මඩ ගහන එකේ සීමාවක් තියෙනවා…

April 12, 2021 at 5:30 pm | lanka C news
මඩ ගහන එකේ සීමාවක් තියෙනවා…

“මේ රටේ දැන් ක්‍රියාත්මක වන්නේ එක නීතියයි. යහපාලන කාලයේ දී වගේ රටේ නීතිය තමන්ගේ උවමනාවට හිතුමතේට නමන්න බැහැ.යාපනයේ නගරාධිපතිතුමාට කියලා වෙනම නීතියක් මේ රටේ නැහැ. නියපොත්තෙන් කඩන්න තියන දෙය පොරවෙන් කපන තත්වයට අපි පත් කරන්නේ නැහැ. ඒ නිසා තමයි යාපනය නගරයේ ආරක්ෂාවට යැයි පවසමින් යුද සමයේ එල්ටීටීඊ පොලිස් භටයන් භාවිතා කළ ඇඳුමට සමාන නිල ඇඳුමකින් යුතු යාපනය නගර ආරක්ෂක බලකාය නමින් ඒකකයක් පිහිටුවීම ගැන වහාම සොයා බලා කටයුතු කලේ.” යයි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ගිරිඋල්ල නගරයේ පවතින අධික රථවාහන තදබදයට පිලියමක් ලෙස නගරයේ අභ්‍යන්තර මාර්ග සියල්ල කාපට් අතුරා සංවර්ධනය කර දීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් වෙන් කර දෙන ලදි.

එම අභ්‍යන්තර මාර්ග සියල්ල කාපට් අතුරා සංවර්ධනය කරන ආකාරය සොයා බැලීම සදහා විෂයභාර අමාත්‍යවරයා සිදුකල නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්ණ වලට අමාත්‍යවරයා මෙසේ පිළිතුරු ලබා දුනි.

ප්‍රශ්ණය – පසුගිය දා මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී ඔබට චෝදනා කරනවා කතා කරන්න ලබා දෙන කාලය සහ යාපනය නගරාධිපතිතුමා සම්බන්ධයෙන්

පිළිතුර – රාසමාණික්කම් මන්ත්‍රී තුමා කිව්ව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න වෙලාව දෙන්නේ නැහැ කියලා. අපි පලවෙනි මාස තුන ඇතුළත මේ පාර්ලිමේන්තුවට පත්වුණ සෑම මන්ත්‍රී කෙනෙක්ටම අවස්ථාව දුන්නා. ඒ නිසා ජ්‍යෙෂ්ඨයන්ට සහ පාර්ලිමේන්තුවේ මීට පෙර කතා කරලා පලපුරුද්දක් තියෙන අයට ඔවුන්ගෙන් අහන ප්‍රශ්ණ වලට හරියට උත්තර දෙන්නවත් වෙලාවක් ලැබුන් නැහැ. හැම කෙනෙක්ටම වෙලාව ලබා දුන්න. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක හැටියට ඉතාමත් වගකීමෙන් මම එය කියනවා. ඒ අයට හම්බෙන කාලය වගේ කාලයක් අපේ අයට හම්බ වෙන්නේ නැහැ. එකසිය ගණනක් ඉන්නවා අපේ පැත්තේ . සීයට හැටයි හතළිහයයි බෙදෙන්නේ. ඒ වගේම යාපනය නගරාධිපති තුමා ගැන ඔහු කතා කෙරුවා. යාපනේ නගරාධිපතිතුමා ගැන කියවුනේ ප්‍රසිද්ධ නාලිකාවක. ඒ නාලිකාවේ ඇහුවා අද පොලිසියේ රාජකාරියත් නගර සභාව ද කරන්නේ , මේ රටේ නීතිය කෝ කියලා ඇහුවා. එල්ටීටීඊ නීතිය ක්‍රියාත්මක වෙද්දී අපි දැක්කා උතුරේ උසාවි ‍කොහොමද ක්‍රියාත්මක වුනේ කියලා . ඒ වගේම උතුරේ පොලිසිය එල්ටිටිඊය කාලේ ක්‍රියාත්මක උනේ කොහොමද කියලා අපි දැක්කා . පොලිසියේ රාජකාරිය කිසිම නගරාධිපති කෙනෙක්ට පාවිච්චි කරන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක ආණ්ඩුව වෙනුවෙන් ඉතාමත් වගකීමෙන් පැහැදිලිව කියනවා.

