මත්තලට එන ගුවන් යානාවලට දැවැන්ත වට්ටම් පැකේජ…

September 20, 2021 at 5:30 pm | lanka C news
මත්තලට එන ගුවන් යානාවලට දැවැන්ත වට්ටම් පැකේජ…

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කාලසටහන් ගත ගුවන් මෙහෙයුම් ආරම්භ කරන  ගුවන් සමාගම් සදහා විශේෂ සහන පැකේජයක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මත්තල ගුවන් තොටුපළ සදහා ජාත්‍යන්තර ගුවන් සමාගම් ආකර්ෂණය කර ගැනිම මෙහි අරමුණයි.

මේ අනුව මෙතෙක් මත්තල ගුවන්තොටුපළට ගුවන් මෙහෙයුම් සිදු නොකළ ජාත්‍යන්තර ගුවන් සමාගම් එම ගුවන් තොටුපළට මෙහෙයුම් ආරම්භ කරන දින සිට වසර දෙකක කාලයක් සදහා ඩොලර් 60 ක ගුවන්තොටුපළ විගමන බද්ධ අය නොකිරීමට යෝජනා වී තිබේ. ගුවන් යානා ගොඩ බැසීම් හා නැවතුම් ගාස්තු සදහා ද සහන ලබාදීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මත්තල ගුවන් තොටුපළ වෙත මෙහෙයුම් ආරම්භ කරන දිනයේ සිට වසර හතරක් දක්වා එම ගාස්තු සදහා වට්ටම් ලබාදිමට නියමිතයි. පළමු වර්ෂයේ 100% කින් ගුවන් යානා ගොඩ බැස්සවීම් හා නැවතුම් ගාස්තු නිදහස් කෙරෙන අතර දෙවන වර්ෂයේ 75%කින් ද තුන්වන වර්ෂයේ 50% ක් ද, සිව්වෙනි වර්ෂයේ 25%ක් ද නිදහස් කෙරෙනු ඇත.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ සතියකට අවම වශයෙන් එක් කාලසටහන් ගත ගුවන් ගමනක්වත් මත්තල ගුවන් තොටුපළ සදහා ක්‍රියාත්මක කිරීමට කිසියම් ගුවන් සමාගමක් ගිවිසුමකට එළඹෙන්නේ නම් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙහි පළමු වර්ෂයේ මෙහෙයුම් වල ගුවන්යානා ගොඩබැසීම් හා නැවතුම් ගාස්තු සදහා 50% ක වට්ටමක් ලබාදීම කෙරෙහි ද අවධානය යොමුව ඇති බවයි.

කොවිඩ් 19 වසංගතය ගෝලීය ගුවන් ප්‍රවාහන කර්මාන්තයට ද සැලකිය යුතු අන්දමින් බාධා පමුණුවා ඇති බවත් ඒ නිසා සමස්ථ ගුවන් කර්මාන්තයම අර්බුදයකට ලක් ව ඇති බවත් ඇමති ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙයි. මත්තල ගුවන් තොටුපළ සදහා නව ගුවන් සේවා ආරම්භ කිරීමට කැමති ගුවන් සමාගම් ඉලක්ක කර ගනිමින් මෙම සහන පැකේජය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළේ ඒ අනුව බවත්, මීට අදාළ කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඇමතිවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

– ප්‍රදීප් අනුර කුමාර

26,232 views

13 Comments to “මත්තලට එන ගුවන් යානාවලට දැවැන්ත වට්ටම් පැකේජ…”

  1. Ruwan says:

    Wikunala daapan oya jaraa air port eka tax adu karanne moktda 🤣🤣

  2. කැලණියේ නයා says:

    සෑර් මොකෝ කියන්නෙ මත්තලත් නෙලුම් කුලුන වගේ එකක් ගහල ලොහාන් ගොයිය එක පැත්තක එරාජ් ගොයිය අනික් පැත්තෙ පිස්තෝල දෙකක් තියල හිටෝමු යන ප්ලේන් වලට තග දාල මත්තලට බස්සෝ ගත්තැකි මේ යන විදිහට එහෙම තමා කරන්ඩ වෙන්නෙ.උන්ගෙන් රටට වැඩක් තියෙන්නත් එපැයි ඔය වගෙ වැඩකට ගත්තොත් මිස වෙන මොනාද උන් දන්නෙ.අනික ඉතින් මේ ඩොටේ ප්ලේන් බාන්න තුවක්කුවක් දික් කරල බාව ගත්තොත් මිස ලාබයක් ගන්න දුවන එයාලයින් වලට පිස්සුයෑ.

  3. Baමුනා says:

    සුදු අලි හදලා දැන් නිකන් දෙනවා…. මුන් නිකන් මත්තල ගියාම කොලඹ ගුවන් තොටුලල හබස්….

  4. Jude perera says:

    Colombo air port ekatath aba saranai

  5. Chamara says:

    මහජනයාට විශාල නය බරක් පටවල හදපු මහජනතාවට කිසිම වැඩක් නැති ගුවන් තොටුපොල.දැන් හදන්නෙ අති විශල වට්ටම් දීල රටට තවත් පාඩු කරන්න.ඒ විතරක් නෙමේ කොලඔට ආසන්නව ජීවත් වෙන ගුවන් මගීන්ගෙ කාලය මේ මගින් විශාල ලෙස කාදමනවා ගුවන් යානය බැස්සවූ පසු පාරේ ගමන් කිරීමට පැය ගානක් වැය වන නිසා.හැබයි මම නම් හිතන්නෙ නැහැ ප්‍රශිද්ද ගුවන් සමාගම් මේ යෝජනා වලට කැමති වෙයි කියා.

