මට සිරිසගබෝ වෙන්න බෑ…- රාජිත

November 12, 2017 at 3:00 pm | lanka C news
මට සිරිසගබෝ වෙන්න බෑ…- රාජිත

නැගෙනහිර කොළඹ මුලික රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ ජාතික අඝාත මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා මුල්ගල් තැබීම සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා එම රෝහල් භූමියේ දී සිදු කරන ලදි.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“බෝනොවන රෝග සෞඛ්‍යට ඇති විශාලතම තර්ජනයක් වෙනවා. හදිසි අනතුරු, බෝනොවන රෝග ඇතිවීමට බලපා ඇති එක් කරුණක් වෙනවා. හදිසි අනතුරු වලින් වසරක දී 4000 ක් පමණ මිය යනවා. තවත් විශාල පිරිසක් පීඩාවට පත් වෙනවා. සෑම දිස්ත්‍රික්කයකම හදිසි අනතුරු සේවා මෙන්ම විශේෂ ප්‍රතිකාර සේවා ඒකක ද ස්ථාපිත කරනවා. ලියුකේමියා රෝගීන් සදහා ඇටමිදුලු බද්ධ කිරීම මහරගම අපේක්ෂා රෝහලේ දී ආරම්භ කර තිබෙනවා. තැලසීමියා රෝගීන් වෙනුවෙන් ඇටමිදුලු බද්ධ කිරීමේ මධ්‍යස්ථානය මහනුවර මහ රෝහලේ දී ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ අයවැයෙන් සෞඛ්‍ය සේවාවට රුපියල් බිලියන 235 ක මුදලක් ලැබුනා. මෙවර අයවැයෙන් ද විශාල මුදලක් ලැබී තිබෙනවා. ජාතික ආඝාත මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු වසර 2020 වනවිට අවසන් කිරීමට නියමිතයි. සෞඛ්‍ය සේවාව අද ඉතා නිවැරදිව ඉදිරියට ගමන් කරනවා. සියලුම සෞඛ්‍ය සේවකයින් තම තනතුරු වලින් ජනතාවට සේවය කළ යුතුයි. කාටවත් බලය පෙන්වීමට එය භාවිත කරන්න එපා.

බදාදා දිනවල පැවැත්වෙන මහජන දිනයට පැමිණෙන ජනතාව සියලුම ඉල්ලීම් ඉල්ලනවා. මගේ ඇමැතිකම, අහස සහ පොළාව පමණයි ඉල්ලන්නේ නැත්තේ. පුලුවන් කෙනෙක් ආවොත් මගේ ඇමැතිකමත් ඉල්ලයි. හැබැයි මම සිරිසගබෝ න්‍යායට විරුද්ධයි. රෝහල් සේවා විධිමත්ව පවත්වාගෙන යා යුතුයි. සෞඛ්‍ය සේවාවේ කම්කරු තනතුරේ නාමය මේ වන විට ඉවත් කර තිබෙනවා. නමුත් කම්කරු කියන නාමය මුලු ලෝකයටම වැදගත්. අපට තමයි හොද නැත්තේ. කම්කරු පන්තිය දිනේවා යනුවෙන් පෙළපාලිත් පවත්වනවා. කම්කරු තනතුර ඉවත් කර සෞඛ්‍ය කණිෂ්ඨ සහායක තනතුර ලෙස එය නම් කර තිබෙනවා. නමුත් පදවි නාම වෙනස් කිරීමෙන් පමණක් සේවාවක් සැපයෙන්නේ නැහැ. ඒ සදහා පදවිය දරන්නා ද සේවය සැපයීමට කැපවිය යුතුයි.

නැගෙනහිර කොළඹ මුලික රෝහල ශික්ෂණ රෝහලක් ලෙස සංවර්ධනය කරනවා. එවිට සරසවි සිසුන්ට පවා අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව හිමි වෙනවා. මෙම රෝහලේ තිබූ වටිනා ශාඛ කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ෂණයක් ද පැවැත්වෙනවා.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් සුජාතා සේනාරත්න මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, ඇතුලු නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

7 views

12 Comments to “මට සිරිසගබෝ වෙන්න බෑ…- රාජිත”

  1. Chathura says:

    රාජිත = බෝවන රෝගයක්

  2. Saradiel says:

    රාජිත ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා වංචනික ලෙස නැව් 08ක් ගෙන්වීම. ගැන සොයා බැලිය යුතුය

  3. nalaka says:

    puluwan onna ohege leekam saha puta koka dan dun dunnanam hodai

  4. SUNIMAL says:

    සෞඛ්‍ය ඇමති රාජිත රටේ ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් වෙන්කිරීමට ඇති ජනාධිපති අරමුදලේ මුදල් වලින් රුපියල් කෝටියක් ලබාගෙන ඇතිබව අනුර කුමාර දිසානායක මහතා පාර්ළිමේන්තුවේදී හෙළිදරව් කළේය. දත් ගලවා නැව්පතියෙකුවූ ලෝකයේ එකම දත් දොස්තර වන්නේද ඇමති රාජිත බව පැවසීය.

  5. love nature says:

    වර්තමාන රජයේ වගකිවයුතු තණතුරු දරණ මේ රාජිත පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදීත් රජයේ ඉහළ තනතුරු වල වෑජබුනා.

  6. gamarala says:

    පාඨලී ගහලයා සහ රාජිත ගහලයා දේශපාලණ චරිත නොව බලයට කෑදර මල පෙරේතයින්ය. බලය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මොවුන් යහ පාලනයෙන් පන්නා දෑමිය යුතුය. එසේ කිරීමට අගමෑතිවරයා සහ ජනාධිපතිවරයා කිසිදු පෑකලීමකින් තොරව කටයුතු කල යුතුය.

  7. siraa says:

    රටේ කරුමෙට උපන් ප්‍රධාන අමනයෙක්.

  8. LION says:

    මහජන මුදල් අයථ ලෙස පරිහරණය කල රාජිත ඉල්ලා අස් කරවමු.

    රාජිත ගෙදර යවන්න මහජන මතයක් හදමු.

  9. love nature says:

    රාජිත දේශපාලන ඉතිහාසය කුප්‍රකට එකක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. ජනවාරි 08 පෙරැළියෙන් පසුව මැරී ඉපදුණා සේ කතා කරන රාජිත රාජපක්ෂ රෙජිමයේ ද බලගතු ඇමැති ධුරයක් දැරුවෙකි. එපමණක් නොවේ, රාජිත එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලැබුණු පැමිණිල්ලක් අනුව කෙරෙන විමර්ශනයක් ද තිබෙන බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අක්‍රීය තත්වයට පත් කරන්නට අභ්‍යන්තර අරගලයක් රාජිත විසින් දියත් කළ බවත් විපක්ෂයේ ඇතැමුන් කරන චෝදනා පහසුවෙන් බැහැර කළ හැකි ද නොවේ.

  10. ගෝටාබය මලයා says:

    අනි මූ නුතන සිරි සඝබෝ වෙන්න හැදුවට දැන් දෙන්න තරම් ඔලුවක් තියෙන ප කෙක් නොවෙයි යකෝ තෝ. දිවේ බ්රේක් නැති දෙපත් නයෙක් විතරයි.

Main News