ප්‍රශ්ණය -ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා විසින් රාසමාණික්කම් මන්ත්‍රීවරයාව අත්තඩංගුවට ගන්නා ලෙස ප්‍රකාශ කලා කියා ඔහු චෝදනා කලා

පිළිතුර – රාසමාණික්කම් මන්ත්‍රීවරයා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කෙලින්ම ඇඟිල්ල දික් කළේ ආණ්ඩුවට. ඔහු කිව්වා දෙවැනි ප්‍රහාරයක් ආණ්ඩුව සැලසුම් කරනවා කියලා. ඔහු පාර්ලිමේන්තුවේ වරප්‍රසාදවලට මුවා වෙලා තමයි මේ වගේ ප්‍රකාශ කරන්නේ. මම එතුමාට කියනවා පුළුවන් නම් ඔය දේ එලියට ගිහින් කියන්න කියලා . එතුමා මගේ පෞද්ගලික මිත්‍රයෙක්. එතුමාට මම ගරු කරනවා. මඩ ගහන එකේ සීමාවක් තියෙනවා. නමුත් දෙවැනි පාරත් ආණ්ඩුවට ඇඟිල්ල දික් කරනවා නම් ප්‍රහාරයක් එල්ල කරලා කොයි වෙලේ ආයේ මිනිස්සු මරන්න යනවද දන්නේ නැහැ කියලා කිව්වාම ඒක මොනතරම් මොන තරම් බරපතළ ප්‍රකාශයක් වෙනවාද.අන්න ඒ නිසා තමා ෂෙහාන් සේමසිංහ ඇමතිතුමා මට පෞද්ගලිකව කිව්ව මේ වගේ දේවල්වලට ඉඩ දෙන්න හොඳ නැහැ කියලා. රාසමාණික්කම් මන්ත්‍රීතුමාට පුළුවන් සීඅයිඩියට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න . එතකොට පුලුවන් කව්ද මේවා සැලසුම් කරන්නේ කියලා හොයාගන්න. ඒක තමයි ‍හොදම දේ. නැතිනම් අශෝක අබේසිංහ මහත්තයට වෙච්ච දේ වෙයි එතුමාටත්. බොරු කියලා අන්තිමට කලන්තෙ දැම්මා කියලා කිව්වා නේ.

මාධ්‍ය ඒකකය
මහාමාර්ග අමාත්‍යාංශය

26,272 views

14 Comments to “මඩ ගහන එකේ සීමාවක් තියෙනවා…”

  1. (can)ස' ෆේල් says:

    කොම්පැනි වැටෙන නිසා SLS එකෙන් අනුමත පිලිකාකරක වස කාලා, අරුන්දිකගේ සුළු පරිමාන ස්ව්‍යන් රැකියා කසිප්පු වඩියක් ගහමු. පොඩි කාලයයිනේ. හදා ගන්නකන්. ගජමිතුරු සීනි වංචාවටත් සතොස හරහා ටැක්ස් එක අපිම ගෙව්වලු. එකම රටක්. හලාල් නීතියක් 😀

    • ජවිපා අලි says:

      දවසේ චුන් ඔක්කොම සරාංස කරපු ඔයාට පිං හොදේ. ඔක්කොම athal ටික පුස් වෙඩි උනා නේද බං. ඊලග එක port cityයද?

      • ජවිපා අලි says:

        මෙගා ඩීල් බෑශීල් හලාල්පක්ශ වෙනුවෙන් කුලී කොමෙන්ට් ලියන වහලෙක් මම

  2. SKF says:

    උන්ට දීල තියෙන නම ඉතා වැදගත්
    “යාපනය නගර ආරක්ශක බලකාය”.

    කොලබ නගර සභාවෙත් පාකින් ටිකට් ලියන උන් ඇති. නමුත් අපි උන්ට කියනවද ” කොලබ නගර ආරක්ශක බලකාය” කියලා.