    • බත්බැලයට මොලයක් ජාතික ව්‍යපාරය says:

      කටුනායක ඉදලා කොලබට එන්ඩ පැය එකහමාරයි . මත්තල ඉදලා හයිවෙි එකේ කොලබට එන්ඩ පැය 2යි

    • ක්‍රිමිනල් says:

      මොනවා කොරන්ඩද අර ගවපාලු නාකිකොටලුවා වි ගබඩා කරලා පිස්සු කෙලියෙ නැත්තං ඒ කාලෙම මෙිවා ගොඩ. 2015 රැල්ලට පැනලා පිස්සු කෙලපු අයට තේරෙනවා නේද ඔහේලා කරපු වරදේ තරම. තාම අපි ගෙවන්නේ ඒ කරැමෙි තමයි

      • ගෞම් ඊයාරාජ් says:

        පුන්නක්කු බෛයො , ඔය ක්‍රිමිනල් කියන නමට අපහාස කරන්නෙපා , 2015 යහපාලනේ ඔකේ දාන්න තිබ්බේ වී නෙමේ ,පුන්නක්කූ , හම්බන්තොට වරාය , හම්බන්තොට සම්මන්ත්‍රණ ශාලා , ගුවන් තොටුපලවල් , පතරංග පාරවල් හදලා , රටට දුන්න ණය බර ගෙවාගන්න බැරුව අද ඉස්මොල්ලෙට ඇවිල්ලා , අපි වගේ තුන්වෙනි ලොකේ රටවලට දරාගන්න බැරි සුදූ අලි ටිකක් බස්සලා චිනෙට රට උකස් වෙන තත්වෙට වැටිලා , රටට ගේන්න අවශ්‍ය ආනයන භාන්ඩ ටික ගේන්න බැරිවෙලා ඩොලර් බිලියන ගනං වෙච්චී ණයවාරීක ගෙවන්න ඔනේ හින්දා , තොපී වගේ අමූ ගොබ්බ පකීර්ලට තියෙන්නේ අමු ගොත්‍රීක සහ ග්‍රාමීය මතවාද , ණයවෙලා බෙන්ස් එකක් ගෙනල්ලා ගෙදරට ,ලීසීන් එක ගෙවන්න කන්න බොන්න ණෑ , ගෙදරට බෙන්ස් එකෙන් ඇති වැඩකුත් නෑ , අන්තිමට වෙන්නේ ලිසීං කම්පැනිය බෙන්ස් එක උස්සගෙන යන එක. ගහගං ඔය එයාර්පෝර්ට් එකයි ,වරායයි , නෙළුම් කුලුනයි පක්ශාතභාගේ , උම්මාද ගොං බෛයි වහලා.

      • Boo says:

        ඔබ ඔය කියන කතාවට ගවපාලන නාකි කොටලුවාගෙ වහල් බයියන්ට නහුතෙට තදවෙනවා ෂුවර්. එතකොට එලියට එන ලස්සන වචන මාලාවෙන් සිංදුවක් හදන්න වුනත් පුලුවන්.

  6. sam says:

    Vattam denna oya sudu aliyata aeroplan enawada ?

  7. පොඩිරාජා කිතුල්ගල says:

    ඇමරිකාව ඔක්කෝටම වඩා බයයි චීනේට, යුධ බලේ කෙසේ වෙතත් ආර්ථික බලය අතින් චීනය ලෝකෙන්ම ඉදිරියෙන් ඉන්නේ, එක තීරණයකින් ඇමරිකාවේ ආර්ථිකය වට්ටන්න චීනේට පුළුවන් , බයිඩා දැනටමත් චීනේත් එක්ක සාකච්ඡා කරන්න පටන් අරන් ඉන්නේ ආර්ථික තරගකාරීත්ව ගැටලුව ගැන

    • ගෞම් ඊයාරාජ් says:

      ගොනෙක් වගේ කියන්න ට්‍රයි කරන දේ නොගැලපුනත් , කිව යුතු කාරනේ තමයි චේයාර්මන් ශී ගේ අයෝම හස්ථය බටහිරට අභියොගයක් වෙලා , ඒ කියන්නෙ අපි එදා කියපු චීන වියාප්තවාදය අද ඇත්තක් වෙලා , උබලා වගේ මෝඩයො රොත්තක් චීනට හුරේ දැම්මට උන් අපිට ලංවුනේ අපිට ආදරේට නෙමේ , මෝඩ උද්දච්ච පාලකයො අල්ලගෙන උන්ට ගිණි පොලියට ණය දීලා, සුදු අලි වියාපෘති බස්සලා , රටවල් උපක්‍රමිකව අල්ල ගන්නවා. කොමිස් කුට්ටියට රහවැටිලා දන්නෙම නැතුව චීනට රට සින්න වෙලා , අදායමක් නැති වියාපෘති ටික උන්ටම සින්න වෙන තත්වෙට පත්වෙලා .ඔන්න ඔකට තමයි කියන්නේ නව යටත්විජිත වාදය කියලා , රටවල් අල්ලන්නේ ණය දීලා.

Main News