මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට ලක්ෂ 3 කට අධික බැතිමතුන්….

August 16, 2018 at 2:06 am | lanka C news
මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට ලක්ෂ 3 කට අධික බැතිමතුන්….

මන්නාරම් මඩු දෙවස්ථානයේ වාර්ෂික මඩුමංගල්ලය (15) පැවති ප්‍රධාන දෙව මෙහෙයෙන් අවසන් වූ අතර ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් මඩු දේවස්ථාන භූමිය පූජා භූමියක් කිරීමෙන් පසුව පැවති පළමු මඩු මංගල්ලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේද සහභාගීත්වයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලක්ෂ තුනකට අධික බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මඩුමංගල්ලය සෑම වසරකම පැවත්වෙන අතර මෙවර දේව මෙහෙය වෙනුවෙන් දෙස් විදේස් බැතිමතුන්ද විශාල පිරිසක් සහභාගී වෙති.

මෙවර පැවති වාර්ෂික මඩු මංගල්ලය වෙනුවෙන් අවශ්‍ය සියලු පහසුකම් මන්නාරම් දිස්ත්‍රීක් ලෙකම් කාර්යාලය හරහා සපයා දී තිබුණු අතර බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන්ද පොලිස් නිලධාරීන් 500 ක් පමණ රාජකාරි කටයුතු වල නිරත වූහ.

මඩු දේවස්ථානයේ පැවති අවසන් දේව මෙහෙයෙන් පුසව මඩු මාතා පිලිරුව මඩු දේවස්ථානය වටා වීදි සංචාරය කල අතර මඩු මාතා පිලිරුව වීදි සංචාරය කරන අවස්ථාවේදී සියලු බැතිමතුන්ගේ බාර හාර මඩු මාතාවන්ට භාර කරනු ලැබීය.

මුඩු දේවස්ථානයේ අවසන් දේව මෙහෙය වෙනුවෙන් මන්නාරම් මඩු දෙවස්ථානයේ මෙන්ම උතුරු නැගෙනහිර සියලුම රදගුරුවරුන් හා පියතුමන්ලා සහභාගී වී සිටියහ.

යුද සමයේදී කොටි සංවිධානය විසින් මන්නාරම් මඩු දේවස්ථානයේ මඩු මාතා පිලිරුව පැහරගෙන ගොස් තිබූ අතර පසුව ආරක්ෂක අංශ විසින් ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව මඩු මාතා පිලිරුව නැවත මඩු දේවස්ථානයේම තැන්පත් කරනු ලැබීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

1,382 Viewers

One Comment to “මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ලයට ලක්ෂ 3 කට අධික බැතිමතුන්….”

  1. Ane mage kata says:

    Puraanaye sita pavathi ‘Pathini Amma’ devaalaya 19 veni siyavase aga bhagaye ‘Madu matha’ devalaya lesa kristhiyaanikaranaya kota puda pujaa karamin Pathini Amma vandanaava kristhiyani ayata huru kota etha. Upulvan deviyan, Katharagama deviyan Vishnu saha Kathiresan lesa Hindukaranaya kireema vagemaya.

Main News