මඩු මාතාවන්ගේ හාස්කමක්.. මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්ල්‍ය සමග නියගය නිමා වෙමින් අධික වර්ෂාවක්..
August 16, 2017 at 4:40 pm | lanka C news
මන්නාරම් මඩු දෙවස්ථානයේ වාර්ෂික මඩුමංගල්ලය ඊයේ (15) පැවති ප්‍රධාන දෙව මෙහෙයෙන් අවසන් වූ අතර ප්‍රධාන දේව මෙහෙය පවත්වනු ලැබුවේ අගරදගගුරු මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
මන්නාරම් මඩු දේවස්ථානයේ වාර්ෂික මඩුමංගල්ලය සෑම වසරකම පැවත්වෙන අතර මෙවර දේව මෙහෙය වෙනුවෙන් ලක්ෂ 07 කට ආසන්න බැතිමතුන් පිරිසක් සහබාගී වු බවට මඩු දේවස්ථාන භාර කර මණ්ඩලය සඳහන් කොට සිටියේය.
මන්නාරම් රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ හිමිපාණන් ඇතුලු තවත් පියත්මන්ලා රැසක් මඩු මංගල්ලයේ අවසන් දේව මෙහෙයට සහභාගී විය.
මෙවර මඩු මංගල්ලය වෙනුවෙන් පැමිණි බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය වූ පහසුකම් මන්නාරම් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය මඩු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මඩු පොලීසිය විසින් සපයා දී තිබුණි.
ඊයේ මඩු දේවස්ථානයේ පැවති අවසන් දේව මෙහෙයෙන් පුසව මඩු මාතා පිලිරුව මඩු දේවස්ථානය වටා වීදි සංචාරය කල අතර මඩු මාතා පිලිරුව වීදි සංචාරය කරන අවස්ථාවේදී සියලු බැතිමතුන්ගේ බාර හාර මඩු මාතාවන්ට භාර කරනු ලැබීය.
මුඩු දේව මංගල්ලය වෙනුවෙන් උතුරේ කිතුනු බැතිමතුන් සේම පුත්තලම, හාලාවත , මීගමුව ආදි ප්‍රදේශ වලින්ද කිතුනු බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
මෙවර මඩු මංගලයේ විශේෂත්වයය වූවේ මාස 06 ක පමණ කාලයක් මන්නාරම් දිස්ත්‍රීක්කයට දැඩි නියයං තත්වය පැවති අතර මඩු මංගල්ලය ආරම්භ වීමත් සමග දැඩි වර්ෂාපතනය ලැබුනු අතර එය මඩුමාතාවන්ගේ හාස්කමක් බවටද බැතිමතුන් කියා සිටියහ.
– වන්නි රොමේෂ් මධුෂංඛ