මඩු රක්ෂිතයේ මහපරිමාන දැව ජාවාරම් කල සැකකරුවන් 300 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට…
November 7, 2017 at 2:03 am | lanka C news
මන්නාරම් මඩුපාර රක්ෂිතයේ සිදු කරන ලද මහපරිමාණ දැව ජාවාරම් හේතුවෙන් මේ වසරේ (2017) ගෙවුනු කාලය තුලදී දැව ජාවාරම් 108 ක් කොට කරගනිමින් සැකකරුවන් 300 කට ආසන්න ප්රමාණයක් මඩු අඩවිවන කාර්යලය හා ගනේෂපුරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ගේ ඒකාබද්ද වැටලීම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.
අදාල වැටලීම් වලදී දැව ප්රවාහනය කරන ලද වාහන මේම දැව කැපීම සඳහා යොදාගත් උපකරණද රැසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට ඇති අතර මෙම වැටලීම් සිදු කර ඇත්තේ මඩු අඩවි වන කාර්යාලයට හා ගනේෂපුරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරට ලැබුනු තොරතුරු වලට අනුවය.
දැව ජාවාරම් කරුවන් විසින් මඩු පාර රක්ෂතියෙන් කපා ගන්නා දැව ඉතා සූක්ෂමව පලු, බුරුත, කොහොඹ වැනි දැව දිවයිනො බොහෝ ප්රදේශ වෙතට ප්රවාහනය කරන අතරම වැඩි වශයෙන් යාපනය දිස්ත්රීක්කයට ප්රවාහන කෙරෙන බවට තොරතුරු ලැබී ඇත.
පසුගිය කාලය පුරාවට මෙම දැව ජාවාරම් අත්අඩංගුවට ගැනීම සඳහා ගනේෂපුරම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ අනදෙන නිලධාරිතුමා ඇතුලු එහි නිලධාරීන්ද මන්නාරම් මඩු අඩවි වන නිලධාරී එල්.ඒ.එස්.යාපා මහතාගේ උපදෙස් පරිදි අතිරේක අඩවිවන නිලධාරී කාර්යවසම්, බීට්ටු අණදෙන නිලධාරී වරුන් වන ජයන්ත, චමින්ද, සංජීව, සිල්වා, වන ක්ෂේස්ත්ර සහකාර වරුන් වන ධනංජය, එල්.විජේරත්න,ඒ.එන්. සිල්වා, එස්.පී.මාරසිංහ, බාලසූරිය, වික්රමපාල හා දිසානායක යන නිලධාරීන් සහභාගී වී ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
කොටි පාදර් රායප්පු දකුණු ඉන්දියානු දෙමල සක්කිලි කොලනි හදන්න මන්නාරම් මඩුපාර වන රක්ෂිතය එළිකරනවා වගෙයි
විල්පත්තුවේ මුස්ලිම් කොළණි ..මඩු රක්ෂිතයේ දෙමල සක්කිලි කොළණි ..අහෝ රටකට සිදු වූ අපරාධයක් ව්නාශයක්
යමපාලනය කප්පන්අරන් නිහඩයි ‘