මඩ ගහනවා, අපහාස කරනවා.. සමාජජාල වෙබ් අඩවිවලට දඬුවම් දෙන නීති ගේනවා.. කවුරු විරුද්ද වුනත් කරනවා..- ජනපති

May 24, 2017 at 9:20 am | lanka C news
මඩ ගහනවා, අපහාස කරනවා.. සමාජජාල වෙබ් අඩවිවලට දඬුවම් දෙන නීති ගේනවා.. කවුරු විරුද්ද වුනත් කරනවා..- ජනපති

සමාජ ජාල වෙබ් අඩවි සදහා සාපරාධී අපහාස කිරීම යටතේ දඬුවම් කිරීමට අවශ්‍ය නීති රීති කඩිනමින් ගෙන එන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන මහතා පවසා ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍යම කාරක සභාව අමතමිනි.

කවුරු විරුද්ද වුණත් මෙම කටයුත්ත සිදු කරන බවද පවසා ඇති ජනාධිපතිවරයා ඉන්දියාව, තායිලන්තය, චීනය ආචී රටවලද මෙම නීති රීති ක‍්‍රියාත්මක වන බවද පෙන්වා දී තිබේ.

මෙම වෙබ් අඩවි මගින් මඩ ගැසීම්, අපහාස කිරීම්, අසත්‍ය ප‍්‍රචාරය කිරීම් සිදුකරන නිසා ඒ සදහා මෙම පියවර අනිවාර්යෙන්ම ගන්නා බවද සදහන් කර ඇත.

ඇතැම් රාජ්‍ය මාධ්‍යයද මේ වන විට කටයුතු කරමින් සිටින්නේ වෙනම න්‍යාය පත‍්‍රයකට අනුව බවත් ඒවාද ඉදිරියේදී පාලනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා එහිදී වැඩි දුරටත් සදහන් කර ඇත.

177 views

41 Comments to “මඩ ගහනවා, අපහාස කරනවා.. සමාජජාල වෙබ් අඩවිවලට දඬුවම් දෙන නීති ගේනවා.. කවුරු විරුද්ද වුනත් කරනවා..- ජනපති”

  1. Aurora says:

    මෝඩයා මිනිස්සුන්ගේ මතය ප්‍රකාශ කරන්න තියන හොඳම සහ නීත්‍යනුකුල විදිය තමයි සර්වජන චන්දෙ. මහින්දට සහ පොහොට්ටුවට බයෙන් චන්දෙ කල්දම්මම සිද්දවෙන දේ තමයි වෙනස්විදියකට මහජන මතය එලියට එනඑක. තව කල් යනකොට තව තව ක්‍රම විධි එලියට එයි. චන්දෙ කල් දාන්න දාන්න මහජන විරෝධය වැඩිවෙනවා. තමුන් ඊළඟ චන්දෙන් කීයටවත් දිනන්නේ නැහැ. එදාට පාරේදී ගුටිකන එක සීමිත ආරක්ෂකයින්ට වළක්වන්නත් බැහැ. අද ජනතාව තුල තියන වෛරය මහින්දටවත් වලක්වන්න බැහැ. එනිසා තවත් ගොන්කම් නොකර ජන හඩට කන්දෙන්න. මිනිස්සු තුල මුස්ලිම් වෛරය විදිහට එලියට එන්නේ ජනවර්ගයක් විදිහට හංසයාට කතිරේ ගහපු වැරැද්ද. තමුන්ගේ ද්‍රෝහීකමට වෙනත් ජනවර්ග බිලිදෙන්න එපා.

Main News