මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප‍්‍රකාශය මෙන්න..

May 23, 2019 at 10:12 pm | lanka C news
මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප‍්‍රකාශය මෙන්න..

බොහෝ නින්දා අපහාස මැද දීර්ඝ කාලයක් තිස්සේ තමන් වහන්සේ ඇතුළු පිරිස විසින් හෙළිදරව් කරන ලද කාරණා අද වන විට සත්‍යය වී ඇතැයි බොදුබලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කළහ.

බන්ධනාගාර ගතව සිට ජනාධිපති සමාව යටතේ නිදහස් වීමෙන් පසු සිය විහාරස්ථානය වෙත ආපසු පැමිණ එහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිමියන් මේ බව සඳහන් කළහ.

ඉදිරි කාලයේදී ඉතාම ඉවසිලිමත්ව දූරදර්ශීව කටයුතු කළ යුතුව ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

වසර ගණනාවක් රට වෙනුවෙන් දුක් වින්ද තමන් වහන්සේට දැන් හොඳටම මහන්සි යයිද කී ඥානසාර හිමියන් මින් ඉදිරියට තමන් වහන්සේ බණක් භාවනාවක් කරගෙන ශාසනික ජීවිතය ගෙන යාමට කල්පනා කර ඇතැයි කියා සිටියහ.

භික්ෂුවක් වශයෙන් සහ සිංහලයෙක් වශයෙන් තමන් මේ රටට කළ යුතු යුතුකම් සිදු කර අවසන් බව ද පැවසූ උන්වහන්සේ රට වෙනුවෙන් ජීවිතය පූජා කළ හැකි වුවත් එසේ කළ හැකි වන්නේ රටක් තිබුණොත් පමණක් යයි ද අවසන් වශයෙන් සඳහන් කලහ.

68 views

23 Comments to “මට හොදටම මහන්සියි.. බණක් භාවනාවක් කරගෙන පාඩුවේ ඉන්නවා.. මගේ වැඩ කොටස අවසන්..- නිදහසින් පසු ඥාණසාර හිමි මුල් වරට කල ප‍්‍රකාශය මෙන්න..”

  1. Sam says:

    ඔබවහන්සේ මීට අවුරුදු 3කට කලින් ඔහොම හිතුවනම් මේ ප්‍රශ්නය මෙච්චර දුර දිග යන්නේ නැහැ .සාමාන්‍ය මුස්ලිම් ජනතව කුපිත වෙන විදිහට හැසිරෙන්නේ නැතිව සන්සුන්ව මේ පිළිබඳව බුද්දි අංශ දැනුවත් කරනම් හරි. ඔබවහ්න්සෙඅලගෙ ආවේගශීලී හැසිරීම් සාමාන්‍ය මුස්ලිම් ජනතාව ත්‍රස්තවාදී පැත්තට තල්ලු කරා කියලයි හිතෙන්නේ ඔබ වහන්සේ කීවේ ඇත්ත .ඔය කලකිරීම තේරුම් ගන්න පුළුවන් .තෙරුන්වන් සරණයි .

    • G.R. Jayasundara says:

      හාමුදුරුවෝ නිහඩ වෙනවට ත්‍රස්තවාදීන්ටත් වඩා කැමති පරයො ඉත්තවා.
      ජාතියේ මළගම කැඳවන්න.තොපි හැදුවට ඒකට ඉඩ ලැබෙන්නෑ