මඩ කතා බොරු වෙයි.. මිනුවන්ගොඩ ගැටුමේදී මධු මාධව නිර්දෝෂී බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

June 14, 2019 at 6:21 am | lanka C news
මඩ කතා බොරු වෙයි.. මිනුවන්ගොඩ ගැටුමේදී මධු මාධව නිර්දෝෂී බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

පසුගිය මැයි මස 13 වන දින මිනුවන්ගොඩදී සිදුවුණු ජාතිවාදී ගැටුම් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් (13) බුවනෙක අලුවිහාරේ, එල්.ටී.බී .දෙහිදෙණිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේ මිනුවන්ගොඩ කලහකාරී සිද්ධියට අදාළව පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණ පිළිබඳ වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.

එම විමර්ශන වාර්තා පරීක්ෂා කිරීමේදී මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගැනීමට සාක්ෂි මතු වී නොමැති බව රජයේ නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා, බස්නාහිර පළාත් උතුරු ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩබලන පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබුණි.

ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ දී ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානම් වුවද මෙම සිද්ධියට තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කාර මධු මාධව අරවින්ද මහතා තමා මෙම කලහකාරි සිද්ධියට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් අනාවරණය වී නොමැති බවද සඳහන් කළේය.

මෙම වාතාවරණය මත තමන්ව සාධාරණ පදනමක් නොමැතිව දේශපාලන හේතු මත ද්වේශ සහගත ලෙස පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමට සූදානම් වන බවත් එසේ අත් අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් පොලිසිය වෙත නිකුත් කරන ලෙසත් මධුමාධව අරවින්ද මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම නඩුවේදී පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා සමග නීතිඥ භූපති කහතුඩුව සහ තුෂාර දිසානායක යන නීතිඥ මහතුන් පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් රජයේ නීතිඥ ඉඳුනිල් පුංචිහේවා මහත්මිය පෙනී සිටියාය.

– අරවින්ද අතුකෝරල

17,050 Viewers

13 Comments to “මඩ කතා බොරු වෙයි.. මිනුවන්ගොඩ ගැටුමේදී මධු මාධව නිර්දෝෂී බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..”

  1. එක්නැලිගොඩ says:

    මදූට මඩ ගැසූ ගොන් ටොයියන්ට පව්.

    • දේවක says:

      අපේ රටේ නීතිය අනුව හිස්බුල්ලත් නිර්දෝෂයි සාක්කි නෑ. අන්තිමට පල්ලි වලට බෝම්බ ගෙනාපු එකෙකුත් නෑ මුස්ලිම් කඩ වලට ගහපු එකෙකුත් නෑ. 😀

    • saman says:

      ආාාානේ…..නීතිපති දැන් හරි හොදයි..
      තාජුඩීන් සහ ලසන්ත වික්‍රමතුංගගෙ මිනී ගොඩ දානකෝට නාකයි..

  2. යූ එන් පී අපි says:

    කෑවා කෑවා නීතිපති අපෙ ආතල් කෑවා.

  3. කමල් says:

    ඒ මඩත් ඉවරයි එහෙනම්. මංග මීලග මඩ මෙහෙයූමට සැරසෙයි දැන්.

  4. Open mind says:

    සිද්ධි වැලක් දැකගන්නට පුළුවන්. 4/21 ,5/13 නාට්‍ය වල අධ්යක්ෂ හා නළුවන් හඳුනා ගතහැකි යි. වසරේ විශිෂ්ටතම නිෂ්පාදන ය.

  5. Asaranaya says:

    එම කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පැවත්වූ පරීක්‍ෂණ පිළිබඳ වාර්තාවක් නීතිපතිට
    එවා ඇති බවත් මධුමාධව මහතා කිසිදු ආකාරයකින් ඒවාට සහභාගී වී නැති බවත් එනිසා ඔහු අත්අඩංගුවට ගැනීමක් සිදුනොවනු ඇති බවත් රජයේ නීතිඥවරිය වැඩිදුරටත් පැවසුවාය.

    ඒ අනුව එම පෙත්සම තවදුරටත් ඉදිරියට ගෙන යාමෙන් තොරව නිමාවට පත් කර ගැනීමට මධු මාධව අරවින්ද මහතා එකඟ විය.

    මඩ ප්‍රහාර ගහපු කාලකන්නීන්ට දැන් සනීපද?

  6. don katugampala says:

    madu madava nirdoshiyi , ko ara napunshaka heththa,

  7. Saman says:

    සිංහල මුස්ලිම් දේශපාලුවෝ කොහොමත් බේරෙනවා. හිඟන්නො ටිකක් හිරේ යනවා.

  8. රට වෙනුවෙන් says:

    මෙම ගැටූම් ඇතිකලෙ ආණ්ඩුවේ ම පිරිසක් බවයි මිනුවන්ගොඩ මිනිසුන් කියන්නේ. අත් අඩංගුවට ගත්තේ චොදනා වලට ලක් වුයේ අහිංසක යන්.

  9. Dahangate says:

    Oya oluwath boo Gala Thiyana Eke Siurak Daagannawa ..
    Ethakota Siyalu Paw Walin Nidos kota Nidahas

    • DESHAPREMIYO says:

      Those who attacked him verbally or using Face book regarding this matter ,better to eat excreta.It seems as sufficient evidence is not necessary to arrest only the patriotic Sinhala people.

Main News