මට සල්ලිත් එපා, රත්තරන් දියමන්තිත් එපා.. හොද බෙහෙත් හදල අපේ මිනිස්සුන්ට දෙන්න..- ආයෝජකයන්ට බෙහෙත් ඇමති කියයි..

September 5, 2020 at 10:40 am | lanka C news
මට සල්ලිත් එපා, රත්තරන් දියමන්තිත් එපා.. හොද බෙහෙත් හදල අපේ මිනිස්සුන්ට දෙන්න..- ආයෝජකයන්ට බෙහෙත් ඇමති කියයි..

මෙරට තුල බටහිර ඖෂධ නිෂ්පාදනය සඳහා කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් සමාගම් 35 කට අධික සංඛ්‍යාවක් ඊයේ දින නව ඖෂධ නිෂ්පාදන, සැපයුම්, නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මුණ ගැසිනි.

තමන්ට පසුගිය රජය සමයේ මුහුණ දීමට සිදු වූ විවිධ අපහසුතා ගැන ඔවුහු එහිදී දීර්ඝ ලෙස අදහස් දැක්වුහ.

ඒ අසා සිටි අමාත්‍යවරයා පැවසුවේ තමන්ට අල්ලස් ලෙස මුදල්, රත්‍රන් හෝ දියමන්ති අනවශ්‍ය බවත් සියලු ව්‍යපෘති කඩිනම් කර ප්‍රමිතියෙන් උසස් ඖෂධ මෙරට ජනතාවට ලබා දීමට නොපැකිලව කටයතු කරන ලෙසත්ය.

තවද තමන් යටතේ පවතින ආයතනයක කවරකු හෝ මුල්‍යමය හෝ ද්‍රව්‍යමය යමක් ලබා දෙන ලෙස බලපෑම් කරන්නේනම් ඒ බව තමන්ට දන්වන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.

නව ඖෂධ නිෂ්පාදනගාර ඇරඹීමට කැමැත්ත පළ කළ දේශීය ආයෝජකයන් 35ක් දෙනාම මාස 30 ඇතුළත කර්මාන්තශාලා ඇරඹීමට කැමැත්ත ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ සමස්ත ආයෝජනය රුපියල් කෝටි 4000/ ඇමරිකානු ඩොලර් මිලියන 200 කට අධික වේ.

ආනයනය සදහා ඉතා අධික මිලක් වැයවන පිළිකා රෝගීන්ට ලබා දෙන ඖෂධ නිපදවීම සඳහා නවීන සහිත කර්මාන්තශාලාවක් ඇරඹීමට මැලිබන් ආයතනය ඉදිරිපත්වීම විශේෂත්වයකි.

– repoter

67,583 views

25 Comments to “මට සල්ලිත් එපා, රත්තරන් දියමන්තිත් එපා.. හොද බෙහෙත් හදල අපේ මිනිස්සුන්ට දෙන්න..- ආයෝජකයන්ට බෙහෙත් ඇමති කියයි..”

  1. රජරට කොළුවා says:

    මෙි ඇමතිගෙත් කයිවරැව විතරයි වගේ.
    කාලයක් වකුගඩු ලෙඩෙි ගැන පටිට බොරැවක් කළා.
    කයිවරැ නැතිව වැඩ පෙන්නන්න. දැනටමත් රෝහල්වල අවශ්‍ය බෙහෙත් නෑ. රෝගීන් ෆාමසිවලින් තමයි සමහර බෙහෙත් ගන්නෙ. ශල්‍යකර්මවලට අවශ්‍ය සමහර දේවලුත් පෞද්ගලික ආයතනවලින් ගේන්න කියල දොස්තරල කියනවා.
    රජරට මිනිස්සු දෙපාරක් රැවටෙන්නෙ නෑ.
    දැනටම ඡන්දෙ දීපු මිනිස්සුන්ට මෙි ඇමති හමුවෙන්න බෑ. දුරකතනවලට කතාකරන්නෙ නෑ. මෙහෙම ගියොත් ලබනපාර බඩුම තමයි.

    • sahan says:

      pad sajiya. kimbula. dennama ganella ammage botthama obanta kiyapan.
      awsadha maafiyaawak hadala thaathia puthaala pilikaa roogin maraagena kaapu parajithala gana
      nodannawaa wage jada kathaa kiyana raja rata kotaluwa.. GR.ge aanduwa pathwelaa thawama
      maasa dekaka giye naha.
      sajiyage pad eka ussala balapan numbalata obina behet ethana thiyenawa.

    • RED BULL says:

      ඈ බං රජරට කොළුවො,උඹ ඇත්තටම උන්නැහේට කතා කලාද​,නැත්නම් අනුරාධපුරේ ලාල් කාන්ත ජවිපාව උඹට කීවද මෙහෙම ලියන්න කියල​.

    • රජරට තාත්තා says:

      කොලුවා බොරැ කියන්නේ. අපට මහාචාර්යවරයා මුණ ගැහෙනවා. දුරකතනයට කතා කරනවා. මූ හැරිසන්ට ජන්දෙ දුන්නේ..

    • Gamarala says:

      Well said.

    • Gamarala says:

      මෙරට කර්මාන්තශාලා වල බෙහෙත් හදන එක හොඳයි. නමුත් මෙම බෙහෙත් වල තත්වට BP හා USP ප්‍රමිතීන්ට තිබිය යුතුයි. SPMC නම ගහල ඉන්දියාවෙන් ගෙනෙන බෙහෙත් වලට වෙනදේ මෙම බෙහෙත් වලටත් නොවේවා!!!!!!!!!

  2. Kandy Gentlemen says:

    Well done Sir

  3. Aurora says:

    දේශප්‍රේමී ජනතාවගේ අගනා චන්දයට වටිනාකමක් ලබාදෙන ඔබතුමාට බොහෝම පිං. UNP, JVP, TNA, වහබින් ප්‍රමුඛ යහපාලක නඩය විනාශය කරා ගෙනගිය අපේ මාතෘ භුමිය සුඛිත මුදිත කිරීමට් ජනාධිපතිතුමාට මහත් ශක්තියක් ඔබතුමා.

  4. Dikman Aiyya says:

    BRILLIANT!……NOW,…this is the TRUE Yahapaalnaya,…. not what they corrupted fkers started in 2015

  5. Duhmhattiyaaa says:

    Naatha deiyyangema pihitai …

  6. sirisena says:

    එපා කියල ඉල්ලන්නේ මෙහෙමයි…
    රට හදන්න ඉස්සෙල්ල පොඩ්ඩක් ගොඩ යන්න ඉඩ දෙන්නකෝ
    ඊට පස්සේ බලමු

Main News