මට 2020 ජූනි දක්වා ජනාධිපති ධුරයේ ඉන්න පුළුවන්ද..- ජනාධිපති ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි…
April 10, 2019 at 6:48 pm | lanka C news
තම ධුර කාලය අවසන් වන්නේ කවදාදැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපතිවරයා කටයුතු කිරීමට වැඩි ඉඩක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
එම පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දැනටමත් පක්ෂය තුළ සාකච්ඡාවක් ඇතිව තිබෙන බවයි.
19 සංශෝධනය වලංගු වන්නේ කතානායකවරයා ඊට අත්සන් කළ දිනයේ පටන් වන නිදා ජනාධිපතිවරයාගේ ධුරය වසර පහක් වන්නේ එම දිනයේ සිට බව තම මතය බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.
ඒ අනුව ජනාධිපතිවරයාට 2020 ජුනි මාසය දක්වා ධුරයේ රැඳී සිටීමට හැකි වනු ඇතැයි ද තමන් විශ්වාස කරන බව ඔහු කියා සිටියේය.
මොකද හදිස්සියේ නින්දෙන් නැගිට්ටා වගේ දඟලන්නේ? තව දුරටත් ස්ටේජ් වලට ගොඩ වෙලා මිනිසුන්ට ලපටි විහිළු සපයන්නද? කවි කොල, විරිදු කිය කිය ඉන්නද?