මට වුණේ අසාධාරණයක්.. මං පවු…- රවි කරුණානායකගේ නීතීඥයින්ගෙන් බැදුම්කර කොමිසමට ලිපියක්..
November 5, 2017 at 2:10 pm | lanka C news
පසුගියදා බැඳුම්කර කොමිසම හමුවේ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ විසින් ඉදිරිපත් කරන ලද දැක්වීමක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකගේ නීතිඥවරුන් විසින් බැඳුම්කර කොමිසම වෙත ලිපියක් යවා තිබේ.
එහි සඳහන් කර ඇත්තේ ,බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂිකාරියක වූ අනිකා විජේසූරියට එල්ලවූ , මරණ තර්ජන හමුවේ රටින් පලායාම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ද සිදුකරන්නැයි ඉල්ලීම් කරමිනි.
අනිකා විජේසූරියට මරණ තර්ජන එල්ල කර ඇතැයි යසන්ත කෝදාගොඩ විසින් බැඳුම්කර කොමිසම හමුවේ දැනුම් දුන්නද ඒ පිළිබඳ කිසිඳු පොලිස් පැමිණිල්ලක් මෙතෙක් සිදුකර නොමැති බවද ,එසේම කිසිඳු විමර්ශනයක් හෝ සිදුකිරීමට අතිරේක සොලිසිටර් ජනරාල්වරයා කටයුතු කොට නැතැයි ද රවී කරුණානායක ගේ නීතිඥවරුන් විසින් ඉදිරිපත් කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
අනිකා විජේසූරියට හා ඇයගේ සොයුරු විජිත විජේසූරියට සිදුවූ බව කියන මරණ තර්ජන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ ශනිල් නෙත්තිකුමාර නමැත්තකුටය. එහෙත් මෙම සිද්ධියෙන් පසු ශනිල් නෙත්තිකුමාර නමැත්තා ද මෙම සිද්ධියට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නොමැති බවට කුරුඳුවත්ත පොලීසියේ පැමිණිල්ලක් කර තිබෙන බවද මෙම ලිපියේ සඳහන් වෙයි.
එසේම ශනිල් නෙත්තිකුමාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ද ගොනුකර ඇති බව ද ලිපියේ සඳහන් වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායකට දෙස් විදෙස් මාධ්‍ය මගින් එල්ල වී ඇති අයහපත් පළකිරීම් හේතුවෙන් සිදුවී ඇති අසාධාරණය සළකා බලා මෙම මරණ තර්ජන සිද්ධියට කිසිඳු සම්බන්ධයක් නොමැති රවි කරුණානායක මන්ත්‍රීවරයාට යුක්තිය ඉටුකිරීමට කටයුතු කරන ලෙසයි එම ලිපිය මගින් නීතිඥවරුන් බැඳුම්කර කොමිසමෙන් ඉල්ලා ඇත.
– sathhanda.lk
ඉතිං යකෝ බැංකු හොරැන්ට විරැද්ධවත් තවම පැමිනිල්ලක් හෝ නඩුවක් දාල නැහැනෙ. බලතල නැති බොරැ කොමිසන් විතරයි. නරකද ඒක ගැනත් විධිමත් පරීක්ෂනයක් පැවැත්වුවානං?
ලොවැති විශ්‍රාම නොයන එකම රස්සාව
ඇත්තේ බිහිව නොදෙවෙනිවම ප්‍රස්තාව
බැරිකල බලෙන් යන විශ්‍රාම අප රස්සාව
උරුම නැත පාර්ලිමේන්තු ඇමති රස්සාව
මටත් පව්! බන් , මූ “ඕ ලෙවල්” අන්කගණිතය” පාස් හිත හොඳ මිනිහා ,සරදියෙල් වගේ, හොරකම්කරලා දුප්පතුන්ට බෙදාදුන්නා නේ. මොන්ටිචෝරු චතුර පුතා කුණු දතත් සමග එකතුවෙලා හැමතැනම කිය කිය යනවා, සරළ මහාතටත් කොටසක් දුන් බවකුත් ඒකාගෙ කටින් පිටවුනා, “පුට් නෝට්” කාරයන්ට ත් හරි ජයලු.