මඩකලපුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..

January 13, 2022 at 4:40 pm | lanka C news
මඩකලපුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..

මඩකලපුව ජාත්‍යන්තර ගුවන් තොටුපළ නැගෙනහිර පළාතේ අංග සම්පුර්ණ දේශිය ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කෙරේ. දේශිය හා විදේශිය සංචාරකයන්ට සේවා සැපයිම එහි අරමුණ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මේ සදහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය හා ගුවන් හමුදාව අතර ත්‍රෛපාර්ශවික ගිවිසුමකට එළඹීමට ද අපේක්ෂා කෙරේ. සිවිල් ගුවන් සේවා අධිකාරිය මෙම ගිවිසුම සැකසීම මේ දිනවල සිදු කරනු ලබයි. සිවිල් හා හමුදා මෙහෙයුම් අතර පැහැදිලි වෙන්විමක් ඇති කිරිමට මෙමගින් අපේක්ෂිතයි. ගුවන් ධාවන පථයේ උතුරු ප්‍ර දේශය ආශ්‍රිතව ගුවන්ගමන් පාලන කුළුණු, ගිනි හා  මුදවා ගැනීමේ පහසුකම් ඉදි කිරිමට ද අපේක්ෂිතයි.

ගුවන් තොටුපළ පරිශ්‍රය තුළ වාණිජ ආයෝජන අවස්ථා හදුනා ගැනිම සදහා ද විශේෂ වැඩපීළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියයි. ගුවන් සංතරණ ගණයට වැටෙන හා නොවැටෙන ආයෝජන අවස්ථා පිළිබද ව මෙහි දි අවධානය යොමු කර ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි. මඩකලපුව ප්‍ර දේශයේ සංචාරක හෝටල්, සංචාරක ක්ෂේත්‍ර යේ ක්‍රියාකාරින් සමග මඩකලපුව ගුවන් තොටුපළ ප්‍රවර්ධනය කිරිමේ විශේෂ ව්‍යාපෘතියක් ද දැනටමත් ආරම්භ කර තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් නතරවුණු යාපනය – කොළඹ සංවිධිත ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරිමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව ඊට අදාළ සමාගම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් මේ වසරේ මුල් කාර්තුව තුළ එම ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට හැකිවනු ඇතැයි ද ඇමතිවරයා විශ්වාසය පළ කරයි.

– ප්‍රදීප් අනුර කුමාර

29,232 views

9 Comments to “මඩකලපුවට ජාත්‍යන්තර ගුවන් තොටුපලක්..”

  1. Sirimal says:

    Minuwangoda big belly is trying level best to earn a handsome commission. The people have no milk powder gas food. He is dreaming of airports without planes like mattala. Nandasena Rajapakse international airport.

  2. කොමිස් කාක්කා says:

    රාජපක්ෂ ලා උන්ගේ හෙන්චයියන් ට හොරකම් කරන්න ඩොලර් බිලියන වලින් project හදලා දෙනවා

  3. සහොදරය says:

    දෙන් කෙලින්ම අරාබි මහත්තුරුන් ට නේදායො බලන්න යන්න පුලුවන්

  4. සවාධීන says:

    පිස්සුද යකෝ! සිංගප්පූරුවටත් තියෙන්නේ ඵකයි.
    ලංකාවේ තියෙන ඒවාට ප්ලේන් ඵනවද? නඩත්තු පිරිවැය, සේවක පඩි?
    ඇග තිබුනට මොලේ නැති..

    • Scandinavium doc says:

      Modayo Singapore kiyanne podi ratak. Lankawa anith eka Island ekak. Gon singithi Jeppe athal denna epa. Moda jeppa

      • saman says:

        ඔව් අපිට දැන් අඩු මේච්චරයි. ඉකමනට ඒක හදලා දෙන්න

      • සාධාරණ සමාජයක් උදෙසා! says:

        සුනඛ ධාතුවෝ! ලංකාවට මේවා දරන්න තරම් ආර්ථිකයක් නැති බව තේරෙන්න නැතිද මෝඩ බූරුවෝ. සිගති වදන්.

      • ජරාව ට වැඩ. says:

        Scandinavium doc, බූරුවෝ! ලංකාව සිංගප්පූරුව වගේ පොහොසත් රටක්ද? මත්තලට දවසකට ප්ලේන් කීයක් බානවද,?
        අද මේ ඩොලර් අර්බූද, ආර්ථික කඩාවැටීම මෙ වගේ තීරණ. දන්නේ නැති නම් කට පුක වහගන හිටපන්.

    • Ruwan Banadara says:

      ඇඟ තිබුනට මොලේ නෑ කියන කතාව නම් හරි මචං. සිංගප්පුරුව 728.6 km² වැනි භුමි ප්‍රමාණයක් ඇති කුඩා රටක්. අපේ කොළඹ දිස්ත්‍රික්කය 699 km². එහෙම බැලුවොත් දිස්ත්‍රික්ක 25ට එයාපෝට් 25ක් දෙන්න වෙනවා. මෙයාල කරන හැම වැඩේම සාධාරණිකරණය කරන ගොඩේ හෝ විවේචනය කරන ගොඩේ ඉඳගෙන ගොන් තර්ක ගේන එක නෙමෙයි අපි කල යුත්තේ. හරි තොරතුරු හොයා බලා ඒවා පිලිබඳ මහජනතාව දැනුවත් බව පෙන්වන පෝස්ටු දැමීම තමයි අපි කල යුත්තේ. වැඩි දෙනා කියන විදිහට මෙතන අකටයුතු වලට මුල් තැන ලැබෙනවා කියන එක කවුරුත් දන්නා දෙයක්. කොමිස් ප්‍රතිශතයට හොඳ අගයක් ලැබෙන ව්‍යාපෘතියක්.

Main News