මට විදුලි සංදේශ හා ඩිජිටල් ඇමතිකම එපා.. ටෙලිකොම් එකේ මට කිසිම පාලනයක් නෑ..- ඇමති හරීන්

August 11, 2017 at 10:00 am | lanka C news
මට විදුලි සංදේශ හා ඩිජිටල් ඇමතිකම එපා.. ටෙලිකොම් එකේ මට කිසිම පාලනයක් නෑ..- ඇමති හරීන්

මට මේ අමාත්‍යාංශයේ කිසිම වැඩක් නැහ, දැන් හරි වෙනත් අමාත්‍යාංශයක් දෙන්න, ටෙලිකොම් සමාගමේ කිසිම දෙයකට අත ගහන්න මැදිහත් වෙන්න ඇමතිවරයා හැටියට මට බලයක් නැහ. මට විදුලි සංදේශය හා ඩිජිටල් අමාත්‍යාංශය ලැබුනට මම ටෙලිකොම් ආයතනයට ගියේ අවස්ථා දෙක තුනකදි පමණයි, ඒත් උත්සව වලට සහභාගි වීමටයි යනුවෙන් විදුලි සංදේශය හා ඩිජිටල් අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කල බව අද ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

එමෙන්ම ශ්‍රි ලංකා ටෙලිකොම් හි සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරු පී.ජී. කුමාරසිංහ ය, ලාෆ් ගැස් අධිපති ඩ්බ්ලිව්, කේ. වෑගපිටිය ඇතුළු අධ්‍යක්ෂවරු පත් කොට ඇත්තේ ද ජනාධිපතිවරයා විසිනි. එහෙත් මෙම අමාත්‍යාංශයේ නම සඳහන් විදුලි සංදේශය කොමිසම තිබෙන්නේ ජනාධිපතිවරයා යටතේ ය, එහි සභාපති ජනාධිපති ලේකම් ය එම ආයතනය හරහා මහා පරිමාණ වංචාවක් සිදු වී ඇති බැව් එජාපයේ වෙබ් අඩවියක් වාර්තා කොට ඇත. Link

එය බැදුම්කර මගඩියට නොදෙවෙනි මහා පරිමාණයේ වංචාවකි. එය ජනාධිපති කාර්යාලය හරහා සිදු වි ඇති බැව් දූෂණ විරෝධී ප්‍රජාතන්ත්‍රවාදීයෝ නිවේදනයක් නිකුත් කරමින් පවසනුයේ ද මේ වනවිට ඩොලර් මිලියන 25 ක එනම් රුපියල් බීලියන 3 කට වඩා මුදලකට අලෙවි වන ආණ්ඩුව සතු මෙවන් වටිනා “සංඛ්‍යාත” 8 ක් රජයේ කිසිම ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එක්තරා සමාගමකට ලබාදීමට ජනාධිපති කාර්යාලය යටතේ ඇති ශ්‍රීලංකා විදුලි සංදේශය නියමාක කොමිසම කටයුතු කිරීම හරහා අති විශාල දූෂණයක් යහපාලන රජය යටතේ සිදු වී ඇති බැව් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

55 views

6 Comments to “මට විදුලි සංදේශ හා ඩිජිටල් ඇමතිකම එපා.. ටෙලිකොම් එකේ මට කිසිම පාලනයක් නෑ..- ඇමති හරීන්”

  1. kalawana says:

    Yahapaalana.. neela horu,….

  2. Kolitha says:

    Mahindata wiruddawa pacha kiyala thamantama digital karagaththa neda…paw..

  3. kumara says:

    නෙලුම් කුළුනේ ටිකට් කඩන්න පුලුවන් පෙඩ්ඩක් ඉනන් තව මාස කිහිපයක්

  4. Lapaya says:

    Mewata thamayi kiyanne illagena dijital kara gannawa kiyala.

  5. Niru says:

    Agree with Kumara. Good job for Raviya as well Cos he has Lottery experience. But even from that these buggers will siphon money.

  6. බිකා මල්ලි says:

    අය්යෝ ඕවා මොන බිකක්ද? ලුණු නැව් වාරයේ තියෙනවා.මුන් මුදේ තියෙන ඒවත් කනවෝ.

Main News