මඩ-බොරු ප‍්‍රචාර සම්පුර්ණයෙන් අසාර්ථකයි.. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය විශාල පසුබෑමක…

November 13, 2019 at 6:48 pm | lanka C news
මඩ-බොරු ප‍්‍රචාර සම්පුර්ණයෙන් අසාර්ථකයි.. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය විශාල පසුබෑමක…

ජනාධිපතිවරණ නියත පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂය විසින් දියත් කර ඇති මඩ සහ බොරු ප්‍රචාර මාලාව ද සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමත් සමග සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය විශාල පසුබෑමකට ලක්ව, පක්ෂ අභ්‍යන්තරයේ මත ගැටුම් උග්‍ර වෙමින් පවතින බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.ඒ මහතා මෙම අදහස් පළ කලේ කහවත්ත පොළ භූමියේ  පැවති ජන හමුවකට එක්වෙමිනි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, “බුද්ධි අංශ වාර්තා වගේම මැතිවරණය සම්බන්ධව ස්වාධීන ආයතන මගින් සිදු කරනු ලැබු සියළුම සමීක්ෂණ වාර්තා අනුව මෙවර මැතිවරණයෙන්  සජිත් ප්‍රේමදාස මහතා පරාජය වන බව තහවුරු වී තිබෙනවා. එම නිසා  මැතිවරණ අවසන් සතියේ හැකිතාක් මඩ සහ බොරු ප්‍රචාරයන් දියත් කර ඡන්දදායකයන් මුලා කිරීමට එක්සත් ජාතික පක්ෂයේ මඩ බලකාය තීන්දු කර තිබෙනවා. මංගල,රාජිත,චම්පික තමයි මෙම මඩ බලකායේ ප්‍රධාන නියමුවන් ලෙස කටයුතු කරන්නේ.

හැබැයි ගෝඨභය රාජපක්ෂ මහතාගේ වාසනාවට එතුමාට විරුද්ධව එල්ල කරන මඩ සහ බොරු ප්‍රචාර සියල්ල  අද අතේ පත්තු වෙලා. ඒ වගේම ඒ මඩප්‍රචාර එක්සත් ජාතික පක්ෂයට පරාවලල්ලක් බවට පත්වෙලා.

රාජිත සේනාරත්න මහත්තයගේ  වේශ නිරූපනය කරපු සුදු වෑන් රියදුරාට දැන් නීතියෙන් බේරීමක් නෑ.ඔහුට අනිවාර්යයනේම නීතියෙන් දඬුවම් ලැබෙනවා වගේම ඔහුව මෙහෙයවපු අයටත් දඩුවම් ලැබෙයි.

හර්ෂ දි සිල්වා,ජයම්පති වික්‍රමරත්න වගේ සමාජ පිලිගැනීමක් තිබුණු දේශපාලඥයන් පවා අද මඩ දේශපාලනයට යොමු වීම පිළිබඳ අපි කණගාටුවෙනවා. මඩ සහ බොරු ප්‍රචාර කෙසේ පැතුරුවත් ජනතාව  ඡන්දය දිය යුත්තේ කාටදැයි  දැනටමත් තීන්දු කර අවසන්.ඒ හින්දා බොරු ප්‍රචාර වලට රැවටෙන්නේ නැතිව 16 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයට ඡන්දය ප්‍රකාශ කරලා සාමකාමීව ජයග්‍රහනය සැමරීමට අපි කටයුතු කළ යුතුයි.” සෙනෙවිරත්න මහතා පැවසීය.

තව දුරටත් අදහස් දක්වමින්,එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය අතර දැන් අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙලා.සජිත් බැරිවෙලාවත් ජයගත්තොත් තමන්ට අගමැතිකම නොලැබෙන බව වික්‍රමසිංහ මහත්තයා දන්නවා.සජිත්ගේ  අගමැති වෙන්නෙ මංගල,රාජිත, චම්පික වගේම රංජිත් මද්දුම බණ්ඩාර යන ඇමතිවරු අතර සීතල යුද්ධයකුත් දැන් ඇතිවෙලා. රනිල් වික්‍රමසිංහ මහත්තයා තනතුරු දෙකක් හැමදාමත් දැරුවා.ඒක නිසා පක්ෂ නායකකමයි විපක්ෂ නායකකමයි දෙකම නැවතත් තමන් යටතට ගන්න පුළුවන් විදිහට තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කටයුතු කරමින් සිටින්නේ.

