මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..

May 5, 2019 at 6:20 am | lanka C news
මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..

කොළඹ විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පල කලේය.

රට වනසන ආණ්ඩුවේ අවසාන මැයි දිනය ලෙස මෙවර මැයි දිනය ශ්‍රී ලංකාවේ කැලැන්ඩරයට එකතු වේවායි කියා ප්‍රාර්ථනා කරනවා. අද ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුවේ අසංවේදීභාවය නිසා වන්දි ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ සාමාන්‍ය ජනතාවටයි. ඒක මේ මොහොත දක්වා කෙළවරක් කර ගන්න බැරි තත්ත්වයකට පත්වෙලා. නැවත මර බියකින් රට වෙළී තිබෙනවා. ජනතාව අවිනිශ්චිත තත්ත්වයකින් පසුවෙනවා.

අපි 2015 සිට මුස්ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරකම් ගැන පාර්ලිමේන්තුවෙත් ඉන් පිටතදීත් හෙළි කළා. ආණ්ඩුව කළේ ත්‍රස්තවාදීන් දඩයම් කරනවා වෙනුවට ත්‍රස්තවාදය නැති කළ මිනිසුන් දඩයම් කිරීමයි. මේ වන්දිය තමයි රටට සහ ජනතාවට ගෙවන්න සිදුවෙලා තිබෙන්නේ.

වසර 30 ක් තිස්සේ පැවති යුද්ධයකට නායකත්වය දුන් මහින්ද රාජපක්‍ෂ මහතා මේ ත්‍රස්තවාදය මර්දනය කරන්න රජයට සහාය දෙමු කියා කිව්වා. හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් කැඳවා වාර්තාවක් ලබා ගන්න කටයුතු කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ පැවති කෙටි සාකච්ඡාවකදී මේ ත්‍රස්තවාදය ගැන නොදන්නා කරුණු බොහෝ කරුණු හෙළිදරව් වුණා.

හිටපු ආරක්‍ෂක ප්‍රධානීන් සමඟත් සාකච්ඡා කළා. ඔවුන්ගෙන් වාර්තාවක් ලබා ගත්තා. එහෙම තිබියදීත් රාජිත සේනාරත්න වගකීම් විරහිතව, තමන්ගේ පැවැත්ම උදෙසා විපක්‍ෂයට දේශපාලන වශයෙන් මඩ යන්ත්‍රය දියත් කරන්න තීන්දු කර තිබෙනවා.

මහින්ද – ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ආණ්ඩුවට උදව් කිරීමට සූදානම් වුවත්  රාජිතගේ මේ මඩ දේශපාලනය ගැන රටේම ජනතාව අනිමිසලෝචනයෙන් බලාගෙන ඉන්නවා.

කටානේ පිපිරීම් පසුව පල්ලිය ඉදිරිපිට ජනතාව විලාප දුන්නා. අපි රූපරාමුවල දැක්කා එළිය සිටි සුනඛයෙක් බුර බුර පල්ලිය දෙසට දුවනවා. ඒ සුනඛයාට තිබූ සංවේදීභාවයවත් ආණ්ඩුවට තිබුණා නම් රටට මෙවැනි විනාශයක් වෙන්නේ නැහැ. ආණ්ඩුවේ නොසැලකිලිමත්කම නිසයි මේක වුණේ.

මියගිය කෙනෙක්ට රුපියල් ලක්‍ෂ 10 ක් සහ තුවාල අයට ලක්‍ෂ 5 ක් දෙනවා කියනවා. මනුෂ්‍ය ජීවිතයට මිලක් නියම කරන්න බැහැ. ඒක වෙනම කතාවක්. නමුත් ආණ්ඩුවේ අසංවේදීභාවය නිසයි ජනතාව මියගියේ. මියගිය සෑම කෙනෙක්ම අවතක්සේරු කරන්න එපා. අවසන් මොහොතේ හෝ පුංචි සංවේදීභාවයක් තිබෙනවා නම් අවම තරමින් මියගිය කෙනෙක්ට රුපියල් ලක්‍ෂ 50 ක් දිය යුතුයි. තුවාල ලැබූවන්ගේ තත්ත්වය අනුව අවම තරමින් රුපියල් ලක්‍ෂ 25 ක්වත් දිය යුතුයි.

රාජිත සේනාරත්න මඩකලපුව ශරීයා විශ්වවිද්‍යාලය ගැන මඩ චෝදනාවක් කරනවා. රාජිත සේනාරත්නගේ ගෝත්‍රික විහිළුවලට උත්තර දිය යුතු නැහැ. සේනාරත්න පළමු බොරුව ආරම්භ කළේ 2015 ජනවාරි 15 වැනිදායි. අරලියගහ මන්දිරයේ කුමන්ත්‍රණයක් වෙනවා කිව්වා. එදා සිට බොරු යන්ත්‍රය කොපමණද? පැයේ, ෂති මාසික බොරු කියනවා. ඔහුට කිසිම චකිතයක් නැහැ. ඩොලර් මිලියන ගණන් බැංකු ගිණුම්වල. ආවා කල්ලියත් ගෝඨාගේ කල්ලියක් කිව්වා.

