මඩකලපුවේ පාසල් ගණනාවක් හිස්බුල්ලා නමට ලියා ගනී..

May 26, 2019 at 3:50 pm | lanka C news
මඩකලපුවේ පාසල් ගණනාවක් හිස්බුල්ලා නමට ලියා ගනී..

නැෙඟනහිර පළාතේ ආණ්ඩුකාර එම්. ඒ. එල්. එම්. හිස්බුල්ලා මහතා මඩකලපුව මධ්‍යම අධ්‍යාපන කලාපය තුළ පිහිටි නව පාසල් කිහිපයක් ම තමාගේ නමින් මෙන්ම තම බිරිඳ, පියා, මව සහ පුත‍්‍රයාගේ නමින් නම් කර ගෙන ඇත.

ඒ අනුව එම කලාපය තුළ මේ වන විට පාසල් 61 ක් පවතින අතර අලූතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති පාසල් කිහිපයක් ම සිය පවුලේ සාමාජිකයන්ගේ නමින් නම් කිරීම සිදුකර ඇති අතර, ඊට අමතරව නියෝජ්‍ය ඇමැති අමීර් අලි, බෂීර් සේගුඩාවුඞ් යන දේශපාලනඥයන්ගේ නම් වලින් ද පාසල් කිහිපයක් ම නම් කර තිබේ.

හිස්බුල්ලා මහතාගේ පියා වන මහමුද් අලීම්, මව වන ෆාතිමා, පුත‍්‍රයා වන අහමඞ් හිරුෂ් යන අයගේ නම්වලින් පාසල් නම් කර තිබීම විශේෂත්වයක් බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා කීය.

ඒ අනුව කාත්තන්කුඩි ෆාතිමා බාලිකා විද්‍යාලය මව නමින්ද, කාත්තන්කුඩි මහමුද් අලීම් විiාල පියා නමින් ද නම් කර ඇත. ඊට අමතරව හිස්බුල්ලා මහතාගේ නමින් පාසල් කිහිපයක් ම නම් කර තිබේ.

ඒ මහතා ආචාර්ය උපාධිය ලබාගත් පසුව එක් පාසලක් ආචාර්ය හිස්බුල්ලා ලෙසද නම් කර ඇති අතර ජයන්තියාය අහමඞ් හිරුස් විiාලය ලෙස සිය පුත‍්‍රයාගේ නමින් ද පාසලක් නම් කර ඇත.

– divaina

51 views

13 Comments to “මඩකලපුවේ පාසල් ගණනාවක් හිස්බුල්ලා නමට ලියා ගනී..”

  1. මරැසිරා says:

    වැඩි දවසක් යන්නෙ නැහැ මොහමඩුල්ලාංකා කියල මුන් අපේ රටත් නම් කරනවා.

  2. UD says:

    ඔහොම යං… අන්තවාදය උගන්වගෙන යං…
    මෛත්‍රිය කරුණාව දායාව ගැන ‌‌ලොවට කියාදෙන නිර්මල බුදු දහම යට ගියාට පස්‌සේ ඉතින් ‌මේ ලංකාවෙත් ආගමේ නාමයෙන් මිනි මරණ සත්තු මරණ අමුතුම අමනුෂ්‍යයින් පිරිසක් බිහි ‌වෙයි. ඒ්කනේ කරගන්න ඔ්නි…
    ඔච්චරයි අන්තිමට ‌වෙන්නේ

  3. අමුතු සත්තු says:

    මාර ඇමේනියාවක්නේ මූට තියෙන්නේ. අමුතුම සතෙක්…!

  4. අයියෝ සුලු දෙයක්නෙ…කවුද ඕවට කලබල වෙන්නෙ. නැගෙනහිර උගෙ බූදලේනෙ….

    බලාගෙන හිටපල්ලා මූ ඊලග පාසැල් නමය (9) නම් කරන්න යන්නෙ සහරාන් ඇතුලු මරගෙන මැරුණු ත්‍රස්තවාදීන්ගෙ නම් වලින්. එතකන් බලාගෙන ඉදිමු ඇක්ෂන් ගන්න.

  5. one shot says:

    ගුවන් තොටුපල,වරාය වැනි ස්ථානත් මුන්ගෙ නමින් නම් කරන්න යෝජනා උනොත් රනිල් හාමුගෙ නිල නොලත් ජවිපෙ බල සේනාවෙ සහයත් අනිවාරයෙන් මුන්ට ලැබෙනව​. ඒකට තමයි සංහිඳියාව කියන්නෙ.

  6. aniwa says:

    Can’t beat the no of Rajapakse colleges though

    • Dont try compare this dirty Muslim guy with the name of Rajapaksha. I can see most of UNP bosses you also suffering from Rajapaksha mania.

      At least stop this from here otherwise it will caused to big future disaster.

  7. john the baptice says:

    පළාතේ ආණ්ඩුකාර කමට මු පත් කල සිරිසේන මෙයට වග කිව යුතුය

  8. Gayantha says:

    එක පෑන් පාරෙන් එලවන්න පුලුවන් කම තියෙද්දී ජොලිසේන මහත්තයා මෙයාව හුරතල් කර කර ඉන්නවානේ. ඔක්කොම එකම කන්ඩායමක් කියන එක දැන්වත් තේරුම් ගන්න.

  9. Angoda Buva says:

    මේ හිස්බුල්ල කියන එකාට ආචාර්‍යය උපාධිය දීල තියෙන්නෙ අන්තවාදය සහ ත්‍රස්තවාදය වපුරන එක වෙනුවෙන්ද ?

    සමාවෙන්න ඕනෙ මම මේ නිකමට දැනගන්න ඇහුවෙ.

  10. Dilini says:

    Konda pana athi nayakayek hitiyanam buru agamatiyekuth naha ratath suba gamane.Kawda me pradana purawasiya thorapu mongal karayo.Me samanala rala allala sancharakayanta pennala dadawathey yana ballanta kama aran denna.

Main News