– ධම්මික තිලකරත්න

56,849 Viewers

15 Comments to “මඩ-බොරු ප‍්‍රචාර සම්පුර්ණයෙන් අසාර්ථකයි.. සජිත්ගේ මැතිවරණ ව්‍යාපාරය විශාල පසුබෑමක…”

  1. 🌷 දිනවමු 'මුතුඇටය' රටක් ලෙස🌷 says:

    දුටුව රටම ගෝඨ පමනකි ගැලවුම් විරූ ලෙස
    වසර පහක් රටවැසි විඳි දුක දැක කෲර ලෙස
    සැමහද බැඳුන සිහළ ධජය රට රැකෙන ලෙස
    එකමුතු වෙලා දිනවමු ‘මුතුඇටය’ රටක් ලෙස

  2. Kadiya says:

    ගෝඨාභය මුළු දිවයිනෙන්ම ලබන චන්ද ප්‍රතිශතය 60% ට වඩා ඉහලයි. යාපනය, කිලිනොච්චි, මඩකලපුව, ත්‍රීකුණාමලේ, මන්නාරම සහ මුලතිව් යන දිස්ත්‍රික්ක හයේ සජිත් චන්ද ලක්ෂ 6 සහ ගෝඨාභය චන්ද ලක්‍ෂ 3 ලබාගන්නවා. අනෙක් සියල්ලම 55%-70% අතර ප්‍රතිශත ලබමින් ගෝඨාභය දිනනවා. සජිත් ලබන්නේ 32% ක උපරිමයක් පමණි. JVP 5-6% ලබාගන්නා අතර තට්ටයා ඇතුළු සියලුදෙනාම 1% ලබා ගනීවී. එහෙම තත්වයක් යටතේ සජිත් බැරිවෙලාවත් ජනාධිපතිවරණය ජයගත්තොත් කියා හිතන්නේ තවත් පට්ට මොට්ටයෙක් විතරයි.

  3. 😄අලුත් උදාවක්😳😳 says:

    අබසරනය හංසයාට රටේ හිරු බැස යන
    අලුත් උදාවක් ඇරඹේ ඉරිදා රට දින වන
    හද පැලි මරු දකීද රාජිත රටින් පලා යන
    මාෂල් හැංගි බංකර් මංගල ගැහී පන යන

  4. රටවැසි says:

    මේ අනුව සියලුම unp මහත්ම මහත්මීන්ට ඔය පටලැවිල්ලෙන් මිදිලා ගෝටාටම චන්දෙ දාන්න කියමු . එතකොට අඩු ගානෙ රනිල් මහත්තයාව වත් බේරාගන්න පුලුවන් . තමන්ටත් සතුටු වෙන්න පුලුවන් ජනාධිපති පත් කරගන්න උදවු උනාය , තමන් චන්දය දුන්න කෙනා දිනුවාය කියලා .

    හැමෝටම ජයවේවා !

    • Susil says:

      The dire need of the hour is to VOTE FOR MR GR.
      Please, Please DON’T assume his win.
      Our duty is to VOTE FOR GR.

  5. PM SL says:

    යකෝ ඔක්කොම බුද්ධි තොරතුරු මුන්ට නෙ යන්නෙ

  6. kamal says:

    මගෙ ආදර සුවදැතියෙ නුඹ නැ මා ලග අද
    සොව්න් වි සිටින්නෙමි මම තනියම
    කපටි කමට නුඹ දුන්න දඩුවම එයද ප්‍රියාදරි
    මා නැ තරහ නුඹ සමග කිසිදාක

    නුඹෙ සුවද මගෙ සුවද ගැවුණු එදිනේ
    අපි වෙලුනෙමු සතුටින් සිත් සේ
    නමුත් නුඹ නැ දන්නෙ මම ගැන එදිනෙ
    නමුත් මම දැන සිටියා නුඹ ලග නැති වග ආදරෙ

    ප්‍රියාදරි නුඹ ඉදිද සුවසේ පිටරටක
    නමුත් ප්‍රියේ මනුෂත්වය නුඹගෙ මගෙ
    කොතනද ගියේ එදිනෙ ඇයි අප දෝහි වුනේ එකිනෙකාට
    කපටිකමට දෙතොල නොතැරුවේ ඇයි

    • කිරිමෙල් says:

      මේකා නම් මාර පිස්සෙක්. මෙච්චර කල් මට එහෙම හිතුනෙ නැත්තෙ අැයි?

  7. Deshadiyani says:

    Sajith mahaththayo oba paradinne obe vedikawe vairaya wapuruu obe wate siti aya nisamai.
    Vairaya dinnana baha.
    Gotata chanda ekathu kala serama mada katha kriya nisa.

    • Deshaputha says:

      Agreed with you …

      But , Sajith himself showed his foolishness. It was like the fox became the King of the jungle.

      I never thought that Sajith was such a fool. He will lose most of the new votes due to his speeches.

      He is not at all suitable for any leadership.

  8. kim says:

    ඇත්ත කතාව නම් සජිත් ගේ රැස්වීම් වලට සෙනග වැඩි බවයි.

  9. The real trouth is . (ඇත්ත කතාව නම් සජිත් ගේ රැස්වීම් වලට සෙනග වැඩි) why very most of thise people are cement bags,roof sheet ,ark ,kaciepppu,thousand rupees cil redi ,and some more.with baldy foolish people.

  10. පොඩි බයියා says:

    2015ත් ඔවැනිම බුද්ධි තොරතුරු උඹලට ලැබිල තිබුන. ඕව බුද්ධි තොරතුරු නෙමෙයි මන්ද බුද්ධි තොරතුරු.

Main News