කරුණාකරලා මිනිසුන් සම්බන්ධයෙන් කරන චෝදනා ගැන මීට වඩා සැලකිලිමත් විය යුතුයි. සත්‍ය බිඳක්වත් නොමැති රාජිතගේ ප්‍රකාශවලට එරෙහිව නීතිමය පියවර ගන්නවා. අනුන්ට එරෙහිව කරන මෙවැනි අසික්කිත ප්‍රකාශ ප්‍රචාරය කිරීමේදී දෙපාරක් හිතන්න. රාජිත සේනාරත්න ප්‍රා කල්ලිය හදාගෙන සිටි කාලයේදී තමයි අපි මාධ්‍ය ක්‍ෂේත්‍රයට ආවේ. එදා සිට තවමත් මේ රටට බොරුවක් කියලා නැහැ.

වෘත්තීය පුහුණු ඇමැතිවරයා හිටි කාලයේදී විශ්වවිද්‍යාල වෘත්තීය පුහුණු ආයතන 25 ක් ඇති කරන්න තීන්දුවක් ගත්තා. 20 ක් ආණ්ඩුවේ ආයතන. 5 ක් පෞද්ගලික ආයතන. පහෙන් තුනක් අපි ආරම්භ කළා. 20 න් හයක් අපි ආරම්භ කළා. මීට වඩා ඉදිරියට යන්න අපිට පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ කියන මඩකලපුවේ විශ්වවිiාලය ආරම්භ කිරීමට අවසරය දුන්නේ පාඨමාලා තුනක් වසර තුනකටයි. .

2013 අගෝස්තු 15 වැනිදා මේ ගිවිසුම අත්සන් කළේ. ඒ පාඨමාලා ශරීයා පාඨමාලා නෙමෙයි. වෘත්තීය පුහුණු පාඨමාලා තුනක් සහ දෙකක් කෙටි කාලීන පාඨමාලා වශයෙන් අවසරය දුන්නා. 2016 වසරේදී අවසන් වෙනවා. ඉන් පසුව සිදු වූ සිද්ධීන්වලට රාජිත සේනාරත්න මහතා වගකිව යුතුයි. රාජිත සේනාරත්න විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දුන් ලිපි ලේඛන අපි ෂතුව තිබෙනවා. මහින්ද රාජපක්‍ෂ රජය යටතේ වෘත්තීය පුහුණු පාඨමාලා ඇරෙන්න කිසිම ආකාරයක විශ්වවිද්‍යාලයක් වෙනුවෙන් අවසරය දුන්නේ නැහැ. රාජිත කියන්නේ පට්ටපල් බොරු. ගෝඨාභය භීතිකාවෙන් පෙළෙන රාජිත සේනාරත්න ඇතුළු එජාපයටත් කියන්නේ මේවා ගැන සාකච්ඡා කරමු. රට භීතියෙන් වෙළාගෙන සිටින මේ මොහොතේ මඩ ප්‍රචාර කරන්න එපා. කිසිදු ජාතිවාදී, ආගම්වාදී කිසිම තීන්දුවක් එදා සිටම අරගෙන නැහැයි කියා වගකීමෙන් කියනවා.

– චාමින්ද කරුණාරත්න

62,090 Viewers

3 Comments to “මඩකලපුව විශ්ව විද්‍යාලය ගැන නොදන්න කතාව මෙන්න..”

  1. Ariyathilaka says:

    අප බොහෝ වාර ගණනක් අවධාරණය කළ කරුණක් වන්නේ මුසල්මානයන්ට අන්තවාදී අදහස් වපුරන, ඒ තුලින් ත්‍රස්තවාදයට පොළඹවන, ෂරියා නීතිය ක්‍රියාත්මක කරවන අල්-කුර්ආනයේ, අපරාධ සංඛ්‍යාවට ගැනෙන, අපරාධ නඩු විධාන සංග්‍රහයට, දණ්ඩ නීති සංග්‍රහයට, හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව, විරෝධීව පවතින කුර්ආන් පාඨ වාරණය පිණිස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ආයු බව ය. බොහො කුර්ආන් පාඨ කුමට? එක් පාඨයක් ඒ අන්තවාදී ත්‍රස්තවාදය පෝෂණයට ප්‍රමාණවත් වේ. එවැනි කුර්ආන් පාඨ බහුල නම් කියනුම කවරේද? අන්තවාදී ත්‍රස්තවාදයට, බුර බුරා නගින ගින්නකට පිදුරු දමන්නා සේ අපරාධ සංඛයාවට ගැනෙන කුර්ආන් පාඨ අන්තවාදයට සාධකව පවතී. මතවාදීව අන්තවාදය ව්‍යාප්ත වන තාක් මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය පිටු දැකිය නොහැකි වනවා ඇත. අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මර දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය… අල්-කුර්ආනයේ වගන්ති 6666 අතර එකකට එකක් සම්බන්ධිතව මෙවැනි හා මේ හා සමාන වගන්ති බොහෝ ඇත. අන්තවාදී ත්‍රස්තවාදය පිටු දැකීම පිණිස රහසිගත කුමන්ත්‍රණවාදී අධ්‍යාපනයට වැට බැදිය යුතු බව අවධාරණය කරමු.

  2. Sun says:

    Some have no policies or making money somehow policy are the boundaries. Voters are trapped money makers come and preach. Country is going and nothing is happening. Money is going to the pockets. They keep on doing . The danger is they are coming back to the soil as worms like animals due the cause and effect law.

  3. Sun says:

    Some have no policies or making money somehow policy are the boundaries. Voters are trapped in money makers come and preach. Country is going and nothing is happening. Money is going to the pockets. They keep on doing with closed eye principle . The danger is they are coming back to the soil as worms like animals due the cause and effect law.

Main News