මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්.. ප‍්‍රධානියා හිස්බුල්ලා..- ආණ්ඩුවේ ඇමති හෙලි කරයි..

May 7, 2019 at 11:20 am | lanka C news
මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්.. ප‍්‍රධානියා හිස්බුල්ලා..- ආණ්ඩුවේ ඇමති හෙලි කරයි..

මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකි බවත් පාස්කු ඉරිදා ප්‍රහාරය සැහැල්ලුවෙන් ගතයුතු නැති බවත් නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා ප්‍රකාශ කළේය.

වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතේ ශරියා විශ්ව විද්‍යාලය ආරම්භ කළා යැයි කීම, පට්ට බොරුවක් බව ප්‍රකාශ කල පරණවිතාන මහතා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ලෙසින් ආරම්භ කල ආයතනය අමාත්‍යාංශයට නොදන්වා විශ්ව විද්‍යාලයක් බවට මාරු කරගෙන තිබෙන බවද අවධාරණය කළේය.

මඩකලපුවේ ශරියා විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ මැදිහත්වීම කෙබදුද යන්න පිළිබදව මාධ්‍ය වෙත කරුණු දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වු කරුණාරත්න පරණවිතාන මහතා මෙසේද කීය.

ශරියා විශ්වවිද්‍යාලයක් කියලා දැනට ඔය මඩකළපුවෙ හදලා තියන ගොඩනැගිලිවල තවම විශ්වවිද්‍යාලයක් පටන් අරන් නෑ. ඒ පිළිබඳව විස්තරේ මෙහෙමයි. මෙම ස්ථානයේ මූලික වශයෙන් ආරම්භ කරලා තියෙන්නෙ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්. පුද්ගලික අංශයට අපේ රටේ නීතියේ හැටියට විශ්ව විද්‍යාලයක් පටන් ගන්න පුළුවන්. ඒ නීතිමය තත්ත්වය යටතේ 2014 වර්ෂයේ වෘත්තීය පුහුණු අමාත්‍යාංශයත් එක්ක අවබෝධතා ගිවිසුමක් ඇතිකරගෙන තිබෙනවා. හිරා ෆවුන්ඩේශන් කියන ආයතනයයි, මේ සදහා මූලික වෙලා තියෙන්නෙ.  මෙම ආයතනයේ නායකත්වය දරන්නෙ ඒ එල් එම් හිස්බුල්ලා මැතිතුමායි. හිස්බුල්ලා මැතිතුමාගේ හිරා පදනම සහ වෘත්තීය පුහුණු අමාත්‍යාංශය  අවබෝධතා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. වසර තුනකටයි අවබෝධතා ගිවිසුම අත්සන් කරලා තියෙන්නෙ.

වෘත්තීය පුහුණු අමාත්‍යාංශය ජාතික වෘත්තිය සුදුසුකම් 05 සහ 06 මට්ටමේ පාඨමාලා හැදෑරීම සදහා විශ්ව විද්‍යාල විද්‍යායතන ආරම්භ කළා. මෙයින් 05 ක් ආරම්භ කළේ පෞද්ගලික ආයතනත් සමග. මේ කියන මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ශිල්පී, ප්‍රමාණ සමීක්ෂණ හා තොරතුරු තාක්ෂණය හැදෑරීමේ පාඨමාලා 03 ක් සහිතව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබෙනවා. වසර 03 කටයි ගිවිසුම අත්සන් කරල තිබෙන්නේ. වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයෙන් විශ්වවිද්‍යාලය කියන සංකල්පයට මේ අය මාරුවෙලා තිබෙනවා. ඒක අමාත්‍යාංශයට දන්වලා නෑ. ඒ විශ්වවිද්‍යාලයේ උගන්වන පීඨ ගණනාවක් ඒ අය අඳුනගෙන තිබෙනවා.  නීති පීඨය, වෛද්‍ය පීඨය, මානව ශාස්ත්‍ර පීඨය ආදී වශයෙන්. ඒ අයගේ ශරියා විශ්වවිද්‍යාලය කියන එකට මේ අමාත්‍යාංශය කිසිම සම්බන්ධයක් නෑ. ගෝලීය ත්‍රස්තවාදය අපේ රටට ඇවිත් තිබෙනවා. මේ විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක් බවට පත්විය හැකියි. ඒ නිසා මේ සම්බන්ධයෙන් පහසුවෙන් සලකන්න හොඳ නෑ.

