මට වැඩේ වැරදුනා.. මෛත‍්‍රි කලේ බුද්ධිමත් වැඩක්..- හිටපු ජනපති මහින්ද ජනපති මෛත‍්‍රිව අගයයි..[Video]

September 8, 2018 at 11:03 pm | lanka C news
මට වැඩේ වැරදුනා.. මෛත‍්‍රි කලේ බුද්ධිමත් වැඩක්..- හිටපු ජනපති මහින්ද ජනපති මෛත‍්‍රිව අගයයි..[Video]

තමන් වසර දෙකකට කලින් ජනාධිපතිවරණයක් කැඳවා වරද්දාගත් බවත් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම වැරැද්ද නොකිරීම මොලේ ඇති වැඩක් බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නියමිත කාලයට දිනක් හෝ කලින් ජනාධිපතිවරණයක් කැඳවන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසීය.

අවසන් දිනය තෙක්ම ධුරයේ සිටීම බුද්ධියත් වැඩක් බවත් යැයිද රාජපක්‍ෂ මහතා පැවැසීය.

ඔහු මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සුවදුක් විමසීම සඳහා කෑගල්ල බන්ධනාගාරයට ගිය අවස්ථාවේ එහි සිටි මාධ්‍යවේදීන් අමතමිනි.

97 views
Main News