මට සරමක් ඇදගෙන මහින්ද සමග එකතු වෙන්න බෑ..- ජනපති කියයි..
December 4, 2017 at 9:20 am | lanka C news
ආණ්ඩුව කරවන දෙගොල්ලන්ම ආපු දවසේ ඉදන් හොරකම් කරන්න පටන් ගත්තා. ජනාධිපතිතුමා හොරු අල්ලන්න හදනකොට ආණ්ඩුවේ උදවිය ඒකට විරුද්ධව කෑගහනවා යයි යහපාලන ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය හිටපු දිවුලපිටිය එජාප සංවිධායක රන්ජන් රාමනායක මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ ය.
ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ සමඟ එකතු වේදැයි මාධ්‍ය ඇසු පැනයට පිලිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා තමන් සමඟ පැවසුවේ සරමක් ඇදගෙන මහින්ද රාජපක්ෂ සමග එකතු විය නොහැකි බව තමන් සමග කියූ බවයි. ඒ නිසා එකතු නොවන බව තමන්ට ඉර හද වගේ ඒ ගැන විශ්වාසයි යන්නය.
එමෙන්ම කොමිෂන් දාලා හොරු අල්ලන කොට ජනාධිපතිතුමාට බනින්නේ හොරු බවත් බැදුම්කර කොමිසම ගැන සඳහන් කරමින් හෙතෙම පැවසී ය.
එමෙන්ම තමන් සැමවිටම කෙලින් කතා කරන පුද්ගලයකු බැවින් දිවුලපිටිය ආසනයේ සිටින වංචානිකයින් හොරුන් එකතු වී තමාගේ සංවිධායක ධූරය අහිමි කල බවත් ඉදිරියේදී තමාගේ බෙල්ල පවා අහිමි විමේ අවධානමක් ඇති බවත් හෙලිදරව් කලේ ය.
මෙයා කොහොමත් හෙලුවෙන් තමය්.
එහෙනම් ඉතින් චීත්තයක් ඇදගෙන රනියා එක්කම හිටහි හිටං.