දැනට හඳුනාගෙන තිබෙනවා, මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් වැඩි දෙනෙක් ඉහළ අධ්‍යාපනයක් ලැබූ අය බව. මේ අය අපේ රටේම පාසල්වලට ගිය අය. ඒ අයගේ මොළ සේදීමකට ලක්වෙලා තිබෙනවා. ඒ දේ වෙලා තිබෙන්නේ වහාබ් වාදයේ ඉගැන්වීම් වලින්. අපේ අධ්‍යාපන ආයතනවලින් නොවෙයි. අපේ අධ්‍යාපන ආයතනවල අපි කල්පනා කරලා තිබෙනවා උගන්වනවාට අමතරව ඒ අය දිහා විමසුම් ඇසින් බලන්න. ඒ අයගේ ජීවිත ගැනත් උනන්දුවෙන් කටයුතු කරලා ඔවුන් නොමඟ නොයන ආකාරයේ වැඩසටහනක් සම්පාදනය කරන්න කටයුතු කරනවා යැයිද ප්‍රකාශ කළේය.

– ජයකාන්ත ලියනගේ

51 views

14 Comments to “මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය ගෝලීය ත්‍රස්තවාදයේ පිලිලයක්.. ප‍්‍රධානියා හිස්බුල්ලා..- ආණ්ඩුවේ ඇමති හෙලි කරයි..”

  1. UNP GAL IBBA says:

    තොප්පිය වැටුන පැත්තට හෝයියා වගේ නේද දැන් තමයි මතක්වෙලා තියෙන්නේ??

  2. Gamini M.A. says:

    EEye Hisbullah wa interview kala eka madyaweediniyak channel ekaka. Eeva balanakota hithenawa ee wagee program walin unta chance ekak hadala denawa unge adahas kiyala samajaye thiyena choodana walin nidahas wenna. ..Mokada prasna ahana kena digin digata prasna ahala weraddak wenuwen wenuwen unta warad patawa ganna beri wenawa..un lassanata niweradi karayo wela hina wela yanawa..

  3. puncha says:

    ai umbala avurudu 04 k pol gawada parayo

  4. DENZIL Havan Hennagide says:

    gon pat danna apa pako

  5. සිරිසේන says:

    ගිය සතියෙ හිරැ සලකුන – වජේදාස රාජපක්ෂ ගෙ සාකච්චාව බලන්න.

  6. sathya says:

    Stop talks………………… BAN this University/Institution. That’s all…………….. Why can not the Government do it? Easy……..
    There is so much evidence.

  7. Nuwan says:

    Approval given without any research… People are going away from main parties now including POHOTTUWA…

  8. vishnu says:

    පුටුව තරම් උස නෑ දෙන්නෙ ලොරි ටෝක්
    තොපේ මහා එකා සිකියුරිටි ජොබ් එකකට
    දාල උඹ කම්කරු වැඩක් කර ගනින්.
    G R 2020 ට ඕව සුළු වැඩ

    • sathya says:

      GR?
      GR is a Silent Killer. Islamic Extremists kill in public. That’s the only difference.

      • cw says:

        Tell your mother

      • one shot says:

        සයිලන්ට් එකේ මහ බැංකුව බිඳින කොට නුඹ උන්නේ බටලන්දේ සමණළ වදකයින් හා නිදි වදිමින්ද?

      • Bra Sira says:

        It sounds like that you are an eye witness to the Killing.

        This is your government and therefore go to the police and lodge a complaint without barking.

  9. Marusira says:

    පුදුමයි මූ මෙහෙමවත් කිවිවා යහපාලන වසලයා තෝත් මෙිවාට වගකියන්න ඔීන

  10. Nalini says:

    Such a great Sri Lankan who shoulders a single combat against in house terrorists while the powerful authorities are still silent.

Main News