    • Alapaluwa says:

      ස ෆේල්

    • cobra says:

      රාසමාණික්කම් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කල යුතුයි ..ඔහුට මෙවැනි බොරු චෝදනා කිරීමට ඉඩ නොදිය යුතුයි ..පාස්කු ප්‍රහාරයට වග කිව යුත්තේ පසුගිය යහපාලන ආණ්ඩුවයි ..වහාම මොහුව පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතුයි

  3. හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා says:

    පල කස්සිපුව යන්න.
    කොරන ලබ්බකුත් නැහැ. උදේ ඉඳන් පොර ටෝක් විතරයි. කොහොමත් තොපි ඔක්කොම එකතුවෙලා තමයි බොම්බේ ගැහුවේ හිටං එලවන්න. අන්තිමට දැන් කරපුව ඔහේගේ ලොකු තැනයි එයාගේ ඇමරිකන් අයියයි පස්සෙන් එනවා. මලත් අවිචියේ තමා.

    • හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා says:

      හාමිපුතා උදේ පාර්ලිමෙින්තුවෙි උමිබෑ කියලා ගොම දානවා මම එවා කාලා මෙතන ගද ගස්සලා දවසේ වියදම හොයා ගන්නවා sorryහොදේ

      • හරකෙක් එලවන්න තඩි බූරුවෙක් ගෙනා says:

        මෙගා ඩීල් බෑශීල් හලාල්පක්ශ වෙනුවෙන් කුලී කොමෙන්ට් ලියන වහලෙක් මම. අරුන්දික සර් ට පින් සිද්දවෙන්න සුළු පරිමානයෙන් කසිප්පු විකුනලා, කැලෑවක් කපලා තමයි අපි ජීවත් වෙන්නේ.

  4. විපත් මග says:

    ඉතින් පාස්කු ප්‍රහාරය ,මහ බැංකු මංකොලය මඩ ද බං.ඒ දවස් වල උබලා පතුරු ගැහැව්වේ ඒවා නේ බං

  5. John the baptice says:

    සජිත්ගේ කතා කාලය අඩුකලානම් ප්‍රශ්නය ඉවරයි සජිත් (යන්නේ කොහෙද මල්ලේ පොල් තමා)

  6. Ape Eka says:

    දැන් රජයේ ප්‍රතිපත්ති, සැලසුම් ගැන කතා කරන්න දීල තියෙන්නෙ අපූරු කට්ටියකට. ජොන්ස්ටන්, ලංසු, අනුරුද්ධ, නිශාන්ත…… එතකොට අර 69 ලක්ෂයක් ජනාධිපති තාම දොයිද? අපිට තේරෙන එකම දෙය එයා ඇහැරෙනකොට ලක්වෙලා ඉවරයි කියල තමයි.

  7. Ape Eka says:

    දැන් රජයේ ප්‍රතිපත්ති, සැලසුම් ගැන කතා කරන්න දීල තියෙන්නෙ අපූරු කට්ටියකට. ජොන්ස්ටන්, ලංසා, අනුරුද්ධ, නිශාන්ත…… එතකොට අර 69 ලක්ෂයක් ජනාධිපති තාම දොයිද? අපිට තේරෙන එකම දෙය එයා ඇහැරෙනකොට කෙලවෙලා ඉවරයි කියල තමයි.
    Reply

    • ඇට නම ලක්ෂෙ දැක්කම මට පූ න් හිනා says:

      ඇයි අවුල් වාගේද ? ඔයා බලාපොොත්තු උනේ උගත් බූජ්ජීමත් කියත් මගේ අය රජයේ ප්‍රතිපත් ති සැලසුම් ගැන කතා කරයි කියලා ද ? අයියෝ සෝරි තමා. උන් එකෙක් වත් වියත් නොව වියත් ලේබල පට්ට හොරු කියලා පස්සේ තමා දන්නේ. ඇත්තෙන්ම වියත් නම් මේ රටේ අසූචි දේශපාලනයට එයිද ? එහෙව් එකේ ඔය පාර්ලිමේ්නතු ආපු කසිප්පු කුඩු එතනෝල් විකුණන මජර අයියල හෝ ගාල පොර ටෝක් දෙනවා. අර කවුද කිව්ව හිට්ලර් බලු කුක්කෙක් වගේ නැට්ට අස්සේ ගහන් ඇස් උඩ තියං බලන් ඉන්නවා.

Main News