් කිරීම මත ද තමනට නැවතත් සිර දඬුවම් ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව තමන් දීර්ඝ කාලයක් සිර දඬුවම් හිමිවනු ඇති බවත් බොහෝ දුරටත් නැවතත් තමන් පාර්ලිමේන්තුවේ දැකීමට ඉඩ නොලැබෙනු ඇති බවත් ඔහු පවසා තිබේ.

59,136 Viewers

29 Comments to “මට වසර ගණනාවක් හිර දඬුවම් ලැබෙනවා.. යලිත් පාර්ලිමේන්තු එන්න බැරිවෙයි..- තමන්ගේ නඩු තීන්දුවත් රන්ජන් කලින්ම කියයි..”

  1. HENA says:

    තමරා ඇයි ඔයතරම් අවුල ඌ උබටත් බැක් සයිඩ් කලාද?

    kalakanni..deshapalanayata awith ratama arajika karapu hathikare

  2. jagath says:

    duminda helikopter eken eliyata

Main News